View attachment 259565
උඹල කියන කතාව එක්ක මමත් එකඟ වෙනව මචන්ලා. මේ මහත්තය ගැන දැනගන්න ලැබෙන්නෙ තරඟෙකට සහභාගි වෙලා ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි මේ මහත්තයගෙ පවුලට එදා ස්තූති කරපු හින්ද. මටත් මේ මහත්තයගෙ පොත් 2ක් තෑගි ලැබුණා. ආයෙ කතාවෙදි කියනව මේ සර් කොච්චර පරිසරයට ආදරය කරාද කියල... මාදම්පෙ හරි හලාවත කිට්ටුව තැනක හරි කඩොලාන කපද්දි මේ සර් ගෙදරට වෙලා ඇඬුවලු. ඒ කියන්නෙ කඩොලාන වලින් කරන සේවය ගැන නොදන්න මිනිස්සු මේ රටට කරන විනාසෙ කියල හිතල. බහුතරයක් මේ වගේ ව්‍යසනයකදි මෙහෙම කතා කළාට මචන් ආයෙමත් රේස් එකට වැටුනම මේ හැමදෙයක්ම අමතක වෙයි. නැත්තන් කරයි. ඒත්, අපිත් මේ පරිසරයෙම කොටසක් නේද කියල හිතන්න බැරි "මනුස්සයන්ගෙන්" ඇති වටිනාකම මොකක්ද කියල අහන්න හිතෙනවා... මොකක්දෝ පිනකට මේ රටේ ඉපදෙන්න ලැබෙන්න ඇති. ජීවිතේ මොන හැල හැප්පීම් වුණත්, මේ ලැබුණු අවස්ථාවට මම ණයගැති වෙනව මචන්. තව අවුරුදු 20කින් මේක සාර භූමියක් වෙද්දි ඒක දැකලම මැරෙන්න ලැබුණොත් තවත් සතුටු වෙනවා
උඹල වගේ ඇත්තටම මනස උසස් මනුස්සයොන්ගෙ හෙවණ ලබන්න අපිත් පින් කරල තියෙනවා. ස්තූතියි
------
Post added on Nov 30, 2025 at 11:27 PM