1615 ලක්දිව හෙල්ලූ භූමිකම්පාව

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    1615 ලක්දිව හෙල්ලූ භූමිකම්පාව

    1615 ලක්දිව හෙල්ලූ භූමිකම්පාව​

    ගිනිකඳු නැති භූමිකම්පා නැති සුන්දර දිවයිනක් ලෙස ලංකාව ප්‍රකටයි.
    නමුදු පරංගි පාලන සමයේදි එනම්,ක්‍රි.ව 1615 දී ලංකාව මුහුණ දුන් දරුණු භූමිකම්පාවක තතු ඔබ දැන සිටියාද?

    ලොරෙන්සෝද අල්මේදා ලක්දිවට පා තබා වසර එකසිය දහයක් ගතව ඇත. ගෙරිහමක් එළාගන්නට බිමක් සෙවූ පෘතුගීසින් කොලඹ ඇතුලු මුහුදුබඩ ප්‍රදේශ තම අණසකට නතුකරගැනීමට සමත්විය. කොලඹ පෘතුගිසි පාලකයා ලෙස මැනුවෙල් මස්කැරැඤ්ඤාස් හෝමෙම් පත්ව පැමිණ වැඩිකලක් ගතව නැත. කන්ද උඩරට සෙනරත් රජු රජකම් කරමින් සිටියි. හෝමෙම් විටින් විට කන්ද උඩරට භූමිය වෙත තම සේනා මෙහෙයවමින් උඩරට පාලනය කොනිත්තීමට උත්සහ ගත්තේය.

    1615 මාර්තු 07 වන දින සුපුරුදු දේවමෙහෙයන් අනතුරුව දුටු දර්ශණයකින් සියල්ලෝම භිතියට පත්විය. අහස් තලය වසා පැතිරුණු තියුණු හීසර තුඩුවන් වල්ග තුනක් සහිත ධූමකේතුවකි. මෙය අත්‍යන්තයෙන්ම ඉදිරි ව්‍යසනයක පෙරනිමිත්තක් බව සැවොම විස්වාස කරන්නට විය. දින කිහිපයක් තුල රට පුරා වසංගත රෝගයක් පැතිර යෑමට පටන් ගත්තේය. එමෙන්ම මියගිය මත්ස්‍යයන් දිවයින පුරා වෙරළට ගොඩ ගසන්නට විය. මේ සියල්ල ලග ලග එන ව්‍යසනයක කසකරුවන් යැයි කවරෙක් සිතන්නට ඇත්ද?

    අප්‍රේල් 14 වැනි දිනය. ලක්දිව අලුත් අවුරුදු සිරියෙන් ඇළලී යන දිනයක්. සැවොම සුබ නැකතින් චාරිත්‍ර ඉටුකිරිමට සුදානමින්. සොබාදහමත් මිනිසාට ඔච්චම් කරන්නට දින නියම කරන හැටි!

    එදින පෙරට වඩා කලින් හිරු අවරින් බැසගියේය. පස්වරු හතේ කනිසම පසුවූවා පමණි. මහා හඩ නංවමින් පොළව වෙව්ලුම් කන්නට විය. කිසිවක් ගැන නිනව් නොමැති ජනයා කරකියාගත නොහැකිව හිස්ලූලූ අත දිවයන්නට විය. පය ගසා සිටි පොළව තමාට එරෙහි වන විට කුමක් කරන්නද? මග කියන්නේ කවුරුන්ද?

    මේ මහා භුමිකම්පාවේ කම්පනය දැඩිව බලපෑවේ කොලඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වලටයි. නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බව පැවසේ. කොලඹ පෘතුගිසි කොටුවේ පවුර දෙදරා විනාශ විය.පෘතුගිසි අට්ටාලයක් කඩා වැටිමෙන් නිවසක සිටි සිව් දෙනෙකු මියගිය බවටද වාර්තා වේ. පාලම් බොක්කු බිදවැටි ගමනාගමනයද අඩාල විය. පොලවේ පැල්මක්ද ඇතිවූ බව පැවසේ.

    මියගිය මුලු ගනන පිලිබදව නිවැරදි දත්ත නැතත් එය 200-2000 අතර පිරිසකට දිවි අහිමි වන්නට ඇති බවට සැලකේ. භුකම්පනයෙන් අනතුරුව පසුකම්පන රාශියක් ඇතිවි ඇත. එවක භූකම්පනයේ ත්‍රිවෘතාව මැනීමට හැකියාවක් තිබුනේ නැතත්, සිදුව ඇති විනාශය සැලකීමේදි මාපාංක 7-8 ක භූමිකම්පාවක් විය හැක. සුනාමියක් ඇති වූ බවට වාර්තා නොවේ.

    1615 භූමිකම්පාව පිලිබද තතු වාර්තා වන්නේ ජොර්ජ් රොඩ්‍රිගෝස් විසින් 1616 දී ලිස්බන් නුවරදි මුද්‍රණය කර බෙදාහරින ලද පිටු හතරකින් යුතු පොත් පිංචක් ඇසුරිනි. එම පත්‍රිකා පසුකාලයේදි මෙරට සිටි විදෙස් භාෂා විශාරදයකු වන ඉතිහාසඥ එස්.ජී.පෙරෙයිරා පියනම විසින් ඉංග්‍රිසි බවට පරිවර්තනය කර ඇත.

    - Roshin fernando

    බ්ලොග් සටහන - https://bit.ly/2wyZxLt

     
    • Like
    Reactions: araki and wqe123

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    1615 - earthquake
    1715 -
    1815 - udarata giwisuma
    1915 - muslim kolahala
    2015 - yahapalanaya