ලෝක ප්‍රසිද්ධ ප්‍රවීණ ගායිකාවක් වෙන "Celine Dion" මේ වෙනකොට "Stiff Person Syndrome" (SPS) කියන "ස්වයං ප්‍රතිශක්තිකරණ ස්නායු රෝග" (Autoimmune neurological disorder) තත්ත්වයෙන් පෙළන බව හැමෝම වගේ දන්නවා ඇති. ශරීරයේ මාංශ පේෂිවල දැඩි තද ගතිය, මාංශ පේෂීවල වේදනාව වගේම පෙනීමට සහ කථනයට දැඩි බලපෑමක් කරන කාලයත් සමග ක්‍රමයෙන් දරුණු අතට හැරෙන සුව කළ නොහැකි ස්නායු රෝගී තත්ත්වයක් විදිහටයි "Stiff Person Syndrome" (SPS) කියන මේ ස්නායු රෝගී තත්ත්වය සලකනු ලබන්නේ. මේ රෝගී තත්තවය හේතුවෙන් "Celine Dion" ට තමන්ගෙ ගායන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්වන්නත් සිදුවෙලා තිබෙනවා. "Stiff Person Syndrome" (SPS) හේතුවෙන් මේ වෙනකොට "Celine Dion" ට ගත කරන්න වෙලා තිබෙන වේදනාකාරී වගේම දුෂ්කර ජීවිතය ගැන කතා කරන වගේම, "Stiff Person Syndrome" (SPS) කියන රෝගී තත්ත්වය ගැන ලෝකයා දැනුවත් කරන අරමුණත් ඇතිව "I Am: Celine Dion" නමින් අලුත්ම වාර්තා චිත්‍රපටයක් මේ වෙනකොට එළි දක්වලා තිබෙනවා. ඊයේ දිනයේදී (ජූනි 25) "Amazon Prime Video" ඔස්සේ එළි දක්වපු මේ වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නෙ "Irene Taylor Brodsky" විසිනුයි.
"Stiff Person Syndrome" (SPS) යනු
"Stiff Person Syndrome" (SPS) රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් දෙදෙනෙක්
