🔴 රනිල්ගේ කමිටුව නිසා චම්පික මග නවතී ….

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට මුල පටන්ම එකඟ වී සිටි පාඨලී චම්පික රණවක මහතා අද (14) වනවිට සිය තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    චම්පික රණවක මහතාත් ඒ මහතාට සමීප සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුත් මුල පටන්ම වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට තීරණය කර සිටියත් 2015 යහපාලන රජය සමයේ සිදුවූ වැරදි යළි සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවට එම මන්ත්‍රී කණ්ඩායම තුළ යෝජනාවක් ද තිබී ඇති බව සඳහන්.

    ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමේ සිට මේ දක්වා සිදුවූ කටයුතු ඔවුන් සමීපව නිරීක්ෂණය කර ඇති අතර වික්‍රමසිංහ මහතා යළිත් සුපුරුදු පාරේම යෑමට සූදානම් වන බවක් ඔවුන්ට පෙනී ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. විවිධ පත්වීම් සඳහා පුද්ගලයින් තෝරන ආකාරය සහ එසේ තෝරන පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබියදීම ඊයේ දිනයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටුව අනුව මේ ආණ්ඩුවට වැඩිදුර යෑමට නොහැකි වනු ඇතිය යන්න චම්පික රණවක මහතාගේ මතය වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. එම කමිටුවට පත්කර තිබුණේ රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන පස්දෙනා ය.

    ඒ තත්වය මත මේ ආණ්ඩුවත් සුපුරුදු දූෂිත තත්වයන් කරාම ගොස් මාස දෙකහමාරකින් පමණ අවසන් වනු ඇති හෙයින් එසේ මාස දෙකහමාරකට ඇමතිකමක් ලබාගෙන එතැනින්ම දේශපාලන දිවිය අවසන් කරගැනීමට තමන්ට කිසිසේත්ම වුවමනාවක් නොමැති යැයි චම්පික රණවක මහතා සිය සමීප මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය.

    LNW
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    දැන් බයියෝ
    Capture.png

    https**//www.facebook.com/100000499832041/videos/1382768522187061
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට මුල පටන්ම එකඟ වී සිටි පාඨලී චම්පික රණවක මහතා අද (14) වනවිට සිය තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    චම්පික රණවක මහතාත් ඒ මහතාට සමීප සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුත් මුල පටන්ම වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට තීරණය කර සිටියත් 2015 යහපාලන රජය සමයේ සිදුවූ වැරදි යළි සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවට එම මන්ත්‍රී කණ්ඩායම තුළ යෝජනාවක් ද තිබී ඇති බව සඳහන්.

    ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමේ සිට මේ දක්වා සිදුවූ කටයුතු ඔවුන් සමීපව නිරීක්ෂණය කර ඇති අතර වික්‍රමසිංහ මහතා යළිත් සුපුරුදු පාරේම යෑමට සූදානම් වන බවක් ඔවුන්ට පෙනී ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. විවිධ පත්වීම් සඳහා පුද්ගලයින් තෝරන ආකාරය සහ එසේ තෝරන පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබියදීම ඊයේ දිනයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටුව අනුව මේ ආණ්ඩුවට වැඩිදුර යෑමට නොහැකි වනු ඇතිය යන්න චම්පික රණවක මහතාගේ මතය වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. එම කමිටුවට පත්කර තිබුණේ රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන පස්දෙනා ය.

    ඒ තත්වය මත මේ ආණ්ඩුවත් සුපුරුදු දූෂිත තත්වයන් කරාම ගොස් මාස දෙකහමාරකින් පමණ අවසන් වනු ඇති හෙයින් එසේ මාස දෙකහමාරකට ඇමතිකමක් ලබාගෙන එතැනින්ම දේශපාලන දිවිය අවසන් කරගැනීමට තමන්ට කිසිසේත්ම වුවමනාවක් නොමැති යැයි චම්පික රණවක මහතා සිය සමීප මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය.

    LNW

    රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර methek kal ranilva ath nohara kittuven hitiya. Un pohottuve patta horu vagey nevei.