12 MONTHS ** අවුරැද්දේ මාස 12 පිළිබඳ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    12 MONTHS ** අවුරැද්දේ මාස 12 පිළිබඳ

    අවුරැද්දේ මාස 12 පිළිබඳ

    month_A_01.jpg


    ජනවාරි මාසය රෝම දින දසුනට අනුව අවුරුද්දේ පළමුවෙනි මාසය තමයි ජනවාරි මාසය. ජනවාරි කියන නම සෑදී තිබෙන්නේ රෝම දෙවියෙකු වන ජානුස් දෙවියන්ගේ නම ඇසුරිනුයි. මෙම දෙවියාට හිස් දෙකක් තිබෙන බව පැරණි විශ්වාසයයි. එක් හිසක් ඉදිරි පසටත් අනෙක් හිස පසු පසටත් හරවාගෙනයි මේ ජානුස් දෙවියා සිටින්නේ. ඉදිරියට හරවාගෙන ඉන්න හිසෙන් ඉදිරි අනාගතය එනම් නව වසර දෙස බැලීමත් පසුපසට හරවාගෙන ඉන්න හිසෙන් අතීතය එනම් ගෙවී ගිය වසර දෙස බැලීමත් සංකේතවත් වෙනවා. වසරක අවසානය මෙන්ම නව වසරක උදාව සනිටුහන් කරන ජනවාරි මාසය සඳහා ජානුස් දෙවියන්ගේ සංකේතය බෙහෙවින්ම ගැලපෙනවා නේද? දෙව්ලොව දොරටු ආරක්‍ෂා කරන්නේත් ජානුස් දෙවියා බව පුරාණ රෝමවරුන් ගේ විශ්වාසය වුණා.ජනවාරි යන නම සෑදී තිබෙන්නේ ලතින් භාෂාවේ ජැනුරියස් යන වචනය ඇසුරිනි. මුලින් ජනවාරි මාසය වසරේ එකොළොස්වන මාසය ලෙස තිබුණු අතර කි‍්‍ර.පූ. 46 දී ජුලියස් සීසර් අධිරාජයා විසින් එය පළමු මාසය ලෙස සකසන ලදී. සිංහල ක‍්‍රමයට ජනවාරි මාසය දුරුතු නමින් හඳුන්වයි.

    month_A_02.jpg


    පෙබරවාරි මාසයයිවසරේ දෙවෙනි මාසය පෙබරවාරි මාසයයි. පෙබරවාරි යන වචනය සෑදී තිබෙන්නේ පවිත‍්‍රත්වය යන තේරුම දෙන Februarius (ෆෙබ්රුඒරියස්) යන ලතින් වචනය ඇසුරිනි. පුරාණයේදී පෙබරවාරි වසරේ අවසාන මාසය ලෙස පැවතුණි. එම කාලයේදී උදාවන නව වසර (එවිට පළමු මාසය මාර්තු විය) පිළිගැනීම සඳහා රෝමවරු පවිත‍්‍රත්වයේ උත්සවයක් පැවැත්වූහ. පසුව පෙබරවාරි වසරේ දෙවෙනි මාසය ලෙස ඔගස්ටස් අධිරාජයා විසින් මාරු කළ පසුව වුවද එහි නම වෙනස් වූයේ නැත. ජුලියස් සීසර් අධිරාජ්‍යයාගේ කාලය උදාවන තුරුම පෙබරවාරි මාසයට දින 30 ක් තිබුණි. නමුත් ජුලියස් සීසර් අධිරාජ්‍යයා තමන්ගේ නමින් ජූලි මාසය නිර්මාණය කළ පසු ඔහු පෙබරවාරි මාසයෙන් දිනයක් ණයට ගෙන එය ජූලි මාසයට එක් කළේය. ඔගස්ටස් අධිරාජ්‍යයා විසින් තමන්ගේ නමින් අගෝස්තු (ඕගස්ට්) මාසය නිර්මාණය කළ පසු ඔහු ද පෙබරවාරි මාසයෙන් දිනයක් ණයට ගෙන අගෝස්තු මාසයට එක්්කරන ලදී. මේනිසා පෙබරවාරි මාසයට ඉතිරි වූයේ දින 28 ක් පමණි. නමුත් වසර හතරකට වරක් උදාවන අධික අවුරුද්දේ දී පෙබරවාරි මාසයට තව එක් දිනයක් එක් වේ. පෙබරවාරි යන නම ෆෙබ්රුඒරියස් යන ලතින් වචනය ඇසුරින් සෑදී තිබේ. සිංහල ක‍්‍රමයට පෙබරවාරි මාසය ‘නවම්’ නමින් හඳුන්වයි.

    month_A_03.jpg


    මාර්තු මාසයඅවුරුද්දේ තුන්වන මාසය මාර්තුවේ. යුද්ධයට අධිපති රෝම දෙවියෙකු වන ‘මාර්ස්’ නමින් මාර්තු මාසය නම් කර තිබේ. මෙම දෙවියා සෑම මොහොතකම හෙල්ල සහ පළිහ අත දරා ගෙන සිටින නිසා බිහිසුණු දෙවියෙකු ලෙස පුරාණ රෝමවරු සැලකූහ. මාර්ස් දෙවියා ගොවිතැනට අධිපති දෙවියා ලෙසද පුද පූජා ලැබුවේය. පුරාණ රෝමවරු තමන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරමින් සී සාන ලද්දේ මාර්තු මාසයේදීයි. ඉතා සාරවත් අස්වැන්නක් පතමින් ඔවුහු මාර්ස් දෙවියාට යාඥා කළහ. මුලදී වසරේ පළමුවන මාසය ලෙස පැවති මාර්තු මාසය පසුව තුන්වන මාසය බවට පත් විය. සිංහල ක‍්‍රමයට මාර්තු මාසය ‘මැදින්’ නමින් හඳුන්වයි.

    month_A_04.jpg


    අපේ‍්‍රල් මාසයඅවුරුද්දේ හතර වන මාසය අපේ‍්‍රල් මාසයයි. අපෙ‍්‍ර්ල් මාසයේ නම සෑදී තිබෙන්නේ ‘ඇපෙරිර්’ යන ලතින් වචනය ඇසුරිනි. එහි තේරුම ආරම්භය යන්න විය. පුරාණ ඉංග‍්‍රීසි භාෂාවේදී එය ඇව්රිල්ˆ(AVRIL) විය. අපෙ‍්‍ර්ල් මාසය වසන්ත සෘතුවේ ආරම්භයයි. ගහකොළ මලින් සහ ගෙඩිවලින් සාරවත් වන කාලයයි. මේ නිසා අපෙ‍්‍ර්ල් මාසයට එම නම හොඳින් ගැලපේ. පුරාණ රෝමවරු අපෙ‍්‍ර්ල් මාසය වීනස් දෙවඟනගේ ශුද්ධ වූ මාසය ලෙස ද සැලකූහ. සිංහල ක‍්‍රමයට අපේ‍්‍රල‍්‍ර් මාසය ‘බක්’ නමින් හඳුන්වයි. එහි තේරුම භාග්‍යවන්ත මාසය යන්නයි. සිංහල ක‍්‍රමයට අපට නව වසර උදාවන්නේ මේ මාසයේදීය.

    month_A_05.jpg


    මැයි මාසයඅවුරුද්දේ පස්වන මාසය තමයි මැයි මාසය. මැයි යන නම සෑදී තිබෙන්නේ ‘මේයා’ යන පුරාණ රෝම දෙවඟන ගේ නමිනි. ඇය වසන්තයෙ දෙවඟන ලෙස ද සලකනු ලැබේ. ඇය මුළු ලෝකයම තම උරහිස මත දරාගෙන සිටින ඇට්ලස් නමැති ශක්තිමත් යොධයාගේ දියණිය බව ද පැවසේ. පුරාණයේදී එංගලන්ත වාසීන් මැයි මස පළමු දිනය ඉතා විචිත‍්‍රවත්ව සමරන ලදී. මැයි රැජිණ ලෙස දැරියකට මල් ගවසා ඔටුණු පළඳවා අලංකාර ලෙස සරසන ලද මැයි කණුව (May pole) වටේ ගී ගයමින් නටන ලදී. අද මැයි දිනය වැඩකරන ජනතාවගේ දිනය වශයෙන් ජාත්‍යන්තර දිනයක් බවට ද පත්ව තිබේ. සම්බුදු තෙමඟුල යෙදෙන්නේ ද මේ මාසයටයි. සිංහල ක‍්‍රමයට වෙසක් මාසය නමින් හැඳින්වේ.

    month_A_06.jpg


    ජූනි මාසයඅවුරුද්දෙ හයවන මාසය ජූනි මාසයයි. ජූනෝ නම් පුරාණ රෝම දෙවඟනට ගරු බුහුමන් දැක්වීම සඳහා මෙම මාසයේදී පුරාණ රෝමවරු උත්සව පැවැත්වූහ. එම නිසා ජූනෝ දෙවඟනගේ නම මෙම මාසයට තබන ලදී. සිංහල ක‍්‍රමයට පොසොන් මාසය ලෙස හැඳින්වේ. ජූනෝ දෙවඟන මොණරුන් බැඳි කරත්තයක නැගී ගමන්් කරන බවද රෝමවරුන්ගේ විශ්වාසය විය.
    ජූලි මාසයඅවුරුද්දේ හත්වන මාසය ජූලි මාසයයි. ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් රෝම දින දසුන නැවත සකස් කරද්දී ඔහු එතෙක් අගට යෙදී තිබූ ජනවාරි පෙබරවාරි මාස වසරේ මුලට ගෙන ආවේය. එතෙක් පස්වන මාසය (කුයින් ටිලිස්) නමින් තිබුණු මාසය ඉන්පසුු හත්වන මාසය බවට පත් විය. ඉන්පසු ජූලියස් සීසර් අධිරාජ්‍යයා තමන්ගේ නම යොදා හත්වන මාසය ජූලි මාසය ලෙස සකසන ලදී. සිංහල ක‍්‍රමයට මෙම මාසය ඇසළ මාසය ලෙස හඳුන්වනු ලැබේ.


     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay

    month_A_07.jpg

    ජූලි මාසයඅවුරුද්දේ හත්වන මාසය ජූලි මාසයයි. ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් රෝම දින දසුන නැවත සකස් කරද්දී ඔහු එතෙක් අගට යෙදී තිබූ ජනවාරි පෙබරවාරි මාස වසරේ මුලට ගෙන ආවේය. එතෙක් පස්වන මාසය (කුයින් ටිලිස්) නමින් තිබුණු මාසය ඉන්පසුු හත්වන මාසය බවට පත් විය. ඉන්පසු ජූලියස් සීසර් අධිරාජ්‍යයා තමන්ගේ නම යොදා හත්වන මාසය ජූලි මාසය ලෙස සකසන ලදී. සිංහල ක‍්‍රමයට මෙම මාසය ඇසළ මාසය ලෙස හඳුන්වනු ලැබේ.


    month_A_08.jpg


    අගෝස්තු මාසයඅගෝස්තු වසරේ අට වන මාසයයි. පුරාණ රෝමවරු මෙය පෙරදී හඳුන්වන ලද්දේ සික්ස්ටිලිස් (ලතින් බසින් හයවන මාසය) යන නමිනි. නමුත් ජුලියස් සීසර් අධිරාජ්‍යයා විසින් දින දසුන වෙනස් කළ පසුු මෙය හය වන මාසය නොව අටවන මාසය බවට පත් විය. කි‍්‍ර. පූ. 8 වන සියවසේ දී පමණ රෝමය පාලනය කළ ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ නමින් මෙය ඕගස්ට් (අගෝස්තු) ලෙස නම් කරන ලදී. තම නමින් උපන්් මාසයට දින 30 ක් ප‍්‍රමාණවත් නොවන බව කී අධිරාජයා පෙබරවාරි මාසයෙන් දිනයක් ණයට ගෙන අගෝස්තු මාසයට දින 31 ක් යොදන ලදී. සිංහල ක‍්‍රමයට අගෝස්තු මාසය නිකිණි ලෙස හැඳින්වේ.

    month_A_09.jpg


    සැප්තැම්බර් මාසයසැප්තැම්බර් මාසය වසරේ නව වන මාසයයි. නමුත් පුරාණයේදී හත්වන මාසය ලෙස පැවති නිසා එය ලතින් බසින් හත යන තේරුම දෙන ‘සෙප්ටෙම්’ නමින් හඳුන්වන ලදී. ජුලියස් සීසර් විසින් පසුව දින දසුන සකසා මෙය නවවන මාසය බවට පත් කළ ද එහි නම වෙනස් නොකර එසේම තබන ලදී. සිංහල ක‍්‍රමයට මෙය ‘බිනර’ මාසය ලෙස හඳුන්වයි.


    month_A_10.jpg


    ඔක්තෝබර් මාසයඔක්තෝබර් මාසය වසරේ දස වන මාසයයි. නමුත් මෙය දින දසුන වෙනස් කිරීමට පෙර අට වන මාසය ලෙස තිබුණි. ඒ නිසා ලතින් බසින්් අට යන තේරුම දෙන ‘ඔක්ටෝ’ යන නම එයට භාවිතා විය. පසුව දසවන මාසය බවට පත් වුවද එහි නම වෙනස් වූයේ නැත. සිංහල ක‍්‍රමයට මෙය ‘වප්’ මාසය ලෙස හඳුන්වයි. ඇන්ග්ලෝ - සැක්සන්වරු මෙම මාසයට ‘කහ මාසය’ යන නම ද භාවිතා කළහ.

    month_A_11.jpg


    නොවැම්බර් මාසයනොවැම්බර් මාසය වසරේ 11 වන මාසයයි. නමුත් දින දසුන වෙනස් කිරීමට පෙර එය 9 වන මාසය ලෙස පැවතුණි. ඒ නිසා එය ලතින් බසින් නවය යන තේරුම දෙන ‘නොවෙම්’ යන නමින් හඳුන්වන ලදී.පසුව 11 වන මාසය බවට පත් වුව ද එහි නම වෙනස් වූයේ නැත. සිංහල ක‍්‍රමයට මෙය ‘ඉල්’ මාසය ලෙස හඳුන්වයි. පුරාණ ඇන්ග්ලෝ - සැක්සන්වරු මෙම මාසයේදී සීත ඍතුවේදී පෝෂණය කළ නොහැකි සතුන් මරා දැමීමට පුරුදු වී සිටියහ. එනිසා එය Blood month ලෙස ද හඳුන්වන ලදී.

    month_A_12.jpg


    දෙසැම්බර් මාසයමෙය වසරේ 12 වන මාසය හෙවත් අවසාන මාසයයි. දින දසුන වෙනස් කිරීමට පෙර මෙය දස වන මාසය විය. ඒ නිසා ලතින් බසින් දහය යන තේරුම දෙන ‘ඩිසෙම්’ යන වචනය මෙම මාසයට භාවිතා විය. පසුව දින දසුන වෙනස් වී එය දොළොස් වන මාසය බවට පත් වුව ද නම වෙනස් වූයේ නැත. සිංහල ක‍්‍රමයට ‘උඳුවප්’ නමින් හඳුන්වයි. මෙම මාසය​
    කි‍්‍රස්තුස්වහන්සේගේ උපත සිදු වූ මාසය නිසා කිතුණු බැතිමතුන්ට ඉතා වැදගත්ය.[/B]
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay