18+පින්තූර

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    18+ පින්තූර අපි කවුරු කවුරුත් බලනවා. කවුරු කවුරු අතරෙත් ප්‍රසිද්ධයි. ඒක ඉතිං එහෙම නොවුනොත්නෙ පුදුමේ. හැබැයි ඒ ගැන මේකේ ඉන්න ගොඩදෙනෙක්ගෙ ආකල්පයෙ ලොකු අවුලක් තියෙනවා කියලයි බැචාට හිතෙන්නෙ. ඉන්ටර්නෙට් එකේ දාන ගොඩක් පින්තූර ලෝකෙටම හෙළුව පෙන්නන්න ඒ ගෑණු ළමයි ගත්ත ඒව නෙවේනෙ. ඒව ගොඩක් වෙලේට පෞද්ගලික අවශ්‍යතා හින්දා ගත්ත ඒවා. කෙල්ලෙක් ගෙදර ඉන්න කොට කොට කලිසමක් ඇදන් ඉන්න එක, ස්කිනියක් ඇදන් ඉන්න එක සාමාන්‍යයි (නංගිලා ඉන්න උදවිය දන්නව ඇතිනෙ). ඒ වගේම කපල් එකක් තනි උනහම අඩ නිරුවත් වෙන එක, ලිංගික උත්තේජනවන් ඇතිකරවන ඉරියව් වලින් ඉන්න එක සාමාන්‍යයි. ඒ දේවල් ඒ මිනිස්සු පෞද්ගලිකව කරන එකේ වැරැද්දක් නෑනෙ. ඔන්න එලිපිට කරානං වැරදියි. අසභ්‍යයි.

    විවිධ මානසික විකෘතිතා තියෙන මිනිස්සු ඒ පින්තූර ඉන්ටර්නෙට් එකට දැම්මම ඒව බලන අපේ කට්ටිය ඒ ගෑණු ළමයිව වේ*යෝ කියලා හදුන්වනවා. සමහරුන්ට මේ ගෑණු ඉන්නෙ ලංකාවෙද කියලත් ප්‍රශ්නයක් බව කමෙන්ට් බැලුවම පේනවා. තවත් සමහරු තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරගන්න ඒ ගෑණු ළමයි පාවිච්චි කරන්න පුළුවන්ද, ගාණ කීයද අහන්න තරම් දුර යනවා. මම අහන්නෙ මේ මානසිකත්වය හරිද? ඇත්තටම වේ*යෝ නම් ඒ දේවල් ලෝකෙටම හොරෙන් කාමර ඇතුලෙ කරන්න ඕන කමක් නෑනෙ. තමන්ගේ ගාණ කියල සේල් දාන්න පුළුවන්නෙ (එහෙම අයත් ඉන්නවා තමයි)

    මට මේක හිතුනේ සංගක්කාරගේ බිරිදගේ පින්තූර වගයක් දාලා සංගට අපහාස කරන්න හදල තිබ්බ ත්‍රෙඩ් එකක් දැක්කට පස්සෙ. ඒක සෑහෙන පරණ පින්තූර සෙට් එකක්. ගොඩක් කොට දුහුල් ඇදුමකින් සංගාගෙ බිරිද සැරසිලා ඉන්නවා දැක්කම සමහරුන් හිතන්නෙ ඒක ගල් ගහල මරන්න ඕන තරම් වරදක් කියලයි. ඇත්තටම ගෙදරක් ඇතුලෙදි එහෙම ඇදුමක් ඇදල ඉන්න එකේ වැරැද්ද මොකක්ද? ඔන්න ඕක පාරෙ ඇදන් ගියානං වැරදියි. කෙල්ලො සෙට් එකක් ගන්න ෆොටෝ එකක කෙල්ලො දෙන්නෙක් බදන් ඉන්නවනං 'සමලිංගිකයි' කියලා ලේබල් ගහනවා. අර උදයන්ති කියන නිලියගෙ කාරණේදිත් මේ කතාව වලංගුයි කියලා තමා මට හිතෙන්නෙ. සහ තව ගොඩක් අවස්ථාවලදී.

    වැල බැලුවට කමක් නෑ. හැබැයි පිරිමින්ගේ කුපාඩි කම් වලින් අසරණ වෙච්ච කෙල්ලන්ට ගරහන එක පාපයක් නෙවේද? ඒවයෙ ඉන්න කෙල්ලොත් කාගෙ හරි නංගි කෙනෙක් හරි කෙල්ලෙක් හරි කියන එක අමතක කරන්න එපා කියලයි බැචාට කියන්න තියෙන්නෙ:no::no::no:

    18+ පින්තූර මේ ත්‍රෙඩ් එකේ තියනවා කියල ආපු අයට සිදුවූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව!:D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවාර්යෙන්ම මචන් ඕක තේරුම් ගත්තනම් හරි..
    ගොඩක් ය හිතන් ඉන්නවා පාරේ උනත් කෙල්ලෙක් ඉන්නවා
    දැක්කොත් මෙකි බඩුවක් වෙන්නැති කියල කියන..
    අනේ මන්ද බන් ඒ මිනිස්සුන්ගේ මට්ටම..ඒ ය ඔච්චරම

    බඩු නම් මොන කෙන්ගෙඩියටද පාරවල් වල
    දුක් විදින්නේ..ඇත්තටම ඔය දේ කරන ය
    දුක් විද් මිනිස්සු හොයන යන්න ඕනේ න...
    මේක ගැන දන්නා ය දන්නවා ඇති මම කියන දේ..
    නොදන්නා ය එහෙමම ඉන්න එක තම අගට ගුණ.
     
    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    machan matath ambanaka duka hithuna udayanthi ara widihata bath packet ekak kanawa dakkahama.unuth minissune ban.e video eka balapu ekek inawanan dannawa athi man kiyanne mokakda kiyala.puduma kanagatuwak athi une pirima wana api gana
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා මිත්‍රයා!

    මේ ෆොටෝස් අන්තර්ජාලයට එක් වුනේ අහම්බෙන් නෙවේනේ! ඒවත් කවුරුහරි වෙබ් අඩවි වලට එක් කරානේ. හුගක් වෙලාවට ෆේස්බුක් වගේ සයිට් වලින්නෙ මෙව්වා ගන්නේ. ඉතින් මේ පින්තූර දාන කෙනා විතරක් නෙවෙයි තමන්ගේ අතිශය පෞද්ගලික පින්තූර ඉන්ටර්නෙට් එකට එක් නොකර ඉන්න එක තමා ගෑණු ළමයින්ට කරන්න තියෙන හොදම දේ. මොකද එතකොට එම පින්තූර තමන්ගෙ විතරයි කාටවත් හොරා ගන්න බෑ.

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අනිවාර්යෙන්ම මචන් ඕක තේරුම් ගත්තනම් හරි..
    ගොඩක් ය හිතන් ඉන්නවා පාරේ උනත් කෙල්ලෙක් ඉන්නවා
    දැක්කොත් මෙකි බඩුවක් වෙන්නැති කියල කියන..
    අනේ මන්ද බන් ඒ මිනිස්සුන්ගේ මට්ටම..ඒ ය ඔච්චරම

    බඩු නම් මොන කෙන්ගෙඩියටද පාරවල් වල
    දුක් විදින්නේ..ඇත්තටම ඔය දේ කරන ය
    දුක් විද් මිනිස්සු හොයන යන්න ඕනේ න...
    මේක ගැන දන්නා ය දන්නවා ඇති මම කියන දේ..
    නොදන්නා ය එහෙමම ඉන්න එක තම අගට ගුණ.

    අඩේ කොහේද ගිහින් හිටියේ ? කාලෙකින් දැක්කේ ?:):)
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    iskole kale fun ekata karana ewa loku unama hithe rendena nisa thamai me wage jara adahas minissunta wetila thiyenne! Iskole kaledi thamath ekka katha karanne nethi kellata v*si kiyala prasidda karanawa.. oka thamai own loku welath karanne.. hariyata mawagen uthum kiri beepu nethi ewun! Gehaniyata me samaje nisi thena denna one!!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාව ඇත්ත..............
    මමත් මේ ගැන මොනාහරි කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ.........
    ඊට කලිං මේක දාලා..............
    ගොඩක් හොඳයි මේ කතාව................
    ඇත්තටම කියනව නං නියම පිරිමි කවදාවත් ගෑණුංට ගරයන්නේ නැහැ...............
    කවුරු හරි කෙනෙක් එහෙම කරනවා නං ඒ පිරිමිකම නෙමෙයි.........
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    උබ කියන එක හරි මචන් දැන් මෙතන වෙලා තියෙන්නේ මේ බඩු සංකල්පය ගොඩක් තරුණ කොල්ලොන්ගේ මනසට තදින් වැදිලා තියෙන්නේ අනිත් ප්‍රශ්නේ තමයි ලංකාවේ ගෑනු උදවිය ජිවත් වුන රටාව අපේ රටට ආඩම්බරයක් වෙලා තිබුනේ ඒ තරම් සදාචාරසම්පන්න විදියට හිටිය ගෑනු නරක තත්වෙට දාන්න බලාගෙන ඉන්න කොටසක් ලංකාවේ වගේම පිටරටත් ඉදගෙන අපේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙකුත් විදියේ මාර්ග යොදාගන්නවා මේවා හරියට තේරුම් අරගෙන ගෑනු කියන්නේ බඩුවක් නෙමේ තමන්ගේ සොයුරිය, මව කියල හිතන්න බලන්න, ඒ වගේම තරුණ ගෑනු ළමයිනුත් හිතට ගන්න ඕන තමන් ඕන කෙනෙක් එක්ක යන්න තරම් පහත් තත්වෙකට ආවොත් මුළු ජීවිතේම පසු තැවෙන්න වෙන බව මොකද ඔයාල අද කරනදේ ඉදිරි අනාගතය පුරාවටම බලපානවා.. කරුණාකරලා මුළු ලෝකෙන්ම බය නැතුව දරුවෙක් හොද විදියට හදාගන්න ඉතුරු වෙලා තියෙන අපේ ලංකාව විනාශ කරන්න එපා. කවදාහරි දවසක ඔයත් පුංචි දියණියකගේ තාත්ත කෙනෙක් අම්මා කෙනෙක් වෙන බව අමතක කරන්න එපා :(
     
    • Like
    Reactions: Optimus Prime

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මිනිහෙක් ලොකු උනාට පස්සේ මිනිහගේ වෑරදි හදන්න ගොඩක් අමාරුයි... කියල හදන්න බෑ කොහොමවත්....ඔප්ශන් දෙකයි තියෙන්නේ වෑරදි කරන මිනිස්සුත් එක්කම ඉන්නවද.. වෑරදි කරන මිනිස්සු සමාජයෙන් අතුගාල දානවද... STF එක කරන්නේ දෙවෙනි එක... හරිම පහසුයි ලාබදායකයි.. ප්‍රථිපල දායකයි
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    උඹ හරියටම හරියටම හරි දෙයක් කියලා තියෙන්නෙ යාළුවා.මම මේ එළකිරු එකේ අවුරුදු 2කට වැඩි කාලයක් ඉන්නවා.ඉස්සරට වඩා දැන් 18+ ත්‍රෙඩ් මාරම විදිහට වැඩී. ඒවගෙනුත් ගොඩක් ඒවා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී කෙල්ලෝ ගත්ත ෆොටෝ. ඒ වගේම එයාලා හැදිලා තියෙන පරිසරයත් එක්ක අඳින ඇඳුම්. ඒවා FB එකෙන් හරි කොහෙන් හරි වෙබ් සයිට් එකකින් අරන් එක එක ලේබල් ගහල ප්‍රසිද්ධ කරනවා.ප්‍රසිද්ධියේ නොකිව්වට හැමෝම කැමති ඒවගේ ඒවා බලන්න.ඉතින් ඒ හින්දා ඒවා අයිති අයත් දැන ගන්න ඕනේ තමන් ඉන්ටර්නෙට් එකට දැමිය යුත්තේ මොකද්ද නැත්තේ මොකද්ද කියල.
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    18+ පින්තූර අපි කවුරු කවුරුත් බලනවා. කවුරු කවුරු අතරෙත් ප්‍රසිද්ධයි. ඒක ඉතිං එහෙම නොවුනොත්නෙ පුදුමේ. හැබැයි ඒ ගැන මේකේ ඉන්න ගොඩදෙනෙක්ගෙ ආකල්පයෙ ලොකු අවුලක් තියෙනවා කියලයි බැචාට හිතෙන්නෙ. ඉන්ටර්නෙට් එකේ දාන ගොඩක් පින්තූර ලෝකෙටම හෙළුව පෙන්නන්න ඒ ගෑණු ළමයි ගත්ත ඒව නෙවේනෙ. ඒව ගොඩක් වෙලේට පෞද්ගලික අවශ්‍යතා හින්දා ගත්ත ඒවා. කෙල්ලෙක් ගෙදර ඉන්න කොට කොට කලිසමක් ඇදන් ඉන්න එක, ස්කිනියක් ඇදන් ඉන්න එක සාමාන්‍යයි (නංගිලා ඉන්න උදවිය දන්නව ඇතිනෙ). ඒ වගේම කපල් එකක් තනි උනහම අඩ නිරුවත් වෙන එක, ලිංගික උත්තේජනවන් ඇතිකරවන ඉරියව් වලින් ඉන්න එක සාමාන්‍යයි. ඒ දේවල් ඒ මිනිස්සු පෞද්ගලිකව කරන එකේ වැරැද්දක් නෑනෙ. ඔන්න එලිපිට කරානං වැරදියි. අසභ්‍යයි.

    විවිධ මානසික විකෘතිතා තියෙන මිනිස්සු ඒ පින්තූර ඉන්ටර්නෙට් එකට දැම්මම ඒව බලන අපේ කට්ටිය ඒ ගෑණු ළමයිව වේ*යෝ කියලා හදුන්වනවා. සමහරුන්ට මේ ගෑණු ඉන්නෙ ලංකාවෙද කියලත් ප්‍රශ්නයක් බව කමෙන්ට් බැලුවම පේනවා. තවත් සමහරු තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරගන්න ඒ ගෑණු ළමයි පාවිච්චි කරන්න පුළුවන්ද, ගාණ කීයද අහන්න තරම් දුර යනවා. මම අහන්නෙ මේ මානසිකත්වය හරිද? ඇත්තටම වේ*යෝ නම් ඒ දේවල් ලෝකෙටම හොරෙන් කාමර ඇතුලෙ කරන්න ඕන කමක් නෑනෙ. තමන්ගේ ගාණ කියල සේල් දාන්න පුළුවන්නෙ (එහෙම අයත් ඉන්නවා තමයි)

    මට මේක හිතුනේ සංගක්කාරගේ බිරිදගේ පින්තූර වගයක් දාලා සංගට අපහාස කරන්න හදල තිබ්බ ත්‍රෙඩ් එකක් දැක්කට පස්සෙ. ඒක සෑහෙන පරණ පින්තූර සෙට් එකක්. ගොඩක් කොට දුහුල් ඇදුමකින් සංගාගෙ බිරිද සැරසිලා ඉන්නවා දැක්කම සමහරුන් හිතන්නෙ ඒක ගල් ගහල මරන්න ඕන තරම් වරදක් කියලයි. ඇත්තටම ගෙදරක් ඇතුලෙදි එහෙම ඇදුමක් ඇදල ඉන්න එකේ වැරැද්ද මොකක්ද? ඔන්න ඕක පාරෙ ඇදන් ගියානං වැරදියි. කෙල්ලො සෙට් එකක් ගන්න ෆොටෝ එකක කෙල්ලො දෙන්නෙක් බදන් ඉන්නවනං 'සමලිංගිකයි' කියලා ලේබල් ගහනවා. අර උදයන්ති කියන නිලියගෙ කාරණේදිත් මේ කතාව වලංගුයි කියලා තමා මට හිතෙන්නෙ. සහ තව ගොඩක් අවස්ථාවලදී.

    වැල බැලුවට කමක් නෑ. හැබැයි පිරිමින්ගේ කුපාඩි කම් වලින් අසරණ වෙච්ච කෙල්ලන්ට ගරහන එක පාපයක් නෙවේද? ඒවයෙ ඉන්න කෙල්ලොත් කාගෙ හරි නංගි කෙනෙක් හරි කෙල්ලෙක් හරි කියන එක අමතක කරන්න එපා කියලයි බැචාට කියන්න තියෙන්නෙ:no::no::no:

    18+ පින්තූර මේ ත්‍රෙඩ් එකේ තියනවා කියල ආපු අයට සිදුවූ ප්‍රමාදයට මගේ බලවත් කණගාටුව!:D
    godak kalochitha post ekak bro... kohomath oya manasikathvaya venas karannanan ithin lankave vedi pirisakage mole complete format ekak denna venava.....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    64671912.gif