පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය සතුව තිබූ බලතල සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවලට පවරා තිබූ බලතල සියල්ල ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තහවුරු කර ගත් බලතලවලට, වැඩි බලතල වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙමගින් හිමි වීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේදී බරපතළ අභියෝගයක් වන බවයි.
ReadMore - (Medialk.com)https://medialk.com/Sinhala/ReadPost/2639


