

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ රාශ්‍යාධිපති පොරොන්දම
--8. වශ්‍ය පොරොන්දම
ස්ත්‍රියගේ ජන්ම රාශියට පුරුෂයාගේ ජන්ම රාශිය ද පුරුෂයාගේ ජන්ම රාශියට ස්ත්‍රියගේ ජන්ම රාශිය ද වශ්‍ය නම් සීහෙයි. ශුභයි.
ඒ ඒ රාශියට වශ්‍ය වන්නාවූ අනෙක් රාශීන් පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.
| රාශිය | වශ්‍ය රාශි |
|---|---|
| මේෂ | සිංහ, වෘශ්චික |
| වෘෂභ | කටක, තුලා |
| මිථුන | කන්‍යා |
| කටක | වෘශ්චික, ධනු |
| සිංහ | තුලා |
| කන්‍යා | මිථුන, මීන |
| තුලා | කන්‍යා, මකර |
| වෘශ්චික | කටක |
| ධනු | මීන |
| මකර | මේෂ, කුම්භ |
| කුම්භ | මේෂ |
| මීන | මකර |
තවද සිවුපා රාශි, සිවුපා රාශි වලට ද මනුෂ්‍ය රාශි මනුෂ්‍ය රාශි වලට ද ජලචර රාශි ජලචර රාශි වලට ද වනචර රාශි වනචර රාශි වලට ද කීට රාශි කීට රාශි වලට ද වශ්‍ය වේ.
සිවුපා රාශි | මනුෂ්‍ය රාශි | ජලචර රාශි | වනචර රාශි | කීට රාශි |
|---|---|---|---|---|
| මේෂ වෘෂභ ධනුවේ අපරාර්ධය මකරයේ පුර්වාර්ධය | මිථුන කන්‍යා තුලා ධනුවේ පුවාර්ධය කුම්භ | කටක මීන මකරයේ අපරාර්ධය | සිංහ | වෘශ්චික |
--
සැ.යු. රාශි පොරොන්දම සහ රාශ්‍යාධිපති පොරොන්දම ගැලපීමෙන් මේ වශ්‍ය පොරොන්දම් දෝෂය භංග වේ.
Last edited:
