11 PLANES MISSING~ගුවන් යානා 11 ක් අතුරුදන්. සැප්තැම්බර් 11 ප
ගුවන් යානා 11 ක් අතුරුදන්. සැප්තැම්බර් 11 ප්‍රහාරය සැමරීමේ ප්‍රහාරයකටදැයි සැකයක්
ඉස්ලාමීය සන්නද්ධ අන්තවාදීන් ගුවන් යානා 11 ක් පමණ මේ වනවිට පැහැරගෙන තිබෙන බවත් ඒවා සැප්තැම්බර් 11 වනදා ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සැමරීම සඳහා ඒ ආකාරයේ ප්‍රහාරයකට යොදාගැනීමේ අවධානමක් තිබෙන බවටත් ඇමරිකාව අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඉස්ලාමීය සන්නද්ධ අන්තවාදීන් විසින් මේ ආකාරයෙන් පසුගියදා ගුවන් යානා හොරකම් කර තිබෙන්නේ ලිබියාවෙනි.
ලිබියානු රජයට අයත් ගුවන් සමාගම් දෙකක් විසින් මෙහෙයවන ගුවන් යානා 11 ක් පසුගිය මාසයේදී අතුරුදන්ව තිබෙන්නේ ට්‍රිපෝලි නගරයේ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ Libyan Dawn නැමති සන්නද්ධ කණ්ඩායම අල්ලා ගැනීමෙන් පසුවයි.
මේ අනුව, පසුගිය සති දෙක තුළදී ඇමරිකාව විසින් අනතුරු හඟවා තිබෙන්නේ මේ සැප්තැම්බර් 11 වනදාට යෙදෙන ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සැමරීමේ ප්‍රහාරයක් මෙම ගුවන් යානා යොදා ගනිමින් සැලසුම් කරන්නේදැයි සැකයක් ඇතිවී තිබෙන බවයි.
ADADERANA