සල්ලි දෙන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් නැත්නම්, සල්ලි ගන්න මිනිස්සුත් ඒ සල්ලි වලින් කොම්පියුටරක් ගත්ත කියල අපිට කෑගහන්න බැහැ නේද.
ඔවු බෑ. ඒක තමයි මම කිව්වෙ "මම සල්ලි දීපු පන්සලක නම් මම විරුද්ධයි" කියලා. එහෙනම් මගේ සල්ලි ටික රිටර්න් කරාම මම කටවහන් පැත්තකට වෙනවා. ඒ වගේ අනිත් ඔය පන්සලට සල්ලි දෙන, දානෙ දෙන දායකයොන්ගෙන් අහල බලන්න තියෙන්නෙ වැඩේට කැමතිද කියලා. මම සල්ලි දුන්නෙ නැත්තන් මට විරුද්ධව කතා කරන්න බෑ කියන්න බෑ. මොකද පැවිද්දා ආසාවල් අතාරිනව කියල ගිහින් බොරු කරාම ඒක කතා කරන්න ඕන දෙයක්.
මොකට ගත්තද කියල දන්නෙ නැහැ. බුදු බන ඇප් ගහන්න කියල කියන්නත් / ගේම් ගහන්න එපා කියල කියන්නත් අපිට අයිතියක් නැහැ නේද. මිනිහෙක් කොම්පියුටරයක් ගත්ත කියන්නෙ කුඩු විකුනනවා වගේ එකක් නෙවෙයිනේ බං මේ කාලෙ විශේෂයෙන්ම.
ඇයි බැරි පුලුවන්. මූ නිකන් මිනිහෙක් නෙවෙයි. මිනිහෙක් මිනිහෙක් කියල සාමාන්‍යකරණය කරන්න හදන්න එපා. මූ නිකන් මිනිහෙක් නෙවෙයි පැවිද්දෙක්. පැවිද්දා පැවිදි වෙන්නෙ ඔය ආතල් ගන්න නෙවෙයි. ගමේ පන්සල කියන්නෙ ගමේ පොදු තැනක්. එතකොට එතන ඉන්න එකාට කමති විදියට ඉන්න බෑ. එහෙනම් තනියෙන් පන්සලක් හදන් යන්න තියෙන්නෙ. මේකත් මම කියන්නෙ මම ඒ ගමේ මිනිහෙක් නම්. ගමේ ඔක්කොම කැමති නම් මට කමක් නෑ. හැබැයි වැඩේ වැරදියි. ඒ මතේ නම් වෙනස් වෙන්නෙ නෑ මගේ.
පැවිද්දෙක් උනාට මූ මිනිහෙක්. මූට නගින්නෙ නැද්ද? මූට ආසාවල් එන්නෙ නැද්ද ඒ වගේ ගොබ්බ ප්‍රශ්න නම් අහන එකක් නැතිවෙයි කියල හිතන්ව මම. මොකද ඒව කිසිදෙයක් එන්න බෑ කියලා මම කියන්නෙ නෑ නමුත් ඒ කිසි හැඟීමකට ඉඩ දෙන්න බෑ බුද්ධාගමට අනුව පැවිදි උන පැවිද්දෙක්. ඌ එතෙන්ට යන්නෙම ආසවල් අතාරිනව කියලා. ආසවල් අතාරින්න ගියපු එකා සාමාන්‍ය මිනිහෙක්ටත් වඩා ආතල් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? ඒකෙ කිසිම සාධාරණ තර්කයක් නෑ වැඩේ වැරදියි.
පුද්ගලික සල්ලි වලින් කොම්පියුටර් ගන්න එකයි, මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගසා කකා වංචා කරන එකයි දෙකක් බං.
උඹ මිනිස්සුන්ගේ පුද්ගලික වියදම් පාලනය කරන එක ඉස්සරහට දාල මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට විරුද්ද වෙන එක පස්සට දාල වැඩ කරොත් ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැති වෙයි.
"උඹ මිනිස්සුන්ගේ පුද්ගලික වියදම් පාලනය කරන එක ඉස්සරහට දාල මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට විරුද්ද වෙන එක පස්සට දාල වැඩ කරොත් ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නැති වෙයි."
මේ තර්කෙම බයියො දාන කොට ඇයි උබ ඒකට විරුද්ධ වෙන්නෙ කියහන්කො? රාජපක්ෂල එහෙම තමගෙ පරම්පරා සල්ලි තමයි ඔක්කොටම වියදම් කරන්නෙ කියල උන් කියන්නෙ. කොහෙද ඔප්පු කරල තියෙන්නෙ රාජපක්ෂලා බදු සල්ලි වලින් හොරා කාලා ඔක්කොම කරේ කියලා? ඒව ඔප්පු කරල නෑ. නමුත් අපිට පැහැදිලිව පේනව ඒක. ඒ වගේ තමයි ඔය හාමුදුරුවො වියදම් කරන්නෙ පන්සලට ලැබෙන සල්ලි නම් ඒක වැරදියි. ඩොනේෂන් එකක් නම් තව කමක් නෑ.
ආයෙත් හයිලයිට් කරලම කියන්නෙ හාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මහණ වෙන්නෙම ලෞකික ආසාවල් අතාරිනව කියලා. එතකොට අනම් මනන් බයිල බෑ. කිසිම වෙනසක් නෑ මගේ ඒ ස්ථාවරේ නම්. අනිත් අයට කැමති දෙයක් හිතාගන්න පුලුවන්. අනිත් අයට කැමති දෙයක් හිතාගන්න පුලුවන්.
සාමාන්‍ය අවශ්‍යතා වලට තාක්ෂණය පාවිච්චි කරන එක වෙන එකක්. ඒ කිව්වෙ ගමනක් යන්න වාහනේක යන එක, ධර්ම ප්‍රචාරයට ඇප් හදන එක, වෙබ් සයිට් හදන එක ඒව අකැප වෙන්න බෑ. මේ ඒ වගේ එකක් නෙවෙයි.
පන්සලට කැමති එකෙක් කැමති ගානක් දෙන්න පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්. බදු කියන්නෙ එහෙම එකක් නෙවෙයි.
පන්සලට දෙන සල්ලි කවුරුත් දෙන්නෙ මිනිස්සුන්ට බෙදන්න කියල නෙවෙයි. බදු සල්ලි කියන්නෙ ඇමති මන්ත්‍රීලට දෙන පුද්ගලික දානයක් නෙවෙයි.
ඔය දෙක පටලව ගන්න එපා.
මේ හාමුදුරුවො කවුද කියලා මම දන්නෙ නෑ. නමුත් හාමුදුරුවන්ට පුද්ගලික සල්ලි කියල දෙයක් තියෙන්න විදියක් නෑ. ඉන්නෙ ගමේ පොදු පන්සලේ නම් ඌට ඕන විදියට හැසිරෙන්න දෙන්න බෑ. එහෙනම් තමන්ගෙ පන්සලක් හදාගෙන, තමන් හම්බ කරගෙන ඉන්න තියෙන්නෙ. පාර්ලිමේන්තුව වගේ තමයි ගමේ පන්සලත්. පොදු තැනක්.