110V_චාජර්_එකක්(SMPS)_230V_වලට_මොඩිෆයි_කරමු
මුලින්ම කියන්න ඕන මේක හැම SMPS එකකටම හරියන්නෙ නැහැ. සමහර ඒවයෙ ගොඩක් වෙනස්කම් කරලා තමයි 230V වලට මොඩිෆයි කරන්න වෙන්නෙ
මොඩිෆයි කරලා හයි කරන්න කලින් සර්කිට් එකේ PCB එකේ ෆොටෝ එකක් ගන්න අමතක උනා, ඩයග්‍රම් එකෙන් හොදට තේරෙවි කියලා හිතනවා
ගොඩක් දෙනා දන්නවා ඇති සමහර රටවල 110V තමයි ගෙවල්වලට දෙන සප්ලයි වෝල්ටේජ් එක, ඒක නිසා ඒ රටවලින් ගේන උපකරන ට්‍රානස්ෆෝමරයක් හරි වෙන උපක්‍රමයක් හරි නැතුව අපේ රටේ තියන 230V එකට කෙලින්ම ගැහුවොතින් පිච්චිලා යනවා.
මේවයෙන් සමහර චාජර් තියනවා බොහොම පොඩි වෙනස්කමක් කරලා 230 වලට හදාගන්න පුලුවන්, ගොඩක් වෙලාවට පවර් ටූල් වල චාජර් මේ විදියට වෙනස් කරන්න පුලුවන්.
මේ වෙනස කරන්න කලින් අපි මේ කරන්න යන්නෙ මොකද්ද කියලා තියරිටිකලි පැහැදිලි කරන්නම්. සාමාන්යෙන් SMPS එකක ඉන්පුට් එක මුලින්ම ඉන්ඩක්ටර් කිහිපයකින් ෆිල්ටර් කරලා ගන්නවා ඊට පස්සෙ ප්‍රොටෙක්ශන් සර්කිට් එකක් තියනවා ගොඩක් වෙලාවට තියෙන්නෙ වැරිස්ටර් එකක් සහ ෆියුස් එකක් දාපු සරල ප්‍රොටෙක්ශන් සර්කිට් එකක් සමහර ඒවයෙ මීට වඩා සංකීර්ණ ප්‍රොටෙක්ශන් සර්කිට් තියෙන්න පුලුවන් සමහර ඒවයෙ මුලින් ප්‍රොටෙක්ශන් සර්කිට් එක තිබිලා පස්සෙ ෆිල්ටර් කරන්න තියන ඉන්ඩක්ටර් තියෙන්නත් පුලුවන්.
ඊට පස්සෙ මේ AC සැපයම Full Bridge Rectifier එකක් භාවිතා කරලා DC සප්ලයි එකක් බවට පත් කරගන්නවා. සමහර SMPS වල මෙන්න මේ Bridge Rectifire එකත් එක්ක තියනවා වෝල්ටේජ් එක දෙගුන කරන්න පුලුවන් සරල ක්‍රමයක්. පහල තියන ඩයග්‍රම් එක බැලුවොත් තේරේවි මේකෙ අපි සාමාන්යෙන් රෙක්ටිෆයර් එකට පස්සෙ දාන තනි ස්මූතින් කැපෑසිටර් එක වෙනුවට කැපෑසිටර් දෙකක් සීරිස් කරලා දාල තියනවා සහ ඒ කැපෑසිටර් දෙක මැදට AC සප්ලයි එකේ එක අග්‍රයක් කෙලින්ම දීල තියනවා,
මෙන්න මේ විදියට තිබුනොත් අපිට බොහොම පහසුවෙන් මේ SMPS එක 230 ට මොඩිෆයි කරගන්න පුලුවන්
මොකද මේකෙන් කරලා තියෙන්නෙ මුලින් ගන්න 110 වෝල්ටීයතාව DC කරලා දෙගුන කරලා අරගෙන තමයි මෙතනින් පස්සෙ තියන සර්කිට් එකට යන්නෙ. ඒ කියන්නෙ ඒ කොටස කොහොමත් 220 වලට සැලසුම් කරලා තියෙන්නෙ ඒ කොටසට කිසිම වෙනසක් කරන්න ඕන නැහැ,
අපිට කරන්න තියෙන්න මෙන්න මේ වෝල්ටේජ් එක දෙගුණ කරන සර්කිට් එක ඩිසේබල් කරන්න විතරයි,
මේකට බොහොම සුලු දෙයක් කරන්න තියෙන්නෙ
මම මේ ඩයග්‍රම් එකේ Cut Here කියලා තියන තැනින් සර්කිට් එක වෙන් කරා නම් හරි. එතකොට මේක සාමාන්‍ය රෙක්ටිෆයර් සර්කිට් එකක් විතරක් වෙනවා. අපි ඉන්පුට් එකට 230 දුන්නම ඒක ඩබල් වෙන්නෙ නැතුව ගියාම 110 ඩබල් වෙලා එන ගානට ඉතාම ආසන්න වෝල්ට් ගානක් එනවා,
මීට අමතරව අනිවාර්යෙන් කරන්න ඕන තව දේවල් ටිකක් තියනවා, මේ C1 C2 කියන කෑපෑසිටර් දෙක 400V ඒවට මාරු කරන්න ඕන. හැබැයි සමහර SMPS වල මේවා 200V එනවා,මේ දෙක සීරීස් වෙලා තියන නිසා මේ දෙකම එකට තියනකොට 400V වගේ තමයි එහෙම නම් මාරු නොකරත් අවුලක් නැහැ.
තව අනිවාර්යෙන් වැරිස්ටර් එක මාරු කරන්න ඕන, මේ වැරිස්ටර් එකේ ප්‍රයෝජනේ තමයි හයි වෝල්ටේජ් එකක් ආවොත් වැරිස්ටර් එකේ ප්‍රතිරෝධය අඩුවෙලා ලොකු ධාරාවක් ඒක හරහා යවලා ෆියුස් එක දැවී යාමට සලස්වන එක. එතකොට සර්කිට් එක ආරක්ශා වෙනවා. 110v වලට දාල තියන වැරිස්ටර් එක එහෙමම තියෙන්න හැරියොතින් වෙන්නෙ 230v දිත් මේදේ වෙලා ෆියුස් එක පිච්චිලා යනවා
ඒක නිසා මේකට 230v වලට හරියන වැරිස්ටර් එකක් දාන්න. මම දැම්මෙ TVR10471 කියන එක, ඒක පරන මැක්බුක් චාජර් එකකින් ගලවගත්තා. මේකෙ තිබුනෙ 10N271කියන එක. මේවට මේ අගයම අවශය නැහැ ගැලපෙන එකක් අරන් දාන්න 370v-400v වගේ එකක් අවුලක් වෙන්නෙ නැහැ. මේක අයින් කරත් අවුලක් නැහැ හැබැයි එතකොට සප්ලයි එකේ අවුලක් නිසා හයි වෝල්ටේජ් එකක් ආවොත් චාජරේ පිච්චිලා යාවි
අනික අපි වැරිස්ටර් එකක් අනිවාර්යෙන් හීට් ශ්රින්ක් කරලා තියන්න ඕන මොකද සමහර වෙලාවට මේක පුපුරලා යනවා ඒ පුපුරලා යන කෑලි වැදිලා අනෙක් කොටස් වලටත් හානි වෙන්න හරි ඒ කොටස් IC වල හර ට්‍රාන්සිස්ටර් වල හරි අග්‍ර අතර හිරවෙල තිබිලා ආයෙ රෙපෙයාර් කරාම ඒවත් පිච්චිලා යන්න පුලුවන්.
මේ විදියට තමයි අර ඉස්සර ආපු කම්පියුටර් පවර් සප්ලයි වල 110-230 ස්විච් එක වැඩ කරන්නෙ අර මම Cut Here කියලා මාක් කරලා තියන තැනට ස්විච් එකක් දාල තියනවා.ඒක ඔන් උනාම 110v ඔෆ් උනාම 230v.
මම ෆොටෝ එකක් දාල තියනවා මම මොඩිෆයි කරපු M12-M18, 48-59-1812 කියන චාජරේ 230v වලින් වැඩකරන විදිය
හරියට නොදැන මේව කරන්න ගිහින් කරන්ට් එක වද්දගත්තොතින් හරි චාජරේ පිච්වුනොත් හරි ගේ ගිනිගත්තොතින් හරි වගකියනු නොලැබේ

Last edited: