

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව
/ යෝනි පොරොන්දම
--6 රාශි පොරොන්දම
ස්ත්‍රියගේ උපන් රාශියේ (ලග්න රාශිය) සිට ගැනගෙන යාමේදී පුරුෂයා ගේ උපන් රාශිය 1, 7, 9, 10, 11 වැනි තැනෙක යෙදෙයි නම් උතුම් වේ. 3, 4, 5 නම් මධ්‍යම වේ. 2, 6, 8, 12 නම් නොගත යුතුය. අශුභයි.
රාශි පොරොන්දම ගැලපීමේදී රාශි දෙක සහ රාශි අධිපතියන්ගේ තත්ත්වයන් විමසීම කළයුතුය. ඒවා එකිනෙකට සතුරු නම් අශුභ බව දතයුතුය. තවද කේන්ද්‍ර දෙකේ චන්ද්‍රයා සිටි රාශි දෙක සහ එම රාශි අධිපතියන් ගේ තත්ත්වයද එසේම බැලිය යුතුවෙයි. මේවාද සතුරු නම් නොසීහෙයි.
සතුරු නොවෙයි නම් ශුභ යැයි කිවයුතුය.
--
සැ.යු. ස්ත්‍රිය, ස්ත්‍රී රාශියක ඉපදී පුරුෂයා, පුරුෂ රාශියක ඉපදී ඇත්නම් රාශි පොරොන්දම් දෝෂ නොයෙදේ.