🔴🔴 අමාත්‍ය මණ්ඩලය හෙට (15) ඉරිදා දිවුරුම් දෙයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    The-Cabinet-will-be-sworn-in-tomorrow-15-Sunday


    අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් කොටසක් හෙට දිවුරුම් දෙන්නට නියමිතය. මෙවර සම්පූර්ණ ඇමති ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20 කට සීමා කර ඇත.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ අගමැති තනතුර යටතේ අමාත්‍ය ධූර භාරගන්නට කැමති බව දන්වා සිටීමෙන් පසු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනද සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංගද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකරද දිවුරුම් දීමට නියමිතය.

    දිනේෂ් පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හා ප්‍රසන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වීම හේතු කරගෙන ඇමති ධූරයක් දැරීම අවශ්‍යවී ඇත.
    අත්‍යවශ්‍ය අමාත්‍යධුර මුලින් පත් කර අනතුරුව සෙසු අමාත්‍යංශ පත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව ලබන සතියේ පැවැත්වීමෙන් පසුව පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉවත්වී එජාපයේ අය ඒ වෙනුවට මන්ත්‍රීවරුන් ලෙස පත්වනු ඇති බවත් පසුව ඔවුන් ඇමති ධූර වලට පත්වනු ඇති බවත් විශ්වාස කෙරේ.

    ඒ අනුව අකිල විරාජ්, වජිර අබේවර්ධන,සාගල රත්නායක, රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන ආදීන් දෙවැනි වටයේ ඇමතිවරුන් බවට පත්වන්නට ඉඩක් පවතී.

    මේ අනුව මුලින් ඇමති ධූර ගන්නා 5 නුත් දෙවනුව ඇමති ධූර ගන්නා 5 නුත් පසු තවත් 10 දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර ඒ සඳහා ශ්‍රීලනිප හා සජබෙන් හැලී එන අය ඇමතිධූර ලබාගන්නට නියමිතය.

    නිර්පාක්ෂික බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් ගෙන්නාගෙන හෝ ඇමති ධූර ලබාදිය යුතුය යනුවෙන් අරගලයට සම්බන්ධ අය හා මහා සංඝරත්නය ඇතුළු අය ගෙනා ධනාත්මක යෝජනා මෙහිදී සැලකිල්ලට ගන්නා බවත් තවම වාර්තා නොවේ.
    අගමැති වන්නට පෙර රනිල් වික්‍රමසිංහ ජනපති හමුවී කොන්දේසි ලෙස ඉදිරිපත් කළ එකම ඉල්ලීම තමන්ගේ බහුතරය සකසා දෙන්නැයි කළ ආයාචනය බවට වාර්තා පළව තිබෙන අතර තමන්ගේ බුද්ධිය තුළින් සියලු ප්‍රශ්න විසඳාදිය හැකිය යන අධි තක්සේරු අදහසක් ලබාදී ඇතැයිද වාර්තාවී තිබුණි.එම පසුබිම තුළ රනිල් සියල්ල මෙහෙයවමින් කණ්ඩායම ලවා වැඩගන්නා ආකාරයක් නව ආණ්ඩුවේ ව්‍යුහය ලෙස පෙන්නුම් කරයි.

    මෙවර ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර ඒ සඳහා පොදු ජන පෙරමුණේ, ශ්‍රීලනිපයෙන් හැලී එන හා සජබයෙන් හැලී එන අය නම් කිරීමට නියමිත බවද වාර්තාවේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    • තවත් 10 දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර ඒ සඳහා ශ්‍රීලනිප හා සජබෙන් හැලී එන අය ඇමතිධූර ලබාගන්නට නියමිතය.
    • මෙවර ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර ඒ සඳහා පොදු ජන පෙරමුණේ, ශ්‍රීලනිපයෙන් හැලී එන හා සජබයෙන් හැලී එන අය නම් කිරීමට නියමිත බවද වාර්තාවේ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    wesige putalata aiyth denawada

    දිනේෂ් පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හා ප්‍රසන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වීම හේතු කරගෙන ඇමති ධූරයක් දැරීම අවශ්‍යවී ඇත.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    නව කැබිනට් මණ්ඩලය
    ගෝඪාභය රාජපක්ෂ - ආරක්ෂක අමාත්‍ය
    රනිල් වික්‍රමසිංහ - ආර්ථික සංවර්ධන ,තරුණ ළමා හා කාන්තා කටයුතු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය
    රවී කරුණානායක - මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය
    අකිල කාරියවසම් - අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන හා ජනමාධ්‍ය අමාත්‍ය
    සාගර රත්නායක - වරාය නාවුක හා විදේශ කටයුතු අමාත්‍ය
    රුවන් විජයවර්ධන - රාජ්‍ය ආරක්ෂක සහ සොඛ්‍ය අමාත්‍ය
    පාලිත රංගේ - කෘෂිකර්ම අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    වජිර අබේවරධන - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය
    දිනේෂ් ගුණවර්ධන - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
    අලි සබ්‍ර් - අධිකරණ අමාත්‍ය
    ජීවන් තොන්ඩමන් - පශු සම්පත්, වතු යටිතල පහසුකම් සහ වතු නිවාස සංවර්ධන අමාත්‍ය
    ජි එල් පීරිස් - ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
    හරින් ප්‍රනාන්දු - විදුලි සංදේශ සහ නව නිපැයුම් සංවර්ධන අමාත්‍ය
    කාංචන විජේසේකර - විදුලිබල හා බලශක්ති අමාත්‍ය
    කෙහෙලිය රඹුක්වැල්ල - ප්‍රවාහන
    ප්‍රසන්න රණතුංග - වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍ය
    එස් බි දිසානායක - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
    2022.05.15 දින පෙ.ව. 10.03 යෙදෙන සුභ මොහතින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දිව්‍ රුම් දීමට නියමිතය

    මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වීමට ඉඩ ඇත
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" නිර්පාක්ෂික බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් ගෙන්නාගෙන හෝ ඇමති ධූර ලබාදිය යුතුය යනුවෙන් අරගලයට සම්බන්ධ අය හා මහා සංඝරත්නය ඇතුළු අය ගෙනා ධනාත්මක යෝජනා මෙහිදී සැලකිල්ලට ගන්නා බවත් තවම වාර්තා නොවේ. ""

    This story is 100% correct. Ranil is a person who never welcome expert or veteran opinions. He does what he wants only. No place for religious leaders or educated experts in his regime for good or bad . Especially he does not care other genius than himself.

    If Ravi comes damn sorry for the whole country. It is most harmful than MR doing a government 😂😂😂
    ------ Post added on May 14, 2022 at 11:53 AM
     
    • Haha
    Reactions: Jasonbrody

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අම්මෝ ප්‍රසන්නයා ගන්නේම සංචාරක නේද? එක පාරක් Frankfurt යද්දී මූත් ගියා මුගේ advisersලා 11ක් එක්ක. advisersලා කියලා හිටියේ මුගේ ගෑනී, ළමයි, උන් බැඳලා ඉන්න උනුයි උන්ගේ අම්මයි තාත්තයි. ඔක්කොම ගියේ business class.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්මෝ ප්‍රසන්නයා ගන්නේම සංචාරක නේද? එක පාරක් Frankfurt යද්දී මූත් ගියා මුගේ advisersලා 11ක් එක්ක. advisersලා කියලා හිටියේ මුගේ ගෑනී, ළමයි, උන් බැඳලා ඉන්න උනුයි උන්ගේ අම්මයි තාත්තයි. ඔක්කොම ගියේ business class.
    Mu rata yanne Yakkala, Udugampola, Dompe merayo tika Economic, cultural, financial advisors kiyala dala ekkagena
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ප්‍රසන්නල වාගෙ උන් ඉන්න ආන්ඩු මොන් ආන්ඩුද් මේකද ජනතා පැතුම :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: buddikagayan