🩺 මොකක්ද මේ Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) සංකල්පය?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    GG.jpg

    ලෝකයේ දියුණු රටවල (කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වගේ) ක්‍රියාත්මක වෙන "Family Doctor" (පවුලේ වෛද්‍යවරයා) හෙවත් General Practitioner (GP) සංකල්පය තමයි මේ රජයෙන් ගේන්න හදන්නේ. හැම ග්‍රාම සේවා වසම් 4-5 කට එක Doctor කෙනෙක් දෙනවා. මුල ඉදන්ම ගමේ හැම මනුස්සයගේම සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනවා. Cancer වගේ බෝ නොවන රෝග (NCDs) මුලදීම අඳුරගෙන පාලනය කරන්න පුළුවන්. Surgery වලට යන්නේ නැතුව. බෙහෙත් වලට යන අනවශ්‍ය වියදම අඩු කරගන්නවා එකෙන්.

    ලංකාවට මේ ක්‍රමය ආවොත් ලැබෙන වාසි​

    • රෝහල් තදබදය සම්පූර්ණයෙන්ම අඩුවීම: පොඩි උණට, හෙම්බිරිස්සාවටත් මහ රෝහල්වල පෝලිම්වල ඉන්න එක නැවතිලා, මූලික රෝහල්වලට ඇත්තටම අත්‍යවශ්‍ය ලෙඩුන්ට විතරක් ප්‍රමුඛතාවය දෙන්න පුළුවන් වෙනවා.
    • රෝග කල්තියා හඳුනාගැනීම: දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග (NCDs) මුලදීම අඳුරගෙන පාලනය කරන්න පුළුවන්.
    • පෞද්ගලික සෞඛ්‍ය වාර්තා (Health Records): ගමේ වෛද්‍යවරයා ළඟ හැමෝගෙම සෞඛ්‍ය ඉතිහාසය තියෙන නිසා, වෙනත් ලෙඩකට බෙහෙත් දෙද්දී ඒ වාර්තා ගොඩක් වැදගත් වෙනවා.
    • වැඩිහිටියන්ට පහසුව: වයසක අයට ඈත තියෙන ඉස්පිරිතාල වලට රස්තියාදු නොවී ගමෙන්ම බෙහෙත් ගන්න පුළුවන්.

    නමුත්, ප්‍රායෝගිකව තියෙන අභියෝග මොනවද?​

    කැනඩාවේ මේ ක්‍රමය සාර්ථක වුණාට ලංකාවේදී මේක ඒ විදියටම කරන්න ගියොත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් එනවා.

    • ග්‍රාම සේවා වසම් ගණන සහ වෛද්‍යවරු හිඟය: ලංකාවේ ග්‍රාම සේවා වසම් 14,000 කට වඩා තියෙනවා. ඒ හැම එකකටම MBBS වෛද්‍යවරයෙක් දෙන්න තරම් වෛද්‍යවරු දැනට ලංකාවේ නැහැ. විශේෂයෙන්ම දැන් තියෙන වෛද්‍යවරුන්ගේ රට යෑමේ ප්‍රවණතාවයත් එක්ක මේක ලොකු අභියෝගයක්.
    • ආර්ථික පිරිවැය: වසම් 14,000 කට සායන (Clinics) හදන්න, බෙහෙත් සපයන්න සහ වෛද්‍යවරුන්ට, හෙදියන්ට පඩි ගෙවන්න දැවැන්ත ආර්ථික ශක්තියක් රජයට තියෙන්න ඕනේ.

    ලංකාවට ගැලපෙන විදියට මේක කරන්නේ කොහොමද?​

    ග්‍රාම සේවා මට්ටමින්ම නැති වුණත්, මේ සංකල්පය ලංකාවේ දැනට තියෙන පද්ධතියට බද්ධ කරන්න පුළුවන්:

    1. MOH / PHI / පවුල් සෞඛ්‍ය සේවිකා ජාලය දියුණු කිරීම: අපිට දැනටමත් ගම මට්ටමින් ශක්තිමත් මහජන සෞඛ්‍ය ජාලයක් තියෙනවා. නමුත් ඔවුන් කරන්නේ රෝග නිවාරණයයි (Prevention). මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් (Grama Niladhari වසම් 4-5 කට එකක් වන සේ) පවුලේ වෛද්‍ය මධ්‍යස්ථාන ඇති කරන්න පුළුවන්.
    2. ඩිජිටල් සෞඛ්‍ය හැඳුනුම්පතක් (Digital Health ID): හැම පුරවැසියෙකුටම ඩිජිටල් සෞඛ්‍ය කාඩ් එකක් දීලා, ඒක ප්‍රාදේශීය රෝහල් වලට සම්බන්ධ කළොත් කැනඩාවේ වගේම ලෙඩාගේ සම්පූර්ණ ඉතිහාසය අධීක්ෂණය කරන්න පුළුවන්.
    දැනටමත් ලංකාවේ රජයේ සහ පෞද්ගලික රෝහල් කිහිපයකම මේ වගේ ඩිජිටල් සෞඛ්‍ය කාඩ්පත් (Personal Health Number - PHN) නිකුත් කරනවා. විශේෂයෙන්ම HHIMS (Hospital Health Information Management System) ව්‍යාපෘතිය යටතේ සමහර රජයේ රෝහල්වල රෝගීන්ගේ වාර්තා පරිගණකගත කිරීම ආරම්භ කරලා තියෙනවා.

    හැබැයි, දැනට තියෙන ක්‍රමයෙයි අපි අර කතා කරපු පූර්ණ "පවුලේ වෛද්‍ය" සංකල්පයෙයි ප්‍රායෝගික වෙනස්කම් කිහිපයක් තියෙනවා:

    • රෝහලට පමණක් සීමා වීම: දැනට මේ කාඩ් එක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ අදාළ රෝහලේ හෝ යම් රෝහල් ජාලයක් ඇතුළේ විතරයි. ඔයා ගමේ ඩිස්පෙන්සරියෙන් හරි, වෙනත් පෞද්ගලික වෛද්‍යවරයෙක්ගෙන් හරි බෙහෙත් ගත්තොත්, ඒ විස්තර අර පද්ධතියට ඇතුළත් වෙන්නේ නැහැ.
    • ජාතික මට්ටමේ ජාලයක් (Centralized System) නොවීම: කැනඩාව වගේ රටවල මේ ID එක මුළු රටටම එකයි. ගමේ වෛද්‍යවරයා ළඟට ගියත්, ජාතික රෝහලකට ගියත්, පෞද්ගලික රසායනාගාරයකින් ලේ පරීක්ෂණයක් (Blood Report) කළත් ඒ හැම විස්තරයක්ම අර එකම එකවුන්ට් එකටයි යාවත්කාලීන වෙන්නේ. ලංකාවේ තවම ඒ මට්ටමටම ජාලගත (Networked) වෙලා නැහැ.
    • රෝග නිවාරණයට වඩා ප්‍රතිකාරයට මුල්තැන දීම: දැනට ලංකාවේ ඩිජිටල් කාඩ් එක පාවිච්චි වෙන්නේ ලෙඩක් හැදිලා හොස්පිටල් ගියාම විතරයි. නමුත් පවුලේ වෛද්‍ය ක්‍රමයකදී, ලෙඩ හැදෙන්න කලින් ඉඳලම වෛද්‍යවරයාට පුළුවන් රෝගියාගේ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය බලලා කල්තියා උපදෙස් දෙන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදුනොත් මොකෝ සර් කරන්නේ? එදාට නිලධාරීතුමා නිවාඩු නම්, පළාතේ පක්ස කොමිටියේ රැස්වීමට ගිහිල්ල නම් උන්වහන්සේ සම්ප්‍රාප්ත වෙනකම් ඉස්පිටිතාලේ යන්න බෑ නේ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදුනොත් මොකෝ සර් කරන්නේ? එදාට නිලධාරීතුමා නිවාඩු නම්, පළාතේ පක්ස කොමිටියේ රැස්වීමට ගිහිල්ල නම් උන්වහන්සේ සම්ප්‍රාප්ත වෙනකම් ඉස්පිටිතාලේ යන්න බෑ නේ?
    Emergencies are dealt in the hospitals in the ED. The concept is that usually you visit the GP first. Without a GP referral you cannot consult a specialist. You can get a specialist consult without a referral but then you pay a considerable extra payment.
    The problem n SL is that everyone visits the specialist even for a simple headache which is not the ideal situation.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදුනොත් මොකෝ සර් කරන්නේ? එදාට නිලධාරීතුමා නිවාඩු නම්, පළාතේ පක්ස කොමිටියේ රැස්වීමට ගිහිල්ල නම් උන්වහන්සේ සම්ප්‍රාප්ත වෙනකම් ඉස්පිටිතාලේ යන්න බෑ නේ?
    හදීසි ආබාධයක්, පපුවේ අමාරුවක් හැදෙන්න කලින් ඒක ගැන දැනගන්න පුළුවන් මේ ක්‍රියාවලිය තුලින්.
    emergency unit එකේ admit වෙන්න පුළුවන්නේ ඕනේ වෙලාවක.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    මම දන්න විදිහට කැනඩාවේ ටිකක් ලොකු ප්‍රතිකාරයක් ගන්න වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනේ සෑහෙන කාලයක්. කැනඩා එකෙක් කම්ෆර්ම් හරි ඩිනයි හරි කරපියව්
     
    • Like
    Reactions: Naughty_kiththa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    Emergencies are dealt in the hospitals in the ED. The concept is that usually you visit the GP first. Without a GP referral you cannot consult a specialist. You can get a specialist consult without a referral but then you pay a considerable extra payment.
    The problem n SL is that everyone visits the specialist even for a simple headache which is not the ideal situation.
    එක හරි, නමුත් එම පහසුකම ලැබෙන්නේ රජයේ සේවයෙන් නෙවෙයි නේ? මිනිස්සු මුදල් ගෙවා ලබාගන්න සේවාවක්. දොස්තර මහතුන් එම සේවාව සපයන්නේ රජයේ සේවයෙන් බාහිරව. එක නිසා රජයට බරක් නැහැ. අමතර ආදායමක් උපයාගනන්ව. ඕක නවත්වුවොත් එම දොස්තරවරුන්ට වැටුප් වැඩි කරන්නත් අමතර පහසුකම් රජයේ වියදමින්සපයන්නත් වේවි. එහෙම නූකලොත් කිසි කෙනෙක් මේ රටේ ඉන්න එකක් නැහැ.
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    Emergencies are dealt in the hospitals in the ED. The concept is that usually you visit the GP first. Without a GP referral you cannot consult a specialist. You can get a specialist consult without a referral but then you pay a considerable extra payment.
    The problem n SL is that everyone visits the specialist even for a simple headache which is not the ideal situation.
    දැන් ඔය කියන පවුලේ දොස්තරයාව හමුවෙන්නේ කොහෙදිද ??
    ඒකටත් ඉස්පිරිතාලේ නේද පහසුකම් තියෙන්නේ ලංකාවේ ??
    🤌

    නැත්නම් අර පවුල් සෞඛ්‍ය සේවිකාව වගේ පොර ගෙදරට එනවද ??
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,718
    2,607
    113
    නිධානයක් උඩ
    දැනුත් රජයේ තියෙන්නේ ඔය ක්‍රමේනේ. පොඩි ඉස්පිරිතාලෙක හරි ලොකු ඉස්පිරිතාලෙක හරි ඕපීඩී එකට ගිහින් නෝමල් ඩොක් කෙනෙක් බලලා එතනින් අදාල ස්පෙශලිස්ට දාන්නේ. අපිට කෙලින්ම ස්පෙශලිස්‍ව හම්බවෙන්න බැහැනේ. චැනලින් කියන්නේ ප්‍රයිවට්නේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,154
    113
    ඕවා වැඩක් නෑ බයියන්ට..නිදහස් සෞඛ්‍ය ඉවරයි..ඉක්කන්ට නාමල් ස' ගේන්න ඕනේ වගේ එකක් දාපන් :ROFLMAO: :ROFLMAO:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    මෙතන ප්‍රශ්නෙ කන්සෙප්ට් වත් අනික් රටවල විදිවත් නෙවෙ කට ඇරියොත් කියන්නෙම හද්ද පච.බොරු කියන්නාගෙ ප්‍රකාශ වැදගත් තැනක පිලිනොගැනේ.

    ඩඩ්ලිගෙ හාල් මාෆියා ආපු ගමන් මාස 6න් හමුදාව දාල බිදීම, මාලු ඇප්,වැට් අයින් කිරීම වගෙ බොරු දාස්ගානක් කීව

    අනික් එක වියාපෘති කියල කරන ලමා වැඩ, වැලි කොට්ට,බැරල් දාල කරන රෙපෙයාර් දැක්කම කිසිම කැපැසිටි එකක් කේපබිලිටි එකක් නෑ කියල ශුවර් ඉතින් තියෙන එකත් කෙලවෙනව
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    දැන් ඔය කියන පවුලේ දොස්තරයාව හමුවෙන්නේ කොහෙදිද ??
    ඒකටත් ඉස්පිරිතාලේ නේද පහසුකම් තියෙන්නේ ලංකාවේ ??
    🤌

    නැත්නම් අර පවුල් සෞඛ්‍ය සේවිකාව වගේ පොර ගෙදරට එනවද ??
    Gamey NPP Prajaa Kamitu Center eke. E kiyana vidihata party eketh connected
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    Emergencies are dealt in the hospitals in the ED. The concept is that usually you visit the GP first. Without a GP referral you cannot consult a specialist. You can get a specialist consult without a referral but then you pay a considerable extra payment.
    The problem n SL is that everyone visits the specialist even for a simple headache which is not the ideal situation.
    whaat are you o_O ? usually, people go to the hospital and see an OPD doctor first. thenn doctor examines them and if the case is serious enough, recommends a specialist. so do we really need to open new facilities for that ? what nonsense ! why don't we focus on increasing the number of OPD general doctors and finding ways to encourage doctors to stay in the country ? 🤷‍♂️ 😩
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    සීනි කඩේට වෙච්ච දේම වෙයි වගේ.

    මුන් මේම පොර ටෝක් දෙන්න කලින් feasibility study එකක් වත් කරන්නේ නැද්ද දන්නෑ.

    ගෝටාත් කාබනික මඟුලක් ගෙනත් හොඳටම නාගත්තා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    වයිද්‍යවරු නැහැ කියන්න බෑ බන්. ඒකටනෙ ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් ටික කරන්න යන්නෙ මහ පරිමානෙන්.

    බලපන්කො තව ටික කාලෙකින් 😏
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    Assigned docage puk part balanna ona ahinsaka minissu.
    Api nam jeevitheta government hospital walata yanne nathi nisa hodai. Pavu wade anik aya habai.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,028
    113
    Sri Lanka
    දැන් ඔය ඉමර්ජන්සි වලට පවුලේ වෛද්‍යවරයා හම්බෙන්න ඕනද අහන අයටයි, කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න gp ව හම්බෙලා පෝලිම් වල ඉන්න ඕන කියන අයටයි ඇයි තේරෙන්නෙ නැත්තේ පලාතේ මහ ඉස්පිරිතාලෙට ගියත් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න නම් මුලින් opd එකට ගිහින් පෙන්නලා clinic එකට දාගෙන දින හම්බෙන විදිහටයි consultant ව හම්බෙන්න වෙන්නේ කියලා.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113

    කොච්චර අඩුද කියනවා නම් හොස්පිටල් වල බෙහෙත් නෑ දැන් 🤭

    ඊයේ ජනාධිපති අනුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන මරු කතාවක් කිව්වා.

    වැල් වටාරම් නැතිව ඔහු සරලවම කිව්වේ 'වෙනත් රටවල ක්‍රියාත්මක රෙෆරල් ක්‍රමය ලංකාවටත් හඳුන්වා දෙනවා' කියලා.

    ඉස්සර ෆේස්බුක් එකේ 'අනේ මේ රටේ අපිට දොස්තර හම්බ වෙන්න දවස් ගානක් ගියා, ඔයාලා නම් ලකී' කියලා හෑලි ලියන පිටරට උදවිය ඒක අහලා සෑහෙන සතුටෙන් පිනා ගිහින් තිබුණා.

    ඔවුන්‍ට නැති, ලංකාවේ මිනිස්සුන්ට තියෙන තවත් ආතල් එකක් අනුරලා කුඩු කරන නිසා වෙන්න ඇති.

    කොහොමවුනත් ඒවා අනුරලා සහ අනුරලාට ඡන්දෙ දීපු මිනිස්සු බේර ගනීවි.

    නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතලම අර්බුධය ඒක නෙවෙයි.

    මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බෙහෙත් නැහැ.

    බෙහෙත් නෑ කියන්නේ, ප්‍රමිතියෙන් උසස් බෙහෙත් වර්ග බොහෝමයක් ලංකාවේ නැහැ.

    ඒකට ප්‍රධානම හේතුව ඖෂධ නියාමන අධිකාරිය විසින් පනවා තිබෙන පාලන මිල.

    එම නිසා බොහෝ ප්‍රමිතියෙන් උසස් යුරෝපා, ඇමෙරිකානු බෙහෙත් ශ්‍රී ලංකාවට ගෙනෙන්න බැහැ.

    ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ දැන් තියෙන්නේ පාලන මිලට ගේන්න පුලුවන් ප්‍රමිතියේ බෙහෙත්.

    මේක ඉතාම අසාධාරණ, තක්කඩි කොමියුනිස්ට් වැඩක්.

    රජය බෙහෙත් වලට පාලන මිලක් දානවා නම්, සෑම ප්‍රමිතියකම සෑම බෙහෙතක්ම රජයේ රෝහල් වල තිබිය යුතුයි.

    එහෙම නම් මිනිස්සුන්ට ගැටළුවක් නැතිව රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න පුලුවන්.

    හැබැයි රජයේ රෝහල් වල ප්‍රමිතිගත බෙහෙත් තියා අත්‍යවශ්‍ය ඖෂධ හෝ නැහැ.

    එහෙම නම්, මිල දරන්න පුලුවන් මනුස්සයෙකුට ඒ මිලෙන් බෙහෙත මිලට ලබා ගැනීමේ විකල්පය විවෘතව තිබිය යුතුයි.

    නමුත් ආනන්ද විජේවික්‍රම සහ ඖෂධ නියාමන අධිකාරිය ඒ විකල්පයත් මිනිස්සුන්ට නැති කරලා.

    දැන් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයෙන් ප්‍රමිතිගත බෙහෙත් ගෙන එන්නේ නැහැ.

    එතන තවත් ගැටළුවක් තියෙනවා.

    බෙහෙත් කර්මාන්තය කියන්නේ දවසින් දවස දියුණු වෙන, අප්ඩේට් වෙන තැනක්.

    ලෝකයේ බොහෝ රෝග වලට අලුත් බෙහෙර්හ් හොයාගන්නේ ඇමෙරිකාවේ සහ යුරෝපා කලාපයේ.

    ඒ බෙහෙත් දැන් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ.

    ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

    ලෝකයේ අලුත් බෙහෙත් , අලුත් තාක්ෂණය මීට කාලෙකට කළින් ශ්‍රී ලංකාවට ඉතාම ඉක්මණින් ආවා.

    පුද්ගලික අංශය ඒ වැඩේට මුල් වුණා.

    විශේෂයෙන්ම මෑත කාලයේ අතුරු ආබාධ අවම, ඉතා දියුණු බර අඩු කරන ආදී ඖෂධ ෆයිසර් ආදී සමාගම් වලින් නිපදවලා තියෙනවා.

    ඒවා ඇමෙරිකාවේ, යුරෝපයේ වගේම ආසියාවෙත් භාවිතා වෙනවා.

    නමුත් මේ පාලන මිල නිසා ඒ ඖෂධ ශ්‍රී ලංකාවට එන්නේ නැහැ.

    මේක තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇත්ත ගැටළුව.

    මෙහෙම තියෙද්දී මිනිස්සුන්ට රජයේ රෝහල් වලත් ඇක්සස් නැති කරාම මරු!
    ------ Post added on Sep 7, 2026 at 8:00 PM

    දැන් ඔය ඉමර්ජන්සි වලට පවුලේ වෛද්‍යවරයා හම්බෙන්න ඕනද අහන අයටයි, කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න gp ව හම්බෙලා පෝලිම් වල ඉන්න ඕන කියන අයටයි ඇයි තේරෙන්නෙ නැත්තේ පලාතේ මහ ඉස්පිරිතාලෙට ගියත් කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න නම් මුලින් opd එකට ගිහින් පෙන්නලා clinic එකට දාගෙන දින හම්බෙන විදිහටයි consultant ව හම්බෙන්න වෙන්නේ කියලා.
    මුන් step 3 k දාන්නද මන්දා යන්නේ. Consultant හම්බෙදිද් ලෙඩා මැරිලා
    ------ Post added on Sep 7, 2026 at 8:01 PM
     
    • Haha
    Reactions: Inigo Montoya