මීට වසර විසි පහකට ඉහත එනම් 1988 පෙබරවාරි 16 දින ඝාතනයට ලක්වූ ජනකාන්ත සිනමා නළුවකු මෙන්ම දේශපාලනඥයෙකු ද වූ විජය කුමාරතුංග මහතා ඉපදී ඇත්තේ 1945 ඔක්තෝබර් 09 දින මිථුන ලග්නයෙන් හා රාහු ගේ මහ දශාවෙනි. බොහෝ තැන් වල ඒ මහතාගේ ජන්ම පත්‍රය පළකර තිබෙන්නේ වැරදි ආකාරයට බව පෙනී යයි. මෙන්න ඊට උදාහරණ .
මේ පහතින් දැක්වෙන්නේ කුමාරතුංග මහතාගේ නිවැරදි ජන්ම පත්‍රයයි.
උපන් අලුයම් කාලයේ එකදු ග්‍රහයෙක් හෝ නැඟී නොතිබිණ. තවද 7 වැන්නේ සිටි කේතු මුල්කරගත් අර්ධ කාල සර්ප යෝගය ද යෙදී ඇත.
මිථුන ලග්නකරුගේ 3 වැන්නේ සිකුරු සිටි කල දීප්තිමත්, පැහැපත් සම ද පියකරු මුහුණ ද කලා ක්ෂේත්‍රයේ ඉහළ වැජඹීම ද වේ. සැර උෂ්ණ ග්‍රහයන් ලග්නයේ සිටින විට මැදි වයසේදී තට්ටය පෑදෙයි. කුජ සහ රාහු ලග්නයේය. තව ද රාහු ලග්නයේ බලවත් ව සිටින විට ජන්මියා ට මහත් ප්‍රසිද්ධිය මෙන්ම ධන යසස් ලබාදෙන අප මීට පෙර අවස්ථාවක බව කියා ඇත.
10 අධිපති සුබයෙකු වී බලවත්ව 4 සිටීමෙන් ස්වකීය වෘතියේ ඉහළම තැනට රැගෙන යයි. මෙහි 10 අධිපති ගුරු 4 හිය. මේ අතරම ගුරු ග්‍රහයා 7 අධිපති ද විය. 7 අධිපති සුබයෙක් වී 4 සිටීම බොහෝ බලවත් සාදෘශ්‍ය භාර්යාවක් ලැබීමට හේතුවකි. ඉපදුනේ රාහු මහ දශාවේ ලග්න ඒරාෂ්ටක යෙනි. රවී 4 දුර්වල ව සිටිමින් 10 අධිපති දැකීම පියාට අපල කරයි. 9 අධිපති පාපියෙකු වී 2 වැන්නේ සිටීමෙන් මෙය වඩාත් තහවුරු වේ. 4 අධිපති 4 හිම ස්වක්ෂේත්‍ර බලයෙන් ගුරු හා රවි සමඟය. රවි ගෙන් බුධ ට දෝශ නැත. ගුරු සුබයෙකි. මවු දීර්ඝායු වින්දාය.
පුත්‍රස්ථානයේ (5) වැන්නේ චන්ද්‍රයා සිකුරු ගේ රාශියේ ද 5 අධිපති රවිගේ රාශිය වූ 3 වැන්නේ සිටීමෙන් ගැහැණු සහ පිරිමි දරුවන් දෙදෙනෙකි. 5 වැන්නේ චන්ද්‍රයා ලග්නයේ සිටි පාපින්ගේ දෘෂ්ටි ලබා පීඩිත බැවින් අධ්‍යාපනය අතරමග නවතී. හැරත් ලග්නයේ රාහු ඉගෙනුමට ඉඩ නොදෙයි.
සතුරුස්ථානය වන 6 වැන්න හිමි වූයේ යුධයට හා රුධිරයට අධිපති කුජ ටයි. කුජ ලග්නයේ සතුරුව, සතුරෙකු (රාහු) සමඟ සිටියේය. 1988 වන විට ගුරු ගේ යහපත් මහ දශාව නිමවී පාපී සෙනසුරු ගේ මහ දශාව ලබා තිබුණි. ගෙවෙමින් තිබුණේ ත් සෙනසුරු ගේම අතුරු දශාවයි. සෙනසුරු මාරකස්ථානයට (8) අධිපතිව සිටියේය. කුම්භය ට වඩා මකර යේ සෙනසුරු කෘරය. සෙනසුරු සිටියේත් 2 වැන්නේ ය. 2 වැන්න යනු ජන්මියාගේ ගෙලට ඉහළ මුහුණ ප්‍රදේශය අයිති ස්ථානයයි. හිසේ මාරක කුජ හා රාහු ය. ඔවුහු ද ගින්නට ත් දුමට ත් ලෝහ වලටත් අධිපතිකම් දරන්නෝය.
ඒ සියලු ග්‍රහයෝ ද දශාවෝ ද තම තමන්ට අයිති දේ අකුරට ඉටු කළහ. සාහසික වෙඩි උණ්ඩ වරුසාවකින් ඔහුගේ හිස ද මුහුණ ද කුඩුපට්ටම් විය
--
මෙම මරණයට කාල සර්ප යෝගයේ බලපෑමක් නොවීය. 7 මුල් කරගනිමින් කාල සර්ප යෝගය යෙදීමෙන් විවාහයේ යම් ගැටළු ඇතිවේ. ඇතැම් විට අසම්මත අමුතු ආකාරයේ විවාහයක් වේ. කාල සර්ප යෝගය යෙදුනේ ද අර්ධ වශයෙන් බැවින් ද 7 අධිපති ගුරු 4 බලවත් වූ බැවින් ද විවාහය බලවත් විය. එකම දෝෂය වුයේ සහකාරිය තමාට වඩා වයසින් හා බලයෙන් වැඩි තැනැත්තියක් වීම පමණකි.