176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

    මේක ගොසිප් වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලද එකක්, ඔයාලා හෑමෝම දෑනුවත් වෙන්න,තම තමන්ගේ අදහස් කියන්න,ඒක මෙවෑනි තවත් නීච වෑඩ සිදුවීම වලක්වා ගෑනීමට ගොඩාක් උදව් වෙයි!

    …මේ පිලිබදව දැනුවත්වී සිටීම ගොසිප් පාඨකයන්ගේ ආරක්ෂාවට රුකුල් විය හැක. මෙවන් අවස්ථාවක කලයුතු නිවැරදි ක්‍රියායාමාර්ගය කුමක්ද යයි පැවසීමට හැකිනම් තවත් වටී.

    මා හට පෙරේදා සිදු වූ මෙය නැවත සිදු නොවිය යුතුය. මම පෙරේදා (10) සවස 4ට පමණ රාජගිරියෙන් 176 බස් රථයට නැගුනේ මරදානට යන අටියෙනි. මා ජනේලය අසලින් අසුන් ගත් පසු කොළ පැහැති ඇදුමක් හැද සිටි තරුණයකු මා අසලින් වාඩි විය.

    ඔහු මගෙන් වෙලාව විමසමින් කථාව අරඹන ලදී. ඔහු මා විශ්වවිද්‍යාල සිසුවෙකු යයි විමසු විට මා කියා සිටියේ "නැහැ ජොබ් එකක් කරනවා " ලෙසිනි. පසුව ඔහු මගේ රැකියාව, ගම වැනි තොරතුරු විමසා සිටියහ.

    මා ඔහුට අසත්‍ය තොරතුරු සැපවුයේ මා හට ඉවෙන් මෙන් අනතුරක සේයාවක් දැනුන හෙයිනි. ටික මොහොතකින් එම පුද්ගලයා මාගෙන් විමසුවේ ඔහුව දන්නවද, ඔහු බස් රථයට නැග්ග හේතුව දන්නවද කියයි. මම නැහැයි කී විට ඔහු පැවසුවේ "ඔයාට අපේ කොල්ලෝ කතා කරාම ඇහුනේ නැහැ වගේ ආවා. එකයි මන් ඔයාගේ පස්සේ බස් එකට නැග්ගේ. ඔයා ට ඇහුනේ නැද්ද?? නැත්නම් ඇහුනේ නැහැ වගේ අවද?? " ලෙසය.

    එවිට මා සිත් ගියේ මොවුන් පොලිසියේ හෝ හමුදාවේ අයෙක් විය හැකි.යම් හෙයක් නිසා මා පරික්ෂා කිරීමට උත්සුක වන ලෙසය. මාගේ පිළිතුර වූයේ "නැහැ මට ඇහුනේ නැහැ. කොහෙදිද කතා කරේ " ලෙසය.

    යම් යම් පෙදෙස් වල සිටින පුද්ගලයින්ගේ නම් කියමින් හදුනන්නේ දැයි අසු ඔහු පසුව ඔහු මට ඔහුගේ ඉන තිබු පිස්තෝලයක් පෙන්නා "අපි ඉතින් වැඩ කාරයෝ තමයි. නැත්තම් මෙහෙම එන්නේ නැහැ.අපි රාජගිරිය රෝහණ අයියගේ සෙට් එක" ලෙස පැවසිය.

    එවිට මා එයට බිය නොවූ ලෙස ඔහුත් සම සිනහවක් මුව රදවා කතා කලෙමි. ඔහු පැවසුවේ ඕනෑම ගේමකට ඔහු ඇතුළු කණ්ඩායමට අමතන ලෙසය (මා හට දුරකථන අංකය ඉල්ලා ගැනීමට අමතක විය). පසුව ඔහු මාගෙන් මුදල් මංකොල්ල කැමට උත්සහයක් දැරිය.

    මා අත වූ මුදල් පසුම්බියෙහි වූ මුදල් බලෙන් ඔහු ලබා ගැනීමට ඔහු ගත් උත්සාහය මා හට ව්‍යාර්ථ කිරීමට හැකි වුයේ මගේ ස්ථානෝචිතව කටයුතු කිරීම මගින් ඔහුව ශේප් කිරීමට හැකි වූ බැවිනි . නැතිනම් ඔහු මගේ මුදල් මංකොල්ලකනු ඇත. මේ වන විට බස් රථයේ සිටගෙනද විශාල මගින් පිරිසක් සිටියහ. එවන් ස්ථානයක ඔහු මෙලෙස බිය සැක නැතුව හැසිරීම හේතුවෙන් මා හට හැගෙනුයේ ඔහු සමග සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවය. ඔහු බස් රථයෙන් බස ගියේය.

    මා නිහඩව සිටියේ මා හට ඔහුගෙන් අපහසුවක් නොවුණු නිසාත්, අනවශ්‍ය ප්‍රශ්න මගෙන් මා හට සිදුවිය හැකි ජිවිත හා දේපල හානි නොවිමටත්ය. වෙනකෙකු වෙත පිස්තෝලයක් දික්කල විට බොහෝ විට ඔහු සතු සියලු මිල මුදල් සියල්ල මංකොල්ල කරුට දෙනු නිසැකය. යම් හෙයකින් මා බස් රථය තුල කලබලයක් ඇති කල නම් බොහෝ විට මංකොල්ල කරු එතනින් පැනගොස් ඔහුගේ කණ්ඩායම සමග එක්ව පසුවට මා හට අනතුරක් කිරීමට හැකියාවක් තිබිණි.

    මෙම සිදුවීමට පාදක විය හැක්කේ පෙරේදා දිනය (10) බොහෝ ආයතන වල පඩි ලබා දෙන බැවින් ඒවා මංකොල්ල කැමේ අටියෙන් විය යුතුය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් හම්බකරන මිල මුදල් මෙලෙස මංකොල්ල කෑම ඉතා ඛේදනිය තත්ත්වයකි. එසේම තමන්ගේ මුදල් මංකොල්ල කැමකට ලක් වුවද බොහෝ අය ඒ පිළිබද නිහඩව සිටින්නේ තම ජිවිතයට ඇති බිය හේතුවෙනි. එබැවින් මෙවැනි මංකොල්ල කෑම නැවත්වීම ආරක්ෂක අංශවල යුතුකමකි.

    මට හැගී ගිය දෙය නම් මොවුන් සංවිධානාත්මක ලෙස මිනිසුන් බිය වද්දා රාජගිරිය ප්‍රදේශය තුල මෙවැනි මංකොල්ල කෑම සිදුකරන බවත් ඔවුන්ට ඇති බිය නිසා මිනිසුන් නිහඩව පාඩුව විද දරා ගන්නා බවත්ය.

    bus.jpg

    අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි කියන්නේ,
    …මේ වගේ සිද්දියක් උඹලට උනත් වෙන කාට හරි උනත් කට වහගෙන ඉන්න එපා,
    …වචනයක් හරි කියලා බෑනපල්ලා පුලුවන් නම් ගහපල්ලා,එතකොට බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් මතක් වෙයි අයුක්තියට එරෙහිව වෑඩ කරන්න, බය නෑතුව පෙරමුන ගනින්, අනිත් මිනිස්සු උඹගේ උදව්වට එනවා,
    …පෙරමුන ගන්න එකෙක් නෑති කමයි අපේ මිනිස්සුන්ගේ නිවට කම!
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    mama A/L class yana mul kaled dehiwala municipal council eka ggavad ekek ohoma apen sall galevva..:sorry:
    mul kale hnda a paththa gana vadya danne naa.. :eek:

    tikak kal giyata passe hamadama vage ekava hevva set une naa.. :growl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි කියන්නේ,
    …මේ වගේ සිද්දියක් උඹලට උනත් වෙන කාට හරි උනත් කට වහගෙන ඉන්න එපා,
    …වචනයක් හරි කියලා බෑනපල්ලා පුලුවන් නම් ගහපල්ලා,එතකොට බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් මතක් වෙයි අයුක්තියට එරෙහිව වෑඩ කරන්න, බය නෑතුව පෙරමුන ගනින්, අනිත් මිනිස්සු උඹගේ උදව්වට එනවා,
    …පෙරමුන ගන්න එකෙක් නෑති කමයි අපේ මිනිස්සුන්ගේ නිවට කම!
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    ado sirawataa....man hamadama wadata yanneth 176 ban..oke ganunta kelawana purse ussana unnan ambanata innawa ban :( man danne nane ohomath scene wenawa kiala..thanks machan
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙම සීන් ගොඩක් වෙනවා මචන්. රාජගිරිය තමයි දරුණුම .මගෙ යාලුවෙකුටත් උනා මීට අවුරුදු 5 කට විතර කලින්. ඌ ඕලෙවල් ඉවර වුනා විතරයි පන්ති යන කාලේ. සල්ලියි ෆෝන් එකටයි විද්දා. ඊලඟ පාර තව යාලුවෙකුට උනා. ඌ නම් බේරුනා. ගොසිප් එකේ මිනිහගේ comment එකත් තියෙනවා. මහදවල් මංකොල්ල කනවා. පුදුමයි හැබැයි ඇත්තයි. මේවගේ සීන් අනන්තවත් වෙනවා. ටික දවසකට කලින් පිහියක් පෙන්නලා ATM එකට ඇදගෙන ගිහිල්ලා සල්ලි බලෙන් ගත්ත සිද්ධියක් උනා. රාජගිරියෙම තමයි.

    මේවාගෙන් ආරක්ශාවෙන එක නම් හෙන අමාරුයි. බය නැති විදිහට ඉන්න ඕන. ටිකක් මැර පෙනුමක් වගේ look එකක් හදාගත්තොත් නම් වැඩේ හරි. ඒ වගේ එවුන්ගෙන් දත ගලවන එක හරි අමාරුයි කුඩ්ඩෝ එන්නෙත් නෑ උන් එක්ක හැප්පෙන්න. ගෑනි වගේ හිටියොත් වැඩ වරදියි.

    talk කරන කොට බය නැතුව කතා කරන්න ඕන. බය කියලා පෙන්නුවොත් නම් වැඩේ ඉවරයි.
    බස් වල වගේ යනකොට පුලුවන් තරම් සල්ලි අඩුවෙන් ගෙනියන්න. එතකොට නැතිවුනත් ඉතින් නැතිවෙන ගාන සුලුයි නේ. ATM cards දෙකතුනක් තියාගෙන ලොකු සල්ලියක් නැති ATM එකක් හරි credit card එකක් හරි පර්ස් එකේ දාගන්න. දැන් ඉස්සර වගේ පඩි පැකට් දෙන්නේ නැතුව කෙලින්ම එකට දාන නිසා වැඩේ ලේසියි,

    මුන්ගෙන් බේරෙන එක ගැන මම නම් දන්නේ මෙච්චරයි. අනිත් අයත් අදහස් එකතුකරන්න :)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි කියන්නේ,
    …මේ වගේ සිද්දියක් උඹලට උනත් වෙන කාට හරි උනත් කට වහගෙන ඉන්න එපා,
    …වචනයක් හරි කියලා බෑනපල්ලා පුලුවන් නම් ගහපල්ලා,එතකොට බස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් මතක් වෙයි අයුක්තියට එරෙහිව වෑඩ කරන්න, බය නෑතුව පෙරමුන ගනින්, අනිත් මිනිස්සු උඹගේ උදව්වට එනවා,
    …පෙරමුන ගන්න එකෙක් නෑති කමයි අපේ මිනිස්සුන්ගේ නිවට කම!

    okun bus eke sadde danne na...aniwa loku scene dammoth h***onawa...marunath kamak na p****yo wage inne natuwa :growl:

    untama giapu ratak ne meka dan:nerd::nerd::growl:
     
    • Like
    Reactions: king_pandukabaya

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    මෙහෙම සීන් ගොඩක් වෙනවා මචන්. රාජගිරිය තමයි දරුණුම .මගෙ යාලුවෙකුටත් උනා මීට අවුරුදු 5 කට විතර කලින්. ඌ ඕලෙවල් ඉවර වුනා විතරයි පන්ති යන කාලේ. සල්ලියි ෆෝන් එකටයි විද්දා. ඊලඟ පාර තව යාලුවෙකුට උනා. ඌ නම් බේරුනා. ගොසිප් එකේ මිනිහගේ comment එකත් තියෙනවා. මහදවල් මංකොල්ල කනවා. පුදුමයි හැබැයි ඇත්තයි. මේවගේ සීන් අනන්තවත් වෙනවා. ටික දවසකට කලින් පිහියක් පෙන්නලා ATM එකට ඇදගෙන ගිහිල්ලා සල්ලි බලෙන් ගත්ත සිද්ධියක් උනා. රාජගිරියෙම තමයි.

    මේවාගෙන් ආරක්ශාවෙන එක නම් හෙන අමාරුයි. බය නැති විදිහට ඉන්න ඕන. ටිකක් මැර පෙනුමක් වගේ look එකක් හදාගත්තොත් නම් වැඩේ හරි. ඒ වගේ එවුන්ගෙන් දත ගලවන එක හරි අමාරුයි කුඩ්ඩෝ එන්නෙත් නෑ උන් එක්ක හැප්පෙන්න. ගෑනි වගේ හිටියොත් වැඩ වරදියි.

    talk කරන කොට බය නැතුව කතා කරන්න ඕන. බය කියලා පෙන්නුවොත් නම් වැඩේ ඉවරයි.
    බස් වල වගේ යනකොට පුලුවන් තරම් සල්ලි අඩුවෙන් ගෙනියන්න. එතකොට නැතිවුනත් ඉතින් නැතිවෙන ගාන සුලුයි නේ. ATM cards දෙකතුනක් තියාගෙන ලොකු සල්ලියක් නැති ATM එකක් හරි credit card එකක් හරි පර්ස් එකේ දාගන්න. දැන් ඉස්සර වගේ පඩි පැකට් දෙන්නේ නැතුව කෙලින්ම එකට දාන නිසා වැඩේ ලේසියි,

    මුන්ගෙන් බේරෙන එක ගැන මම නම් දන්නේ මෙච්චරයි. අනිත් අයත් අදහස් එකතුකරන්න :)

    pocket gahana ekanan machan itin ape athe tama dan tiyenne..mewata karanna tiana hondama de tama ganan nogena inna eka..mokek awith mona qwath ganan nogena innone..wadipura kiawagena awoth tama itin mara look eka dala berennone...un bus waladi mukuth karanne na machan..ekanan aniwa sure..unta pana tiyenne bus eken eliye
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    pocket gahana ekanan machan itin ape athe tama dan tiyenne..mewata karanna tiana hondama de tama ganan nogena inna eka..mokek awith mona qwath ganan nogena innone..wadipura kiawagena awoth tama itin mara look eka dala berennone...un bus waladi mukuth karanne na machan..ekanan aniwa sure..unta pana tiyenne bus eken eliye
    :yes:
    ඔව්. පොකට් ගහන එකෙන් නම් බේරෙන්න ඉතින් තමන්ගේ පොකැට්ටුව පරිස්සම් කරගන්න ඕන. පික් ගහන එවුන් නම් එච්චර සීන් එකක් නෑ. දෙතුන් දෙනෙක් එකතුවෙලා නෙලුවා නම් ඌට හරි. ලඟදිත් ඔය වගේ වැඩක් වුනේ පොකට් කාරයෙකුට නෙලන සිද්ධියක්

    දත ගලවන සීන් එකේදි නම් මචන් ඔය පිස්තෝල පෙන්නන වගේ වැඩ තියෙන නිසා ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. උන් එක්ක වලියටත් නොයා අපිත් වැඩර් බව පෙන්නුවා නම් හරි (ඇත්තටම වැඩර් නොවුනත්.)