මේ දවස්වල ඉරාන - ඊශ්‍රායෙල් ගැටුම හේතුවෙන් ලොව පුරා කතාබහට ලක්ව සිටින ඉරාන අධ්‍යාත්මික නායක අලි ඛමෙනෙයි (Ali Hosseini Khamenei) ගේ ජන්ම පත්‍රය පිළිබඳ ජ්‍යෝතිෂ්‍යමය විග්‍රහයක් කරන්න හිතුවා. මොහුගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද? මෙය ලොව පුරා දහස් ගණනක් දෙනා විමසිල්ලෙන් සිටින කාරණයක්.
අලි හොසෙ(ඉ)නි ඛමෙනෙයි ඉපදිලා තියෙන්නේ 1939 අප්‍රේල් මස 19 බුධ දින පෙරවරු 06:00 හෝ ඊට ආසන්න වෙලාවක දී බව සඳහන්. ඊට අනුව ඔහු කුජ හිමි මේෂ ලග්නයෙන් සහ බුධ ගේ මහදශාවෙන් උපත ලබා ඇතිබව පැහැදිළියි. පහත දැක්වෙන්නේ ඛමෙනෙයි ගේ දල කේන්ද්‍ර සටහනයි.
--
--
මේ කේන්ද්‍ර සටහනේ ඉතාම බලවත් ග්‍රහ පිහිටීම් කීපයක්ම දකින්නට පුළුවන්. රවි දීප්ත යෝගය ඉතා බලවත් අන්දමින් ලග්න රාශියේම (මේෂ) යෙදී තිබීම විශේෂයෙන් සඳහන් කළයුතුයි. ලග්නාධිපති මෙන්ම මාරකස්ථානාධිපති කුජ බලයෙන් යුතුව භාග්‍යස්ථානය වන නම වැන්නේ තැන්පත්ව තිබේ. තවද දොළොස් වැන්නේ බලවත් චතුර් ග්‍රහ යෝගය තුල ගුරු හංස යෝගය යෙදී ඇත. දෙක සහ හත අධිපති ශුක්‍ර ශනිගේ ථිර රාශිය වූ එකොළහේ මිත්‍රව සිටියි. මෙම කේන්ද්‍රයට අනුව කැපීපෙනෙන කාරණයක් වන්නේ ඔහු ඉපදී ඇත්තේ ශනිගේ ජන්ම - ලග්න ඒරාෂ්ටක දෙකම එකවිට යෙදී තිබූ ඉතා අවදානම් අවස්තාවක දී බව ය. මෙය මෙම කේන්ද්‍රය බොහෝ බලවත් එකක් බව පෙන්නුම් කරන පැහැදිළි සාක්‍ෂියක් වේ. උපන් අවස්තාවේදී ම නොමැරී බේරුනේ කේන්ද්‍රයේ බලවත් කම නිසාය. මෙවැන්නෝ ගලේ ගසා වත් මරන්නට බැරි දීර්ඝායුෂ ඇත්තෝ වෙති. මොහුගේ ජීවිත ගමනේ මෙතෙක් විස්තර කවුරුත් දන්නා බැවින් ඒ ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත. ඒ නිසා ඔහුගේ ඉදිරි ගමන කෙසේ වනු ඇතිද කියා ශාස්ත්‍රානුකුලව විමසා බලමු.
ඛමෙනෙයි මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ ඉතාම බලගතු කාල වකවානුවක් වන ගුරු ගේ මහදශාවේ අවසන් භාගයයි (ගුරු මහදශාවේ රාහු අතුරු දශාව). 2025 අගෝස්තු 23 පමණ වන විට සෙනසුරු ගේ මහදශාව ලැබීමට නියමිතව ඇත. තවද මින් මාස තුනකට පමණ පෙර සෙනසුරු ගේ ජන්ම ඒරාෂ්ටකයේ උච්ච අවස්ථාව මෙන්ම ලග්න ඒරාෂ්ටකයේ ආරම්භය සනිටුහන් විය. එනම් මේ ගෙවෙන්නේ ඔහුගේ ජීවිතකාලය තුල වන තුන්වන එරාෂ්ටක කාලයයි. ශාස්ත්‍රයට අනුව එරාෂ්ටක තුනක් පසුකර ජීවත්වන පුද්ගලයන් අති දුර්ලභ වේ (එහෙම කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්ට ඔනෑ හොඳේ!
). මේෂ ලග්නකරුට බාධක ග්‍රහයා වන සෙනසුරු මාරක වේ. රාහු යනු ලැබූ විට උන්හිටි තැන් නැති කර දමන ග්‍රහයකු බව ප්‍රසිද්ධ කරුණකි.
මේ අනුව දල කේන්ද්‍රය ද ගෙවෙන දශා, අතුරු දශා ද සලකා බැලූ විට අලි ඛමෙනෙයි ගේ ජීවිතයේ අවසන් යුගය පිළිබඳ පැහැදිළි හෝඩුවාවක් ලබාගත හැකිවෙයි. මීට අනුකුලව බොහෝ විට ඔහුට තම උපන් භූමියෙන් පිටමංව යාමට සිදුවනු ඇත. සතුරු ප්‍රහාරයකින් තොර ස්වභාවික මරණයක් වනු ඇත.
අලි හොසෙ(ඉ)නි ඛමෙනෙයි ඉපදිලා තියෙන්නේ 1939 අප්‍රේල් මස 19 බුධ දින පෙරවරු 06:00 හෝ ඊට ආසන්න වෙලාවක දී බව සඳහන්. ඊට අනුව ඔහු කුජ හිමි මේෂ ලග්නයෙන් සහ බුධ ගේ මහදශාවෙන් උපත ලබා ඇතිබව පැහැදිළියි. පහත දැක්වෙන්නේ ඛමෙනෙයි ගේ දල කේන්ද්‍ර සටහනයි.
--
--
මේ කේන්ද්‍ර සටහනේ ඉතාම බලවත් ග්‍රහ පිහිටීම් කීපයක්ම දකින්නට පුළුවන්. රවි දීප්ත යෝගය ඉතා බලවත් අන්දමින් ලග්න රාශියේම (මේෂ) යෙදී තිබීම විශේෂයෙන් සඳහන් කළයුතුයි. ලග්නාධිපති මෙන්ම මාරකස්ථානාධිපති කුජ බලයෙන් යුතුව භාග්‍යස්ථානය වන නම වැන්නේ තැන්පත්ව තිබේ. තවද දොළොස් වැන්නේ බලවත් චතුර් ග්‍රහ යෝගය තුල ගුරු හංස යෝගය යෙදී ඇත. දෙක සහ හත අධිපති ශුක්‍ර ශනිගේ ථිර රාශිය වූ එකොළහේ මිත්‍රව සිටියි. මෙම කේන්ද්‍රයට අනුව කැපීපෙනෙන කාරණයක් වන්නේ ඔහු ඉපදී ඇත්තේ ශනිගේ ජන්ම - ලග්න ඒරාෂ්ටක දෙකම එකවිට යෙදී තිබූ ඉතා අවදානම් අවස්තාවක දී බව ය. මෙය මෙම කේන්ද්‍රය බොහෝ බලවත් එකක් බව පෙන්නුම් කරන පැහැදිළි සාක්‍ෂියක් වේ. උපන් අවස්තාවේදී ම නොමැරී බේරුනේ කේන්ද්‍රයේ බලවත් කම නිසාය. මෙවැන්නෝ ගලේ ගසා වත් මරන්නට බැරි දීර්ඝායුෂ ඇත්තෝ වෙති. මොහුගේ ජීවිත ගමනේ මෙතෙක් විස්තර කවුරුත් දන්නා බැවින් ඒ ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත. ඒ නිසා ඔහුගේ ඉදිරි ගමන කෙසේ වනු ඇතිද කියා ශාස්ත්‍රානුකුලව විමසා බලමු.
ඛමෙනෙයි මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ ඉතාම බලගතු කාල වකවානුවක් වන ගුරු ගේ මහදශාවේ අවසන් භාගයයි (ගුරු මහදශාවේ රාහු අතුරු දශාව). 2025 අගෝස්තු 23 පමණ වන විට සෙනසුරු ගේ මහදශාව ලැබීමට නියමිතව ඇත. තවද මින් මාස තුනකට පමණ පෙර සෙනසුරු ගේ ජන්ම ඒරාෂ්ටකයේ උච්ච අවස්ථාව මෙන්ම ලග්න ඒරාෂ්ටකයේ ආරම්භය සනිටුහන් විය. එනම් මේ ගෙවෙන්නේ ඔහුගේ ජීවිතකාලය තුල වන තුන්වන එරාෂ්ටක කාලයයි. ශාස්ත්‍රයට අනුව එරාෂ්ටක තුනක් පසුකර ජීවත්වන පුද්ගලයන් අති දුර්ලභ වේ (එහෙම කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්ට ඔනෑ හොඳේ!
). මේෂ ලග්නකරුට බාධක ග්‍රහයා වන සෙනසුරු මාරක වේ. රාහු යනු ලැබූ විට උන්හිටි තැන් නැති කර දමන ග්‍රහයකු බව ප්‍රසිද්ධ කරුණකි.මේ අනුව දල කේන්ද්‍රය ද ගෙවෙන දශා, අතුරු දශා ද සලකා බැලූ විට අලි ඛමෙනෙයි ගේ ජීවිතයේ අවසන් යුගය පිළිබඳ පැහැදිළි හෝඩුවාවක් ලබාගත හැකිවෙයි. මීට අනුකුලව බොහෝ විට ඔහුට තම උපන් භූමියෙන් පිටමංව යාමට සිදුවනු ඇත. සතුරු ප්‍රහාරයකින් තොර ස්වභාවික මරණයක් වනු ඇත.

lassanayi mitto