10 ලීටර්ස්.....

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo


    (අවවාදයයි! - ආගමකට අපහස කරන්නේ නැත...)

    presenting-parrot-vector.jpg



    ඔන්න කලෙක රටක බ්‍රයන් කියල ඩයල් එකක් හිටිය මිනිහගේ ෆැමිලි එකත් එක්ක. මිනිහා සුරතලේට ඇති කලේ කතා කරන ගිරවෙක් .
    දැන් ඔන්න සීත කාලේ ආවම හීටිං මැෂින් වලට දාන්න හීටිං ඔයිල් ගෙන ඩයල් එනවලු ඔයිල් කරත්තෙත් තල්ලු කරගෙන.
    මිනිහා කරන්නේ එළියේ ඉදන් අහනවලු "මහත්තය... ලීටර් කීයද? " කියල.
    ඉතින් බ්‍රයන් ගේ ගෙදර කට්ටිය දෙනවලු උත්තර ...3 ලීටර්ස්... 5 ලීටර්ස්.... 10 ලීටර්ස්..... ඔය වගේ...
    අර මෑනුත් ඔයිල් පුරවල යනවලු. හැබැයි ඔයිල් වල බිල එන්නේ මාසේ අන්තිමට. ඔහොම ටික දවසක් යනකොට ගිරවත් පුරුදු උනාලු
    ලීටර් ගාන කියන්න. දැන් හීටිං ඔයිල් දෙන මනුස්සය ඇවිල්ල "මහත්තය ලීටර් කීයද? " කියල ඇහුවම ගෙදර අය කතා නැත්නම් ගිරවා දෙනවලු උත්තර..
    ගිරවා වැඩිපුරම කියන්නේ 10 ලීටර්ස් කියල තමයි. මාසේ අන්තිමට බ්‍රයන් ට සැහෙන්න බිලක් එනවලු ගිරවාගේ මේ ඔඩර් කිරිල්ල නිසා.
    බ්‍රයන්ටත් පුදුමයිලු බිල වැඩිය එන එක. දවසක් ගිරවාගේ ඕඩර් කරන එක මට්ටු උනාලු මෑන්ස්ට... බ්‍රයන් කලේ අල්ල ගත්තලු ගිරවව කිව්වලු
    "ගිරවෝ අයේ උබ ඔය වැඩේ කලොත් උබව බිත්තියට තියල ඇණ ගහනවා මතක තියාගනින්" කියල... ගිරවත් "හා..." කියල ශේප් උනාලු.
    එත් බ්‍රයන්ට ගිරවව ෂුවර් නැතිලු.. මිනිහා කලේ හොරෙන් හැංගිලා බලන් හිටියලු , ඊලග දවසේ හීටිං ඔයිල් දෙන්න ආවම ගිරවා මොකෝ කරන්නේ කියල.
    ඔයිල් මෑනුත් ආවලු.. ඇහුවලු.. "මහත්තය...... ලීටර් කීයද? " කියල.. බ්‍රයන් ගේ ගෙදර කවුරුත් කතා නැති හින්ද හිරවගේත් පණ්ඩිත කමට කිව්වලු " 10 ලීටර්ස්..... "
    දැන් බ්‍රයන්ට මල ලු. ඇයි මේකා කියනදේ අහන්නේ නැහැනේ.. අල්ලගත්තලු ගිරවා..." ඈ බෝල ගිරවෝ තොට එපා කියපු එක නේද තෝ කලේ ඔහේ හිටු "කියල
    ගැහුවල බිත්තියට තියල ඇණ ...තටු 2 ක දෙපැත්තට ඇදල.. ඇණ ගහද්දි ගිරවට සිහිය නැතිඋනාලු..
    ටික වෙලාවකින් මුට සිහිය එද්දී මුව තියල ඇණ ගැහුවා බිතියට ඉස්සර බිත්තියේ තියනවලු ශුද්ද වූ ජේසු තුමාගේ ෆොටෝ එකක්... ගිරවා එක දැකල
    අමාරුවෙන් අහනවලු..., " මේ... ඒයි... ඔයා... ලීටර් කීයක් ඕඩර් කලාද??? "


    Thumbs-up...jpeg

    කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
    REP
    දුන්නට තරහ වෙන්නේ නෑ​
     
    • Like
    Reactions: thilangr8