🛰️ නාසා ආයතනයට අයත් "Lucy' අභ්‍යවකාශ යානාව මගින් පළමුවරට ඡායාරූප ගත කළ දැවැන්ත ග්‍රාහකය - "52246 Donaldjohanson" 🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    නාසා ආයතනයට අයත් "Lucy' කියන අභ්‍යවකාශ යානාව මගින් ලබාගත්තු ඡායාරූප යොදාගනිමින් නිර්මාණය කරපු මේ "Time-lapse" වීඩියෝවෙන් නිරූපණය වෙන්නෙ "52246 Donaldjohanson" කියන දැවැන්ත ග්‍රාහකයයි. කිලෝමීටර 4 ක පමණ පළලකින් යුක්ත වුණු මේ ග්‍රාහකය නිර්මාණය වෙලා තියෙන්නෙ මීට වසර මිලියන 150 කට පමණ ඉහතදීයි. "Lucy' කියන අභ්‍යවකාශ යානාවෙ පවතින "L’LORRI imager" කැමරාව යොදාගනිමින් පසුගිය අප්‍රේල් 20 වෙනිදා "52246 Donaldjohanson" ග්‍රාහකයෙ ඉදලා කිලෝමීටර 960 ක් පමණ දුරක සිට ලබාගත්තු ඡායාරූප ඇසුරෙන් තමයි මේ වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ ග්‍රාහකය පෘථිවියේ ඉදලා කිලෝමීටර මිලියන 70 ක් පමණ දුරින්, බ්‍රහස්පති සහ අඟහරු ග්‍රහයන් අතර පිහිටලා තියෙන "Asteroid belt" කියන කලාපයේ අභ්‍යන්තර ප්‍රදේශයන්ට ආසන්නයෙන් තමයි පිහිටලා තියෙන්නෙ.

    Credit: Space.com | imagery: NASA/Goddard/SwRI/Johns Hopkins APL| edited by Steve Spaleta]

    වැඩිදුර තොරතුරු

    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    විස්වය නම් පිස්සු හැදෙන සබ්ජෙක්ට් එකක්. කවුරුවත් තාම දන්නේ නෑ අපි ඉන්න තැන සහ ඉන්න එකේ විසාලත්වය. :sorry:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    විස්වය නම් පිස්සු හැදෙන සබ්ජෙක්ට් එකක්. කවුරුවත් තාම දන්නේ නෑ අපි ඉන්න තැන සහ ඉන්න එකේ විසාලත්වය. :sorry:
    man ape slab eka udata ghilla poya dawas walata ahasa diha balan ouwa kalpana karanawa

    mona uttakada me inne kiyala moon diha balagena

    silhouette-of-a-person-sitting-on-the-top-of-the-mountain-with-laptop-staring-the-milky-way.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    විස්වය නම් පිස්සු හැදෙන සබ්ජෙක්ට් එකක්. කවුරුවත් තාම දන්නේ නෑ අපි ඉන්න තැන සහ ඉන්න එකේ විසාලත්වය. :sorry:
    "Observable universe", ඒ කියන්නෙ මනුස්සයන්ට මේ දක්වා ගවේෂණේ කරලා දැකගන්න හම්බුණු විශ්වයෙ මුළු කලාපෙ විෂ්කම්භෙ ආලෝක වර්ෂ බිලියන 93 ක් විතර වෙනවා කියලනෙ ගණනය කරලා තියෙන්නෙ. ඒත් "Alan Guth" කියන විද්‍යාඥයා හදුන්වලා දීපු "cosmic inflation theory" එකට අනුව විශ්වාස කරන්නෙ විශ්වයෙ සැබෑ විශාලත්වෙ "observable unverse" එකේ විශාලත්වෙ වගේ සෙක්ස්ටිලියන 150 ගුණයකින් විශාල වෙන්න පුළුවන් කියලයි.

    Observable universe×150 sextillion (1 sextillion= 10^21) = Real size of the Universe

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    විස්වය නම් පිස්සු හැදෙන සබ්ජෙක්ට් එකක්. කවුරුවත් තාම දන්නේ නෑ අපි ඉන්න තැන සහ ඉන්න එකේ විසාලත්වය. :sorry:
    ඇත්තමටම හොයා ගත්තතාත් ප්‍රශ්නෙ තියෙන්නෙ Humand mind එකට ඒ තරං ලොකු දේවල් වල ස්කේල් එක comprehend කරන්න බැහැ

    සාමාන්‍යෙන් අපි එදිනෙදා ගනුදෙනු කරන ස්කේල් එක විතරයි comprehend කරගන්න පුලුවන්. සාමාන්‍යෙන් හිතුවත් මිලිමීටරෙන් 1/1000 කියන එක ගැන අපිට ගොඩක් පොඩි දෙයක් කයලා හිතුනට ඇත්තටම කොයි තරම් පොඩිද කියලා හිතා ගන්න අමාරුයි
    ඒ වගේම කිලෝමීටර් 10000ක් වගේ හිතුවත් එහෙමයි, අපි නිකං මිලියන බිලියන කියලා නම්බර් එකක් ගැන කතා කරාට ඒකෙ රියල් ස්කේල් එක හිතාගන්න අමාරුයි
    ඕවා ටිකක් හරි තේරෙන්නෙ සමහර example වලින්, හැමදේම රියල් ලයිෆ් එකට මැච් කරලා ගන්න ඒවයින් ( ගොඩක් පොපියුලර් එකක් තියෙන්නෙ 1M Seconds = 11 days, 1B Seconds : close to 32 years)
    එතකොට Light years ට්‍රිලියනයක් වගේ කියලා කිවුවම ගොඩක් ලොකුයි කියලා හිතුනට අපිට comprehend කරන්න බැහැ කොයි තරම් ලොකුද කියලා.
     
    අන්න එකයි මචන් මේක පිස්සු හැදෙන සබ්ජ්‍රක්ට් එකක් කියලා කිව්වේ . බුදුහාමුදුරුවොත් කියල තියෙනවා මේ මහ මුහුද, විසවය, අම්මාගේ ආදරය කවදාවත් මනින්න බැහැ කියලා. මම නම් මාරම ඉන්ට්‍රෙස්ටින් සබ්ජෙක්ට් එකක්. අපිට ලගම හදේවත් ඩාර්ක් සයිඩ් එක ගැන තාම කිසිදෙයක් දන්නේ නැහැ. එහෙව් එකේ මේ විසවය ගැන කවර කතාද. කොච්චර දේවල් මේ විසවයේ ඇතිද අපිට ප්‍රයෝජන දේවල් මීට වඩා හොද ප්ලැනට් දියුනු ජිවින්. මගේ ආසම ප්ලැනට් දෙක ප්‍රොක්සිමා සෙන්ජුරි. පට්ට ලස්සන නමක් වගේම අපිට ලගම හැබිටබල් ග්‍රහයන්. කවදානම් දකින්නද? 😌
     
    මේ ගැන දන්නව ද? මේ නම් මීට ටික දවසකට කලින් ආපු නිවුස් එකක්. පෘථිවියෙ ඉදලා ආලෝක වර්ෂ 124 ක් ඈතින් තියෙන "K2-18b' කියන exoplanet එකේ ජීවයක් තියෙන පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් විදිහෙ සාක්ෂි හොයාගෙන තියෙනවා කියලා තමයි කියන්නෙ මේකෙන්. ඒත් මේ නිවුස් එකේ ඇත්ත නැත්ත ගැන තාම වාද විවාද යනවා.

    Proxima Centurai tiyennt 4.24 light years away nam mchan light years 124 kiyanna eka ganama mun kohoma kiwwada manda neda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Proxima Centurai tiyennt 4.24 light years away nam mchan light years 124 kiyanna eka ganama mun kohoma kiwwada manda neda
    දුර එහෙම උනාට ඔය Life එකක් තියේද කියලා හොයන ක්‍රමේ තියරිය හරි සරලයි @Stimulus mind ට මේව මීට වඩා විස්තර කරන්න පුලුවන් වෙයි

    ග්‍රහලෝකෙකින් අපිට එන ආලෝකයේ තරංග ආයාම, අනං මනං බලල කියන්න පුලුවන් වායුගෝලෙ compositon එක මොකද්ද කියලා, එක එක වායු වර්ග වලින් එක එක විදියට එන්නෙ. ඒව බලලා කියනවා මේ කොම්පොසිශන් එක අනුවා ජීවීන් ඉන්න පුලුවන්ද බැරිද කියලා

    සමහර තරංග ආයාම තියන ආලෝකය නැචුරලි හැදෙන්නෙම නැහැ ආටිෆිශල් ලයිට් වලින්ම තමයි එන්නෙ, එතකොට එහෙම ඒව තියනවා නං හිතන්න පුලුවන් ඒ ග්‍රහලෝකෙ බුද්ධිමත් ජීවීන් ඉන්නවා එවුන් ලයිට් දාගෙන ඉන්න නිසා තමයි අර තරංග ආයාමය තියන එලිය අපිට එන්නෙ කියලා. එතකොට කියන්න පුලුවන් ඒ ග්‍රහලෝකෙ බුද්ධිමත් ජීවීන් ඉන්න පුලුවන් කියලා

    තව එකක් තියනවා ඔය දෙකෙන්ම හොයන ලයිෆ් එකට කියන්නෙ life we know of කියල නේ, අපි දන්න විදියෙ ජීවීන්. එහෙම නැතුව සම්පූර්න වෙනස් ජීවීන් වර්ගයක් හිටියොත් ඕවට අහු වෙන්නෙ නැහැ. අර project hail mary sci fi එකේ වගේ ජීවියෙක් හිටියොත් ඕවයින් අහුවෙන්නෙ නැහැ.
     
    wow tnx ban
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland

    ඒ බුද්දිමත් ජීවින් හිටියොත්. පට්ට මෝඩ ජීවින් පිරිසක් හිටියොත් උන්ට ලයිට් තියා මොන මගුලක් වත් හදාගන්න බෑ නේ එහෙම උන් ඉඳල වන්දවෙලා ගිහිනුත් ඇති නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒ බුද්දිමත් ජීවින් හිටියොත්. පට්ට මෝඩ ජීවින් පිරිසක් හිටියොත් උන්ට ලයිට් තියා මොන මගුලක් වත් හදාගන්න බෑ නේ එහෙම උන් ඉඳල වන්දවෙලා ගිහිනුත් ඇති නේ
    ඕක තමයි පට්ටම විදියට වෙනවා ඇත්තෙ
    මෙහෙ උනත් පොලව හැදිලා අවුරුදු බිලියන 4ක්
    ජීවය ඇතිවෙලා බිලියන 3.7ක්ද කොහෙද, multi cellular එවුන් හැදිලා බිලියන එක හමාරක්ද කොහෙද
    අපි ආටිෆිශල් ලයිට් තියන ඒව හදන්න අරගෙන අවුරුදු හාර පන්සීයක් විතර ඇති මම හිතන්නෙ

    වෙන එකකේ කොහෙ හරි ඉඳං බලං ඉන්නවා නං ඔය අවුරුදු පන්සීය ඇතුලෙම බලන්න ඕන,
    හැබැයි ජීවයක් තියනවා කියලා හොයාගන්න නං අර මුලු කාලෙන් කොහෙදි හරි බැලුවත් අහුවෙයි.
     
    Similar threads