

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ රජ්ජු පොරොන්දම
--10. වේධ පොරොන්දම
ස්ත්‍රියගේ ජන්ම නැකත සහ පුරුෂයාගේ ජන්ම නැකත එකිනෙකට වේධ වේනම් නොගත යුතුය. අශුභයි.
ඒ ඒ නැකතට අනෙක් නැකැත් වේධ වන අන්දම පහත දැක්වේ.
| නැකත | වේධ නැකත |
|---|---|
| අස්විද | දෙනට |
| බෙරණ | අනුර |
| කැති | විසා |
| රෙහෙන | සා |
| අද | සුවන |
| පුනාවස | උතුරුසල |
| පුස | පුවසල |
| අස්ලිස | මූල |
| මා | රේවතී |
| පුවපල | උතුරුපුටුප |
| උතුරුපල | පුවපුටුප |
| හත | සියාවස |
තවද මුවසිරස, දෙනට සහ සිත යන නැකැත් තුන එකිනෙකට වේධ වේ.
--
සැ.යු. වේධ දෝෂය අන්‍ය වශයෙන් භංග නොවේ.