ළමුන් දෙදෙනෙක් ගෙයක් තුල රඳවාගෙන සිටිනවා කියා පොලිසියට 119 ඇමතුමක් ලැබූ වහාම එතනට ගොස් බැලූ විට ළමුන් දෙදෙනෙක් වත්තේ සෙල්ලම් කරනවා දුටුහ. ගෙය් දොර වසා තිබුණි. ගහකට මුවාවෙන පරිදි Bike එකක් නවත්තල තිබුණි. දොරට තට්ටු කළේය. ටික වෙලාවකින් දොර ඇර දහදියෙන් තෙමී ගිය අඩ නිරුවත් උඩුකය වසේනසේ රෙද්දක් කර දවටා සිටි තරුණ ගෑනු කෙනෙක් " අය් රාලහාමි" කියා ඇසුවේය. එවෙලේම ගෙය් පසුපසින් දුවන අඩි සද්දයක් ඇසුනි. "කව්ද ඒ දිව්වේ කියා පොලිසියෙන් ඇසුවිට ගැහැණු කෙනා කිව්වේ සතෙක් වෙන්න ඇති" කියල. පොලිසියට යමක් වැටහුණි. එහෙමනං ඒ සතා ට කියන්න Bike එක ගන්න පොලිසියට එන්න කියල. දින හතරක් ගත උනත් අලුත්ම bike එක ගන්න ඇවිත් නැහැ.
උපුටා ගත්තේ අද ලංකාදීප පත්තරෙන් 13-10.
උපුටා ගත්තේ අද ලංකාදීප පත්තරෙන් 13-10.







