ගම්පහ, අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
අද (08) සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් විකිණීමේ වෙළෙඳ සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අවුරුදු 30 හා 34 වයස්වල පසු වන කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Ada Derana