මචං රනිල් කියන්නේ නියම මනුස්සයෙක්. බොරු කියන්න ඕනේ නැහැ හොරකම් කලා තමයි. කවුද මචං මේ ලෝකේ හොරකම් කරපු නැති දේශපාලකයෙක්ට ඉන්නේ. හැබැයි රනිල් සර්ට නියම මොළයක් තියෙනවා. සර් පර්ශන ආවට කලබල වෙන්නේ නැ. සර්ට දුර දක්නා නුවනක් තියෙනවා.
රනිල් මහත්තයා කොහොම කෙනෙක්ද කියනවා නම්. ගේ පෙන්ට් කරද්දී වැඩට ආපු අයට නිදා ගන්න කාමර දීලා සර් පුටුවේ නිදා ගත්තා.
රනිල් මහත්තයා ට තැනට අනුව හැඩ ගැහෙන්න පුළුවන්. සර්ගෙ පොලිටික්ස් සමහර අයට දීර වන්නේ නැතුව ඇති ඒත් මේ වෙලාවේ හැටියට සුපිරිම බුලට් එක.
මෙහෙමයි මචං හොරු අල්ලන්න නම් මු ගේනල්ලා බැහැ.ඒක මං පිළි ගන්නවා.මං කිව්වේ දැන් රටේ තියන තත්වෙට අනුව. අපිට ලොකු චාන්ස් නැහැ බං. හොරුන්ගෙන් හොඳ හොරා තෝරා ගන්න අපිට තියෙන්නේ. අවුරුදු 70ක්ම පාට පක්ෂ නිසා රට විනාශ උනානේ.
රට බංකොලොත් නොවුන නම් අපි තාමත් අපේ පාඩුවේ නේද? රට ණය වෙනවා ගානක් නැහැ. උන් හොරා කනවා ගානක් නැහැ. මේ උණු දෙයින් නිදාගෙන හිටපු මිනිස්සු ඇහැරුනා. අපි එකතු වුණේ බඩ ගින්න නිසා නැත්නම් තාමත් ලිදේ ඉන්න ගෙම්බො වගේ.
ගොඩක් අය මෙවුන් එපා කිව්වට මේ අලුත් අය පත් කර ගන්න කාලයක් නෙවේ. බෙල්ලෙන් පහලට වතුර ගියාම ඒවා කරන්න බලමු.
මේ මාස දෙකේ මිනිස්සුන්ට තියන බලේ පෙන්නුවනේ? ඒක දිගටම තියා ගමු. තෙල් ටිකක් තියෙද්දී. කන්න බොන්න ලැබෙද්දී පරණ පාරේ වැටෙන්න එපා. අවදි වෙලා ඉන්න අපි දැන් ආයේ නිදා ගන්න බැහැ .
කොහොමත් ඉදිරි අවුරුදු ටික කටුකයි. බොරු ෆැන්ටසි ඕනේ නැහැනේ. බනින්න කෙනෙක් ඕනේ නම් කන්නාඩිය ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ ශ්රී ලංකාවේ මිනිස්සුන්ට. මේ ඔයාලා පත් කරපු අය. මිනිස්සුන්ට බනින්න බැහැ යුද්ද/ කන්න බොන්න/ ලෙඩ මේවාට බයේ කාව හරි පත් කර ගන්නවා.
