10000 කට නොකියා යන්න කියයි
ජංගම දුරකතන වෙළදපොලේ දැවැන්තයෙකු වන නොකියා සමාගම මෙම වසරේ දෙවන කාර්තුවේ ලැබූ අලාභය බලාපොරොත්තු වුවාටත් වඩා විශාල වීම හේතුවෙන් ලොව පුරා පිහිටි සිය කාර්මාන්තාශාලාවන් හි සේවය කරන තම සේවකයන් 10000 ක් රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව නොකියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීවන් ඉලොප් සිය තනතුරේ වැඩ බාර ගැනීමෙන් පසු සමාගමෙන් ඉවත් කල මුළු සේවක සංඛ්‍යාව 40000 වඩා වැඩි බව සමාගමේ ආරංචි මාර්ග පවසයි.
පින්ලන්තය මූලික කරගෙන ඇරඹුණු නොකියා සමාගම එරටෙහි තිබූ සිය අවසාන කර්මාන්තශාලාවද වසා දැමීමට පියවර ගත් අතර අනෙකුත් තරගකාරි සමාගම් වල ජංගම දුරකතනයන් සදහා යොදා ගන්නා ඇන්ඞ්රොයිඞ් මෙහෙයුම් පද්ධතිය හමුවේ නොකියා දුරකතන වලට යොදා ඇති සිම්බියන් මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වීම හේතුවෙන් සිය නවතම දුරකතනයන් සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යොදා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
lankatruth

ඉස්සර ෆෝන් කීවොත් ඉතින් Nokia තමයි. මටත් මුලින්ම තිබ්බේ Nokia N70 Music Edition එකක්.
Android ෆට්ටයි.