😐🏏🤐 ඔන්න, දැන් ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන අයගෙ වැඩකිඩ 🤐🏏😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    මංගල තරගෙ. මීට ඉස්සෙල්ලත් විනය විරෝධී ක්‍රියාවලට අහුවුණු එකෙක්ලු. මේ වගේ එවුන්ට දැන්ම දැනෙන්න දඩුවම් නොකළොත් අනාගතේදී අකුසල් මෙන්ඩිස්ලා වගේ වගේ එවුන් ක්‍රිකට් වලට එන එක වළක්වගන්න බැරි වෙයි. දැන් නම් කියන්න තියෙන්නේ ලංකාවෙ අනිත් හැම දේකටම වගේ ක්‍රිකට් වලටත් අබ සරණයි කියලා තමයි. :dull:


    collage.jpg



    බංගලාදේශයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක කමිල් මිෂාර නැවත මෙරටට කැඳවීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත​


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අතරතුර 18 දෙනකුගෙන් යුත් සංචිතයේ සිටි එක් ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගීවන්නට හෝ අවස්ථාවක් නොලබාම නැවත සිය රටට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

    මෙයට හේතුව ලෙස මුලින් වාර්තාවූයේ ඔහු නොකල්හි වීදි සංචාරය කලේය යන්නයි.නමුත් ඒඑෆ්පී පුවත් සේවය මේ වනවිට ජාත්‍යන්තරයට වාර්තා කර ඇති පරිදි 21 හැවිරිදි ක්‍රීඩකයා නැවතී සිටි හෝටල කාමරයට අමුත්තියක කැඳවා ඇති බවත් එවැනි කටයුතු සඳහා අවසර නැති බව දැන දැනම නීති විරෝධී ක්‍රියාව සිදුකරන ලද බවත්ය.
    හෝටලයේ සීසීටීවී දර්ශන මගින් සාක්ෂි තහවුරුවීම නිසා ඔහුගේ වරද සම්බන්ධයෙන් බරපතල පියවරක් ගන්නට ක්‍රිකට් බලධාරීන්ට සිදුව ඇත. කෙසේ වෙතත් නැවත ලංකාවට පැමිණි පසු ඔහු ඒ සම්බන්ධ පූර්ණ පරීක්ෂණයකට ලක්වන අතර එහිදී තමා නිවැරදි නම් ඒ බව කිව හැකිය.

    මින් ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වීදි සංචාරයන් සිදු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් තිදෙනෙකු දිගු කලකට ක්‍රිකට් තහනමකට ලක්වූ නමුත් මෙවැනි අතට හසුවන දේවල් කර තිබුනේ නැත. විමතියට කාරණාව නම් ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් වලින් පසු ක්‍රීඩා සමාජ හරහා මතුවී අනතුරුව ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන ඉතා විරල අවස්ථාවේදී තමන්ගේ පළමු ටෙස්ට් වරම ලබාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී මෙවැනි විනය විරෝධී කටයුතු සිදු කිරීමය.

    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ සංචාරයක නිරතව සිටින අතරතුර මොහු 2019 සැප්තැම්බරයේදී, බීමතින් නොහොබිනා ලෙස හැසිරීම හේතුවෙන් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ දඬුවම් වලට ලක්වූවෙකු වන අතර මෙවර ඔහු දෙවැනි වතාවට විනය ප්‍රශ්නයකට මැදිව ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව ක්‍රීඩකයාගේ සංචාර කොන්ත්‍රාත්තුවේ දැක්වෙන පරිදි ක්‍රීඩකයාගේ හැසිරීම/හැසිරීම පාලනය කරන නීති රීති [අංක අංක 1 (j)] උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කිරීම හැර වරදක් සඳහන් කර නැත. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පවා ඔහුගේ නොහොබිනා හැසිරීම දැන් ප්‍රසිද්ධ කර අවසන්ය.



    e705750d64d9ad2ded5bab40d0c5e7e1-1024x863.jpeg



    Source: gossiplankanews.com
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    :lol::lol:
    ඕකුන් සෙට් එකම ගෙන්නලා උදැල්ලක් දීලා වගා කරන්න දෙන්න ඕන
    මුන් නිසාම cricket වුණා, දැන් match එකක් බැලුවොත් නින්ද යනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    The emerging batter had “entertained a visitor” in his hotel room, thereby violating the players’ code of conduct. “There is hotel CCTV footage that we have reviewed and we would like to interview him on what we saw,” a source was quoted by Times of India.

    රට ලෙල්ලටම වැටිලා තියෙන වෙලාවේ මූ ටුවර් එකක් අස්සේ පලවෙනි ටෙස්ට් මැච් එකට ප්ලේ කරන්න, කැප් එක ගන්න ඔන්න මෙන්න තියෙද්දී බඩු ගහන්න යනවා. යකෝ සනා ලා අර්ජුන ලා වගේ ඉවසලා ඉන්න එපැයි ☹️
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕකුන් ක්‍රිකට් ගහන්න නෙමේයි බඩු ගහන්නයි...සූදු කෙලින්නයි එන උන්... සාදාකාලිකවම ක්‍රිකට් වලින් ඇත් කරලා දැම්මේ නැත්නම් ආයි ක්‍රිකට් කියලා ජාතියක් නැති වෙනවා ලංකාවේ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    පව් පොඩි කොල්ලෙක්
    ඔය අනුකම්පාව තමයි පස්සේ භූමිකම්පාව වෙන්නේ. ඉස්සෙල්ලත් විනය කඩ කරපු එකෙක්නෙ, කිසිම බුරුලක් දෙන්න හොද නෑ.
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    රට ලෙල්ලටම වැටිලා තියෙන වෙලාවේ මූ ටුවර් එකක් අස්සේ පලවෙනි ටෙස්ට් මැච් එකට ප්ලේ කරන්න, කැප් එක ගන්න ඔන්න මෙන්න තියෙද්දී බඩු ගහන්න යනවා. යකෝ සනා ලා අර්ජුන ලා වගේ ඉවසලා ඉන්න එපැයි ☹️
    Ekane un kawadawath tour asse owa kare na. Respect pita hitiya
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ටුවර් එකක් ගිහිල්ලා ස්කෝර් නොකර ආවත්, ගහපු බඩු ගානයි තනේ සයිස් එකයි යාළුවොන්ට කියන එක වැදගත්.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    ඕකුන් ක්‍රිකට් ගහන්න නෙමේයි බඩු ගහන්නයි...සූදු කෙලින්නයි එන උන්... සාදාකාලිකවම ක්‍රිකට් වලින් ඇත් කරලා දැම්මේ නැත්නම් ආයි ක්‍රිකට් කියලා ජාතියක් නැති වෙනවා ලංකාවේ...
    ක්‍රිකට් ටීම් වල ඉන්න බඩු කරායො ටනම් මගෙ රෙස්පෙක්ට් එකක් නෑ.
    ඉස්සර හිටපු එවුන් කොච්චර හොදයිද
     
    • Like
    Reactions: Stimulus mind