12 වසරේ සිසුවා බයික් අනතුරින් නසී

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113


    මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා යතුරුපැදියකින් යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) උදෑසන බස් රථයක ගැටී තිබේ.

    අනතුරකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    අනතුරෙන් මියගොස් ඇත්තේ 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

    බරපතළ තුවාල ලැබූ සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    මහනුවර - දිගන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර ඉදිරිපිටදී දිගන දෙසින් පැමිණි බස් රථයේ එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය ගැටී සිසුන් දෙදෙනා බස් රථයට යටවී ඇති බව පැවසෙයි.

    එම සිසුන් දෙදෙනා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් තරගයක (බිග් මැච්) සංවිධාන කටයුතු සඳහා යමින් සිටියදී මෙම බිහිසුණු අනතුර සිදුවී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,288
    113
    35
    Spain
    ඉස්කෝලේ කොල්ලන්ට මෝටර් බයික් පදවන්න දෙන්න හොඳ නැහැ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,401
    113
    Bus එකත් හෙන වෙගෙන් ඇවිල්ලා වගේ