🟥 බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    🟥 බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්

    ආදරෙන් හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි දුකයි , ඉතින් මොකද කරන්නේ උස්සං දුවනවා වෙට් ලගට , දෙනවා ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං බව් යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු ගමං වැඩේ ගොඩ.

    නමුත් සමහරක් බව්වන්ට ඔන්න ආයෙත් හැදෙනවා , ඉතින් වෙට්ගේ හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ අහිංසකයා මක්කොරන්ඩද.

    අපේ බව්වෝ එහෙමෙහෙ ගිහින් පාරේ ඉන්න බව්වන්ගේන් ලෙඩේ ආපිට ගේනවා

    එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක් විදිහට ලෙඩේ ඇවිල්ලා.

    එහෙම නැත්තං අපි සමබල අහාර වේලක් දුන්නා උනත් බව්වෝ තෝර තෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂණ සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.

    ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින දේශිය අත් දුටු බෙහෙතක් තමයි අද මේ කියන්නේ. 🤗

    ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන් උනත් ලෙඩේ සුව වෙනවා , නැවත මතු උනුනොත් නැවත මේ බෙහෙතම කරන්න.

    නමුත් වඩාත් හොදයි සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දිලා ඊට පස්සේ මේ බෙහෙත කරන්න එක , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත් දුන්නට පස්සේ මේක කරන්න , ඒ මගින් නැවත රෝගය නොඑන්නම සුවකරගන්න පුලවන්.

    🔹අවශ්‍ය ද්‍රව්‍ය

    1.හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
    2.ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
    3.පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි

    🔹සාදාගන්නා ආකාරය

    කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න

    🔹ආලේප කරන ආකාරය

    සතාව හොදින් නාවලා හමේ තෙත නැති උනාට පස්සේ අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන.

    දැන් සතාව කූඩුවට දාලා තියන්න , නැත්තං බව්වා බෙහෙත එව්වායේ මෙව්වායේ උලනවා.

    දවස් පහක් නාවන්න එපා , හයවෙනි දවසේ නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා, හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම කරන්න.

    ඒ විදිහට හතර පාරක් කරන්න , ඒ කියන්නේ මාසයක්.

    ආයේ ලෙඩේ මතුවෙන්නේ නැ , හදිස්සියේ හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි උනාට ගැටලුවක් නැ ,

    ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක් උනත් පාවිච්චි කරන්න.

    රෝගයක් නැති සතෙකුට උනත් නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත් පුලුවන්.

    Aneesha Imani Gamage

    කතෘ අයිතිය සුරකින්න ❤

    #උපුටාගැනීමකි.

     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    @Solo Rider මාමේ මේකවත් අරගෙන ඔය කුෂ්ටෙට උලාගනින් 🥴
    @Solo Rider
    උඹට හදාගන්න බැරි නම් පහල එක්කෙනාගෙන් උදව්වක් ගන්න
    එයා උදව් කරනවා

    @ST.PIERRE

    අඩෝ මේ, පුස් මිට්ටලා. අපේ කොල්ලන්ට මුකුත් කියන්නේ එන්න එපා.


    @siri_ayya TFS !!!!!!!