නාසා ආයතනයට අයත් "Lucy' කියන අභ්‍යවකාශ යානාව මගින් ලබාගත්තු ඡායාරූප යොදාගනිමින් නිර්මාණය කරපු මේ "Time-lapse" වීඩියෝවෙන් නිරූපණය වෙන්නෙ "52246 Donaldjohanson" කියන දැවැන්ත ග්රාහකයයි. කිලෝමීටර 4 ක පමණ පළලකින් යුක්ත වුණු මේ ග්‍රාහකය නිර්මාණය වෙලා තියෙන්නෙ මීට වසර මිලියන 150 කට පමණ ඉහතදීයි. "Lucy' කියන අභ්‍යවකාශ යානාවෙ පවතින "L’LORRI imager" කැමරාව යොදාගනිමින් පසුගිය අප්‍රේල් 20 වෙනිදා "52246 Donaldjohanson" ග්රාහකයෙ ඉදලා කිලෝමීටර 960 ක් පමණ දුරක සිට ලබාගත්තු ඡායාරූප ඇසුරෙන් තමයි මේ වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නෙ. මේ ග්‍රාහකය පෘථිවියේ ඉදලා කිලෝමීටර මිලියන 70 ක් පමණ දුරින්, බ්‍රහස්පති සහ අඟහරු ග්‍රහයන් අතර පිහිටලා තියෙන "Asteroid belt" කියන කලාපයේ අභ්‍යන්තර ප්‍රදේශයන්ට ආසන්නයෙන් තමයි පිහිටලා තියෙන්නෙ.
Credit: Space.com | imagery: NASA/Goddard/SwRI/Johns Hopkins APL| edited by Steve Spaleta]
වැඩිදුර තොරතුරු
Last edited:

