දිනය: 2023 මාර්තු 09
පසුගිය වසරේ සැප්තැම්බර් 26 වන දින නාසා ආයතනයෙහි "Double-Asteroid Redirect Test' (DART) නම් වූ අභ්‍යවකාශ යානය පෘථිවියට ආසන්නයෙන් පවතින කුඩා ග්‍රාහකයක් (Near-Earth Asteroid - NEA) වන මීටර 170 ක විෂ්කම්භයකින් යුක්ත වූ 'Dimorphos' (Didymos B/ asteroid 65803 Didymos) නම් "asteroid satellite' ගනයට අයත් වූ කුඩා චන්ද්‍රයා ((moonlet) සමග ඝට්ටනය කරවීම සාර්ථක අයුරින් සිදුවිය. එදින ජාත්‍යන්තර වේලාවෙන් පස්වරු 23:14 ට එනම් 23:14 UTC දී (06:14 PM EDT; 03: 14 PM PDT) මෙම යානය, මීටර 780 විෂ්කම්භයකින් යුක්ත වූ 'Didymos' නම් ග්‍රාහකය වටා භ්‍රමණය වෙමින් පවතින මෙම 'Dimorphos' (Didymos B) නම් ග්රාහක චන්ද්‍රයා සමග ගැටීමට ලක්වීම සිදුවූ අතර පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන්නේ 'DART' යානය හා එම යානය ගැටීමට ලක්කළ 'Dimorphos ග්රාහකයට අයත් ප්‍රදේශයෙහි විශාලත්වයට සාපේක්ෂව 'DART' යානයේ විශාලත්වය කොතෙක් ද යන්නයි.
මෙහි දිස්වන 'Dimorphos' ග්‍රාහකය මත ඇති පාෂාණ පර්වත ද්විත්වය ආශ්‍රිතව වූ කුඩා ප්‍රදේශය මගින් 'DART' යානය, 'Dimorphos' ග්‍රාහකය සමග ගැටීමට ලක්කළ ස්ථානය (ශ්වේත වර්ණ රේඛාවන්ගෙන් ඇද ඇති රූපය මගින් මෙහිදී 'DART' යානය හා එහි සූර්ය පැනලයන් ද්විත්වය නිරූපණය කොට තිබේ) පෙන්නුම් කරන අතර මෙම පාෂාණ පර්වත ද්විත්වය අතරින් වඩා විශාල වූ පාෂාණ පර්වතයෙහි විෂ්කම්භය මීටර 6.5 ක පමණ අගයක් ගනී. කිලෝග්‍රෑම් 570 ක ස්කන්ධයකින් යුක්ත වූ 'DART' යානය, කිලෝග්‍රෑම් බිලියන 5 ක් පමණවන 'Dimorphos' ග්‍රාහකයත් සමග ගැටීමත් සමග 'Dimorphos' ග්‍රාහකය, එහි මව් ග්‍රාහකය වන 'Didymos' වටා සිදුකරන පැය 12 ක් වූ භ්‍රමණ කාලය මිනිත්තු 33 කින් අඩුවීම ද සිදුවිණි. එනම් 'DART' අභ්‍යවකාශ යානයේ සෘජු චාලක බලපෑම මගින් 'Dimorphos' හි වේගය සියයට එකකින් මැනිය හැකි ලෙස වෙනස් කිරීම මෙමගින් සිදු කරන ලද අතර එහිදී වල්ගාතරුවක ඇති ආකාරයේ වල්ගයක් ද මෙම ග්‍රාහකය වෙත ලබා දීමට ද හැකිවුණි. මෙලෙස විෂ්කම්භය මීටර 170 ක් පමණ වන මෙම ග්‍රාහකයේ දිශාව සාර්ථක ලෙස වෙනස් කිරීමට 'DART' මෙහෙයුම මගින් හැකිවීම තුළින් අනාගතයේදී මෙවැනි විශාල උල්කාපාතයන් මගින් පෘථිවියට එල්ල විය හැකි තර්ජනයන්ට සාර්ථක ලෙස මුහුණ දීමට මෙම ක්‍රමවේදය යොදාගැනීම මෙම මෙහෙයුමට සම්බන්ධ වූ විද්‍යාඥයින්ගේ හා විශේෂඥයින්ගේ මූලික පරමාර්ථය බවට පත්ව ඇත.
Image Credit: NASA, Johns Hopkins APL, DART
Double Asteroid Redirection Test (DART)
'DART' අභ්‍යවකාශ මෙහෙයුම පිළිබදව මා විසින් ලියන ලද සවිස්තරාත්මක ලිපිය
