මුන්ට ඇමති පට්ටම් ගන්නේ නැතුව සහයෝගය දක්වන්නම බෑනේ යකෝ.
ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක් බන්. උඹ හිතනවද සජබේ ආණ්ඩුව හොඳක් කලත් සහය දක්වයි කියලා. ගෝටා ජනාධිපති වෙච්ච දවසේ ඉදන් උන් ඕක කිව්වා. කොරෝනා වෙලාවේ කිව්වා. පාටලී, හර්ෂ, එරාන් වගේ උන් නම් සමහර දේවල් ඇත්තටම කතා කළා. අනිත් උන් හොඳ දේකදී හරි සහය දීපු වෙලාවක් බලපන්.
සජිය දැන් යෝජනාවක් ගෙනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. දැන් මිනිස්සු ඉල්ලන්නේ ඒකද? නැහැනේ බන්.
සජියා බැලුවේ ගොටාබයට කොහොම හරි කොන්දේසි දාලා ගෙදර යවන්න. ඒ කරලා අගමැති වෙන්න. ගෝටා ගිය ගමන් මිනිහා ජනාධිපති. JVP එකත් ඕකම තමා කරන්නේ. ඔක්කොම කලේ කොන්දේසි දාන එක විතරමයි. කොදේසි මොනවද ඒ ඔක්කොම උන්ගේ මඩිය තර කර ගන්න ඕන දේවල්. නැතුව එකක්වත් අපේ හොඳට කරපුවද. අන්තිමට තව ටික දවසකින් මිනිස්සුන්ට ඔක්කොම අමතකයි. ආයේ පොහොට්ටු සෙට් එක හොඳ මිනිස්සු වෙනවා. 225 අමතක කරමු.. මිනිස්සුවත් මේක තාම තේරුම් ගන්නේ නැහැනේ බන්.
දැන් අරගලයට වෙලා තියෙන්නේ මොකක්ද බලපන්. ගෝල්ෆේස් ඉන්නේ කවුද බලපන්. පටන් ගත්ත දවස් වල මාර ගැම්මක් තිබ්බේ. නිර්පාක්ෂික කියන වචනෙට මාර සාදාරන කමක් තිබ්බේ මුලින්. දැන් මොකක්ද එතන වෙන්නේ කියලා බලපන්. එක පක්ෂේකුයි එකෙන් කැඩිච්ච සෙට් එකකුයි එතන රජ කරනවා. ඉස්සෙල්ල අපි හිතන්න ඕන අපි ඒ පක්ෂ මෙච්චර කල් ප්‍රතික්ෂේප කලේ ඇයි. ඇයි මිනිස්සු අකමැති. ඒ කියපු කරපු දේවල් වලට මිනිස්සු අකමැති නිසයි උන්ව ප්‍රතික්ෂේප කලේ. ඉතින් උන් තාමත් එක පිළිගන්නේ නැතුව පරණ විදිහටම ඒ දේවල් ගෝල්ෆේස් එකට වෙලා දිග අරින්න පටන් අරන් දැන්. මාද්‍ය සාකච්චා තියන්නේ කවුද? ක්‍රියාකාරීන් කියන්නේ කවුද? උන්ගේ නායකයන්ට උන් බනිනවද? උන් කියන්නේ අනිත් උන්ට උන්ගේ නායකයන්ව ප්‍රතික්ෂේප කරලා අපේ නායකයාව පිලි ගනින් කියන එක. උන් එක එලි පිට කියන්නේ නැහැ. හැබැයි නොකියා කියනවා. උන් කොච්චර වෛරයෙන්ද කතා කරන්නේ බලපන්. මිනිහෙක්ට දෙයක් ඔලුවට යන විදිහට සංවේදී විදිහට කතා කරපු වෙලාවක් පෙන්නපන්. දැන් වෙලා තියෙන දේ බලපන්. මිනිස්සු එතනට යන්නේ නැහැ. මොකද එතන පක්ෂයක් ඉන්නේ කියලා හොඳට පේන්න තියෙනවා. අන්න එක නැති වෙච්ච දවසට මිනිස්සු එතනට ආපහු යයි. එහෙම වෙච්ච දවසට ආපහු මිනිස්සු අරගලයට එකතු වෙයි.
මොකද මිනිස්සුන්ට දැන් ඕන ජනාධිපති ගෙදර යන එක නෙවෙයි. තමන්ට එදිනෙදා තියෙන ප්‍රශ්න ටික කොහොම හරි විසඳ ගන්න. එකට මොකෙක් හරි එකතු වෙලා මේ වෙලාවේ මිනිස්සුන්ට විසඳුම් දෙනවා නම් මිනිස්සු එතන හිට ගන්නවා. ඊට පස්සේ තමයි system change කරන්න ඕන. එකට දේශපාලුවන්ට ඕන කරන pressure එක දෙන එක ගැන කිසිම වැරද්දක් නැහැ. මේ වෙලාවේ ජනාධිපති එලවන එකෙන් මේ ප්‍රශ්නේ තව වැඩි වෙන එක විතරයි වෙන්නේ.