13 කොරෝනා ගැන මාධ්‍ය හමුවේ මාධ්‍යවේදිනියක &amp

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    13 කොරෝනා ගැන මාධ්‍ය හමුවේ මාධ්‍යවේදිනියක &amp

    සඳුදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ආසියාතික මාධ්‍ය වාර්තාකාරිනියක Covid-19 පිළිබඳව අසන ලද ප්‍රශ්නයකට “චීනෙන් අහගන්න” කියා පිළිතුරු දුන් ට්‍රම්ප් එකවරම මාධ්‍ය හමුවෙන් පිටව යාම ආන්දෝලනයක් ඇති කළේය.
    CBS ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් වන වීජියා ජියෑං ට්‍රම්ප් ට ප්‍රශ්නයක් යොමු කරන ලදි. ඇය ඇසුවේ,

    “කො‍රෝනා පරීක්ෂණ සිදු කිරීම අතින් වෙනත් කිසිම රටකට වඩා ඇමරිකාව ඉදිරියෙන් සිටින බව” ට්‍රම්ප් නිතරම ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද කියාය. ඇමරිකාවේ තවමත් මිනිසුන් මිය යද්දී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කරමින් “ගෝලීය තරඟයක්” ඇති කරන බව ඇය පැවසීය.



    චීනයේ උපත ලැබූ ආසියානු සම්භවයක් ඇති වීජියා ජියෑංට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, “ලෝකේ අනිත් හැම තැනමත් මිනිසුන් මිය යනවා. ඒ නිසා එය ඔබ චීනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්” කියා පවසමින්ය. “මගෙන් අහන්න එපා. චීනෙන් ඔය ප්‍රශ්නේ අහන්න, හරිද? ඔබ එම ප්‍රශ්නය චීනෙන් අහද්දී ඔබට හරිම අසාමාන්‍ය පිළිතුරක් ලැබේවි” කියා ඒ තවදුරටත් පැවසීය.
    මින් පසුව ට්‍රම්ප් CNN වාර්තාකාරිනියක් වන කයිට්ලන් කොලින්ස් සමඟ සාකච්ඡාවේ යෙදීමට උත්සාහ කළද මීළඟ ප්‍රශ්නයද යොමු කිරීමට ජියෑංට අවස්ථාව දෙමින් ඇය නිහඬව සිටියාය. ජියෑං ඇසුවේ ට්‍රම්ප් මටම විශේෂයෙන් එසේ පවසන්නේ මන්ද කියාය.
    කේන්තියට පත් ට්‍රම්ප් ජියෑං වෙත ප්‍රකාශ කළේ ඔබ ඇසුවේ “අප්‍රසන්න ප්‍රශ්නයක්” බවය. පෙනෙන විදිහට කොලින්ස්ගේ වාරයේදීද ජියෑංට අවස්ථාව දීම නිසා ඇයට ‍දඬුවමක් ලෙස කොලින්ස් ඇගේ ප්‍රශ්නය අසද්දී ඇයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් ඊළඟ වාර්තාකරුට ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙස පැවසීය. නමුත් ඊළඟ වාර්තාකරු සමඟ සාකච්ඡා කිරීමට ප්‍රථම ට්‍රම්ප් එකවරම මාධ්‍ය හමුව අවසන් කර වේදිකාවෙන් පිට විය.
    කොරෝනා වෛරසය පිළිබඳ මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ට්‍රම්ප් කේන්තිගත් අවස්තා රැසක් තිබෙන අතර අලුත්ම අවස්ථාව මෙය වේ.

    මීට පෙරද ජියෑංට ට්‍රම්ප් ගේ අප්‍රසාදය හිමි වී තිබේ. අප්‍රියෙල් මාසයේ අවසානයේදී පැවති මාධ්‍ය හමුවකදී ජියෑං අසන ලද ප්‍රශ්නයකට ට්‍රම්ප් පිළිතුරු ලබා දුන්නේ, “ඔබ අසන්නේ හරිම සරල, මූලික ප්‍රශ්නයක්. ඒත් ඔබ උත්සාහ කරන්නේ එම කාරණය මහා නරක දෙයක් බව ඇඟවීමට. ඔබ හරිනම් ඔබ ගැනම ලැජ්ජා විය යුතුයි” කියාය. එමෙන්ම ඇය ප්‍රශ්නය යොමු කිරීමේදී ඇගේ කටහඬේ ස්වරය “ඉතා අප්‍රසන්න” බව ට්‍රම්ප් පැවසීය.
    එස්.දහනායක
    (Huffpost ඇසුරිනි)

    Source - Gossiplanka
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    THOPE PONIL SIYA HITIYA NAM OKA THMA KIYANNE


    සීරා කාතාව.
    මේ Sadun Buwa වගේ උන්ට ලැජ්ජ නැහැ. මුගේ අම්මා අප්පා මුව ජාත කරලා තියනවිදිහ.