ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල 138කින් අඩුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝගයකින් ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.
රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.
ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම අලෙවි කරන ගෑස් සිලින්ඩර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සංශෝධනය වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.

Last edited: