🚂 දුම්රිය දෙපාර්තමේන්තුව ෆේල් - රෙදි ගැලවෙන විගණන වාර්තාවක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    December 9, 2024 at 6:10 am | lanka C news

    දුම්රිය රෙදි ගැලවෙන විඝණන වාර්තාවක්..
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසරේදී සැලසුම් කල දුම්රිය ගමන් වාර 1,22,426 කින් නියමිත වේලාවට ධාවනය වී ඇත්තේ ගමන් වාර 36,771 ක් පමණක් බවත් ගමන් වාර 85,655 ක් ප්‍රමාද වී ධාවනය කිරීමට හෝ අවලංගු කිරීමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ 2023 වර්ෂයට අදාල විගණන වාර්තාවේ සදහන් වේ.

    දුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසරේදී මගී දුම්රිය ගමන් වාර 1,13,759 ක් සැලසුම් කර තිබූ බවද එයින් මගී දුම්රිය ගමන් වාර 36,053 ක් පමණක් නියමිත වේලාවට ගමන් කර තිබූ බවද එම විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත. නියමිත වේලාවට ගමන් කල දුම්රිය ගමන් වාර ප්‍රමාණය 30% ක් බවද අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව 2023.12.31 දක්වා කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් ලබා දීම වුවත් එම කාර්යය 2023 වසරේදී 70% කින් ආසාර්ථක වී තිබෙන බවද දුම්රිය කාර්යය මණ්ඩලය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය වෙනත් අයුරකින් කිව හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය සාර්ථක වී ඇත්තේ 30% ක ප්‍රමාණයකින් බවත් එය 70% කින් අසාර්ථක වී ඇති බවත් පෙන්වා දිය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    කාල සටහනකට අනුව දුම්රිය ධාවනය ආරම්භ කර ඇත්තේ 1865 දී වුවද එදා මෙදා තුර කාල සටහන් අනුව දුම්රිය ධාවනය නොවන බවට මගීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. මෙරට මගී ප්‍රවාහනයෙන් 6% ක ප්‍රමාණයක් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 6.5% ක ප්‍රමාණයක් දුම්රිය මගින් සිදුකරන බවද මෙම ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබෙන බවද විගණනයේදී තහවුරු වී තිබේ.

    1934 දී දුම්රිය දේපාර්තමේන්තුවේ මාර්ගස්ථ ජාලය කිලෝ මීටර් 1521 වූ බවත් එම ප්‍රමාණය 2023 වන විට කිලෝ මීටර් 1456 ක් දක්වා කිලෝ මීටර් 56 කින් අඩු වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී ඇත. මෙම අඩු වීම සිදු ව ඇත්තේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 32 ක් අළුතෙන් එක් වූ තත්ත්වයක් තුල විම බවද විගණන නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කර තිබේ.

    – ජයකාන්ත ලියනගේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලෝකයේ කාලකන්නිම රාජ්‍ය සේවය. ඕකුන් වැඩ කරන්නේ උන්ගේ ගෙදරින් ගෙනාපු බුදලේ වගේ. අවරුදු 60 70 පරණ කබල් එන්ජින්, මලකඩ කාපු පෙට්ටි, සිල්පර දිරපු රේල් පාරවල්. මොකා ආවත් මේවා Privatize කලේ නැත්නම් හැමදාම පරක්කු තමා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819

    තව ලොකු ප්‍රශ්නයක් බන් හොරෙන් යන එවුන් හා ටිකට් එකේ ගාන.
    පෞද්ගලිකරණය කළොත් ඕක වැඩි කරන්න වෙනවා. එතකොටත් මිනිස්සු කැමති නෑනෙ.
    එක්කො එක ලයින් එකක් දීලා බලන්න තියෙන්නෙ එයාර් පෝර්ට් එකත් තියෙන කොළඹ මීගමු ලයින් එක.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    මොනවා හරි දෙයක් වෙනස් කරන්න යෝජනාවක් අරන් වරෙන්කො.. ඔකේ උන් එන්නේ 1800 ගණන්වල කොච්චි පාරවල් හදනකොට සුද්ද දාපු නීති පොත් උස්සගෙන...

    වෙලාවට කෝච්චියක් ගියොත් ඕකුන්ට රෑට නින්දයන්නේ නැති සින් එකක් තියෙනවා...
     
    • Like
    Reactions: R O B U S T A

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තව ලොකු ප්‍රශ්නයක් බන් හොරෙන් යන එවුන් හා ටිකට් එකේ ගාන.
    පෞද්ගලිකරණය කළොත් ඕක වැඩි කරන්න වෙනවා. එතකොටත් මිනිස්සු කැමති නෑනෙ.
    එක්කො එක ලයින් එකක් දීලා බලන්න තියෙන්නෙ එයාර් පෝර්ට් එකත් තියෙන කොළඹ මීගමු ලයින් එක.
    කරන්නම වෙනවා බන් ගාන වැඩි කරලා හරි. මිනිස්සු මුලින් බර බරේ දැම්මට පස්සේ ඕන දෙකට හුරු වෙනවා. අනික මේ Commuter train හරියන්නේ නෑ නගරබද ධාවනයට. අනිවාරෙන් Light Rail ගේන්න වෙනවා මේ ඉන්න සෙනග එක්ක. අර නන්දරේගේ පුක ලෙව කාපු සක්කිලියා බඩු පටවන්න බෑ කියල project එක නැවැත්තුවා නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කරන්නම වෙනවා බන් ගාන වැඩි කරලා හරි. මිනිස්සු මුලින් බර බරේ දැම්මට පස්සේ ඕන දෙකට හුරු වෙනවා. අනික මේ Commuter train හරියන්නේ නෑ නගරබද ධාවනයට. අනිවාරෙන් Light Rail ගේන්න වෙනවා මේ ඉන්න සෙනග එක්ක. අර නන්දරේගේ පුක ලෙව කාපු සක්කිලියා බඩු පටවන්න බෑ කියල project එක නැවැත්තුවා නේ.
    ඔව් බන්. ඉන්දියාවෙත් දැන් යුරෝප් වල වගේ සුපිරි ට්‍රේන් සිස්ටම් එකක් දාලා තියෙනවා. ඒකට අපේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,529
    32,269
    113
    ලෝකයේ කාලකන්නිම රාජ්‍ය සේවය. ඕකුන් වැඩ කරන්නේ උන්ගේ ගෙදරින් ගෙනාපු බුදලේ වගේ. අවරුදු 60 70 පරණ කබල් එන්ජින්, මලකඩ කාපු පෙට්ටි, සිල්පර දිරපු රේල් පාරවල්. මොකා ආවත් මේවා Privatize කලේ නැත්නම් හැමදාම පරක්කු තමා.
    petti wala seat pihinnema naha, udeta magiyo pihadaganna ona, unta padi maginta sorry
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වෙලාවට කෝච්චියක් ගියොත් ඕකුන්ට රෑට නින්දයන්නේ නැති සින් එකක් තියෙනවා...
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Oya parana engine tika ain karala ,

    Station wala inna horu tika pannala

    Aluth rail parawal gahala

    American engine tikak bassuwnm lesatama hamba krhaki
     
    • Like
    Reactions: R O B U S T A

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කරන්නම වෙනවා බන් ගාන වැඩි කරලා හරි. මිනිස්සු මුලින් බර බරේ දැම්මට පස්සේ ඕන දෙකට හුරු වෙනවා. අනික මේ Commuter train හරියන්නේ නෑ නගරබද ධාවනයට. අනිවාරෙන් Light Rail ගේන්න වෙනවා මේ ඉන්න සෙනග එක්ක. අර නන්දරේගේ පුක ලෙව කාපු සක්කිලියා බඩු පටවන්න බෑ කියල project එක නැවැත්තුවා නේ.

    හැම දේටම මුලින් බෑ තමයි
    ඔය දැන් යස අගේට ටැක්ස් ගෙවන්නේ 😄
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    CGR
    CEB
    Customs

    මේවාගෙ කිසිම දෙයක් කවුරු ආවත් වෙනස් කරන්න බෑ . කරන්න දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: R O B U S T A

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    December 9, 2024 at 6:10 am | lanka C news

    දුම්රිය රෙදි ගැලවෙන විඝණන වාර්තාවක්..
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසරේදී සැලසුම් කල දුම්රිය ගමන් වාර 1,22,426 කින් නියමිත වේලාවට ධාවනය වී ඇත්තේ ගමන් වාර 36,771 ක් පමණක් බවත් ගමන් වාර 85,655 ක් ප්‍රමාද වී ධාවනය කිරීමට හෝ අවලංගු කිරීමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ 2023 වර්ෂයට අදාල විගණන වාර්තාවේ සදහන් වේ.

    දුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසරේදී මගී දුම්රිය ගමන් වාර 1,13,759 ක් සැලසුම් කර තිබූ බවද එයින් මගී දුම්රිය ගමන් වාර 36,053 ක් පමණක් නියමිත වේලාවට ගමන් කර තිබූ බවද එම විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත. නියමිත වේලාවට ගමන් කල දුම්රිය ගමන් වාර ප්‍රමාණය 30% ක් බවද අදාල විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව 2023.12.31 දක්වා කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් ලබා දීම වුවත් එම කාර්යය 2023 වසරේදී 70% කින් ආසාර්ථක වී තිබෙන බවද දුම්රිය කාර්යය මණ්ඩලය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය වෙනත් අයුරකින් කිව හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යය සාර්ථක වී ඇත්තේ 30% ක ප්‍රමාණයකින් බවත් එය 70% කින් අසාර්ථක වී ඇති බවත් පෙන්වා දිය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

    කාල සටහනකට අනුව දුම්රිය ධාවනය ආරම්භ කර ඇත්තේ 1865 දී වුවද එදා මෙදා තුර කාල සටහන් අනුව දුම්රිය ධාවනය නොවන බවට මගීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. මෙරට මගී ප්‍රවාහනයෙන් 6% ක ප්‍රමාණයක් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 6.5% ක ප්‍රමාණයක් දුම්රිය මගින් සිදුකරන බවද මෙම ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබෙන බවද විගණනයේදී තහවුරු වී තිබේ.

    1934 දී දුම්රිය දේපාර්තමේන්තුවේ මාර්ගස්ථ ජාලය කිලෝ මීටර් 1521 වූ බවත් එම ප්‍රමාණය 2023 වන විට කිලෝ මීටර් 1456 ක් දක්වා කිලෝ මීටර් 56 කින් අඩු වී තිබෙන බවත් ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී ඇත. මෙම අඩු වීම සිදු ව ඇත්තේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 32 ක් අළුතෙන් එක් වූ තත්ත්වයක් තුල විම බවද විගණන නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කර තිබේ.

    – ජයකාන්ත ලියනගේ
    So go ahead and privatized it
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    habai
    engine driver lage padiya laksha 7-8
    ticket counter eke kolla pawa laksha 2 pannala padi gannawa..

    mewath CEB wage thama..

    ටිකට් කවුන්ටර් එකේ එකා තමා බුවා
    උන් කොයි වෙලෙත් ඉන්නේ ෆිල්ම් එකක් නැත්නම් ගොන් විඩීයෝ ටික්ටෝක් බල බල
    තව උන් ඉන්නවා උන් ඉන්නේ ටිකට් එකතු කරගන්න
    මරු පින්පඩි ජොබ් තමයි
    එකෙක් නැහැ ට්‍රේන් එකක් ක්ලීන් කරන්න
    CGR එක හරියට හදලා ගත්තනම් ඕකුන් බාගයකට වඩා ගෙදර යවන්න පුළුවන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලෝකයේ කාලකන්නිම රාජ්‍ය සේවය. ඕකුන් වැඩ කරන්නේ උන්ගේ ගෙදරින් ගෙනාපු බුදලේ වගේ. අවරුදු 60 70 පරණ කබල් එන්ජින්, මලකඩ කාපු පෙට්ටි, සිල්පර දිරපු රේල් පාරවල්. මොකා ආවත් මේවා Privatize කලේ නැත්නම් හැමදාම පරක්කු තමා.

    තාත්තගෙන් පුතාට යන ජොබ්
    පට්ට හොරු
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලෝකයේ කාලකන්නිම රාජ්‍ය සේවය. ඕකුන් වැඩ කරන්නේ උන්ගේ ගෙදරින් ගෙනාපු බුදලේ වගේ. අවරුදු 60 70 පරණ කබල් එන්ජින්, මලකඩ කාපු පෙට්ටි, සිල්පර දිරපු රේල් පාරවල්. මොකා ආවත් මේවා Privatize කලේ නැත්නම් හැමදාම පරක්කු තමා.

    මෝඩ සින්හලුන්ටත් පරණ එන්ජිමක් පේන්ට් කරලා දැම්මම මාර ගැම්මක් තියෙන්නේ
    යක්කු යක්කු කියා කියා යන්නේ
    අපි A/L කරලත් අවුරුදු18ක් වගේ ඒ කාලේ දුවපු ට්‍රේන් එන්ජින් තාම දුවනවා කිසිම දියුණුවක් නැහැ