18 ++++ මෙගා ට්‍රේඩ්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල




    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක බැංකුව මෙන් සංවර්ධනය සඳහා කැප වූ ආයතනයක් නොව ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඇතිකරනු ලැබූ ආයතනයකි.මෙම ආයතනය විසින් සංවර්ධනය වෙමින් පවත්නා තුන්වැනි ලෝකයේ රටවල් මුහුණපා ඇති ප්‍රබලතම ගැටලුවක් වන ගෙවුම්ශේෂ හිඟයන් පියවාගැනීමට කෙටි කාලීන ණය සැපයීම සිදු කරනු ලබයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රභවය ඇතිවුයේ 1944 ජූලි මස 1වැනි දින ඇමරිකාවේ නිව් හාම්ස්පයර්හි ප්‍රාන්ත රජයේ බ්‍රෙටන්වුඩ්හි පැවති ජාත්‍යන්තර මූල්‍ය සම්මේලනයේ දී ගත් තීරණයක් අනුවය.2 වන ලෝක යුද්ධයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ අනාගතය කුමක් විය යුතු ද යන්න පිළිබඳව ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අතර පැවති යුද කාලීන සාකච්ඡා අවසානයේ මෙම සමුළු වාරය කැඳවනු ලැබීය.මෙහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 44ක් වූවත් දැනට එහි සාමාජිකත්වය 181ක් වෙයි.
    එහි සාමාජිකත්වය වර්ධනය වීමට බලපෑ හේතු 2 ක් විය.

    • යටත්විජිත වාදයට ගොඳුරු වූ රටවල් නිදහස ලැබීම.
    • යුරෝපයේ කොමියුනිස්ට්වාද බිඳ වැටීමත් සමඟම එම රටවල් ද IMF සාමාජිකත්වය ලැබීම.
    විවිධ සමාජ ආර්ථික ක්‍රමයන් අනුගමනය කරනු ලබන රාජ්‍යන්ගෙන් මෙය සංයුක්ත වෙයි.වඩාත්ම වැඩි සාමාජික සංඛ්‍යාවක් නියෝජනය කරනුයේ සංවර්ධනයේ විවිධ අවස්ථාවන්හි සිටින තුන්වැනි ලෝකයේ රටවල් විසිනි.සාමාජිකත්වය අතින් වැඩි වුවද IMF සංවිධාන රටාව අනුව ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය හැසිරවීමට අදාළ මූල්‍යමය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙම රටවලට කළහැකි බලපෑම අඩුය.මෙය පිහිටුවීමෙන් පසුව එහි විකාශනය ප්‍රධාන අවස්ථා 4ක් යටතේ සාකච්ඡා කළ හැක.මෙම අවස්ථාවන් වෙන්කර ගනු ලබන්නේ ඒ එක් එක් අවස්ථාවේදී අරමුදල මුහුණ පෑ ගැටලුත් ඒ ඒ අවස්ථාවන්හිදී ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ දක්නට වූ සුවිශේෂතාවන්ද පදනම් කරගෙනයි.එලෙස වෙන්කර දක්වනු ලබන ප්‍රධාන අවස්ථාවන් මෙසේයි.

    • 1946 - 1960

    • 1961 - 1971

    • 1972 - 1981

    • 1982 සිට මේ දක්වා

    ජාතික මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාන්විත වශයෙන් සම්බන්ධීකරණයට IMF සංවිධානය සතු බලය ශක්තිය අල්පය.G7 කණ්ඩායම සතු බලය නිසාම ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයට බලපාන ඇතැම් තීරණ කිසිදු නියෝජිකත්වයකින් තොරව ඔවුන් විසින් ගනු ලබයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝක ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා ආර්ථිකය



    ලෝකයේ වරින්වර ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.ගෝලීය වශයෙන් ප්‍රධාන වර්ධනයන් 3ක් වාර්තා වී ඇත.



    • 1929 - 1933 - මහා ආර්ථික පරිහානිය(Great Deppression)
    • 1973-74 සහ 1978-79 - ආර්ථික ස්ථායිධමනය(Stagftation)
    • 2007 -2009 - මහා ආර්ථික පසුබෑම(Great Recession)

    කලාපීය වශයෙන්ද විවිධ ආර්ථික අර්බුදයන් ඇති වී ඇත.

    • 1994 මෙක්සිකෝ මූල්‍ය අර්බුදය(පෙසෝ අර්බුදය)
    • 1997 අග්නිදිග ආසියාතික මූල්‍ය අර්බුදය(බාත් අර්බුදය)
    • 1998 රුසියානු මූල්‍ය අර්බුදය(රූබල් අර්බුදය) ආදිය ඉන් වැදගත් වේ.

    මෑත වර්ෂයන්හි ලෝකය මුහුණ දුන් ආර්ථික අර්බුදය අංශ 3කින් ව්‍යාප්ත විය.ඒ අනුව ලෝකයට අර්බුද 3කට මුහුණ පෑමට සිදුවිය.


    • ලෝක ආහාර අර්බුදය - 2007-2008
    • ලෝක තෙල් අර්බුදය - 2007-2008
    • ලෝක මූල්‍ය අර්බුදය - 2007-2009

    ආර්ථික විද්‍යාවේ අර්බුදයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ සමස්ථ ආර්ථිකයේ හෝ එක් අංශයක අසමබරතාවයක් පැවතීමයි.ඕනෑම ආර්ථික අර්බුදයක් සරල ඉල්ලුම් - සැපයුම් න්‍යාය මඟින් විග්‍රහ කළ හැකිය.ආර්ථික අර්බුදයක් යනු ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් ඇතිවීමයි.

    ආහාර අර්බුදය ඇතිවූයේ ආහාර ඉල්ලුමට සරිලන ආහාර සැපයුමක් ඇති නොවීමයි.නැඟී එන ආර්ථිකයන් ලෙස සැලකෙන චීනය,ඉන්දියාව බ්‍රසීලය දකුණු අප්‍රිකාව ආදී රටවල ආහාර ඉල්ලුම ඉහළ ගොස් ඇත.තෙල් මිල ඉහළ යාම නිසා ආහාර ප්‍රවාහන වියදම් ඉහළ යාමද ආහාර සැපයුම කෙරෙහි අහිතකර ලෙස බල පෑවේය.ආහාර ඉල්ලුම හා ආහාර සැපයුම අතර පැවති පරතරය නිසා 2007/2008 වර්ෂයන්හි ආහාර මිල 300%කින් පමණ ඉහළ ගියේය.

    තෙල් අර්බුදයට බලපෑ කරුණු කීපයකි.


    • ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කිරීම.
    • ඉරානය කෙරෙහි පැනවූ සම්බාධක.
    • ඔපෙක් රටවල තෙල් සැපයුම සීමා කිරීමේ කොන්දේසි.
    තෙල් මිල ඩොලර් 50 පමණ සිට 2008 ජූනි වන විට ඩොලර් 147ක උපරිම මිලකට පත්විය.ඉන්පසු ක්‍රමයෙන් ඩොලර් 32 දක්වා 2009 මැද දී පහත වැටුණි.

    ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය වෙළඳපළ බිඳවැටීම මූල්‍ය අර්බුදයට මූලික හේතුව වශයෙන් දැක්විය හැක. ඇමරිකා එක්සත් ජනපදයේ උකස් වෙළඳපළ බිඳවැටීමත් ලේමන් බ්‍රදර්ස් නමැති ප්‍රධාන මූල්‍ය ආයතනය බිඳවැටීමත් සමඟ ඇමරිකන් මූල්‍ය අර්බුදය ආරම්භ විය.විශේෂයෙන් තෙල්මිල ඉහළ යාම නිසා වාහන ඉල්ලුම පහත වැටීමෙන් ඇමරිකන් හා යුරෝපීය මෝටර් රථ කර්මාන්තය විශාල පසු බෑමකට ලක්විය.

    ශ්‍රී ලංකා ආර්ථිකය
    ආසියාතික රටවලට ලෝක ආර්ථික අර්බුදය දැඩි බලපෑමක් ඇති නොකරන ලදි.ලංකාවට 6%ක වර්ධනයක් රඳවා ගැනීමට හැකිවිය.
    ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනය

    • 2005 - 6.2%
    • 2006 - 7.7%
    • 2007 - 6.8%
    • 2008 - 6.0%

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම


    • 2005 - $ 1226
    • 2006 - $ 1402
    • 2007 - $ 1616
    • 2008 - $ 1969

    2007-2008 ලෝක ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට මඳ වශයෙන් බලපාන ලද නමුත් ආර්ථිකය අවපාතයකට ලක් නොවීය.දකුණු ආසියාවේ හොඳම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ලෙස ලංකාව තේරී ඇත.2009 මැයි 18 වන දින ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීම ආර්ථිකය කෙරෙහි ඉතා යහපත් බලපෑමක් ඇති කර ඇත.ආරක්ෂක වියදම් පහත යාම නිසා සංවර්ධන වියදම් වැඩි කිරීමට හැකි වී ඇත.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝක බැංකුව(සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ අන්තර් ජාතික බැංකුව)






    දෙවන ලෝක සංග්‍රාමය නිසා ලෝකයේ බොහොමයක් රටවල් ආර්ථික පරිහානි තත්ත්වයට පත්වීමත් ආර්ථික අර්බුදවලට මුහුණපෑමට සිදුවීමත් නිසා 1944 ජූලි 1 දින සම්මත කරගත්බ්‍රෙට්න්වුඩ් ගිවිසුම යටතේ 1946 ජූනි 25 දින ලෝක බැංකුව පිහිටුවීය.බ්‍රෙට්න්වුඩ් ගිවිසුම යටතේ ලෝක බැංකුවත් සමඟ අන්තර් ජාතික මූල්‍ය අරමුදල පිහිටුවා ගන්නා ලදි.දැනට මෙහි සාමාජික රටවල් 186 කි.


    ලෝක බැංකුවේ අරමුණු
    ලෝක බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ සාමාජික රටවල තිරසාර ආර්ථික වර්ධනය හා සංවර්ධනය ඇතිකර ගැනීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමයි.ලෝක බැංකුවේ වර්තමාන ප්‍රධාන අරමුණ සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ ළඟාකර ගැනීමයි.


    අනෙකුත් අරමුණු

    • ආර්ථික ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා සාමාජික රටවල් ගන්නා උත්සාහයන්ට සහයදීම.
    • සාමාජික රටවල පෞද්ගලික ආයෝජනය සඳහා ධෛර්ය දීම.
    • සාමාජික රටවලට කාර්මික සහය සහ උපදේශක සේවා සැපයීම.
    • ව්‍යාපෘති ණය සැපයීම පුළුල් කිරීමේ අදහසින් සාමාජික රටවලට ආර්ථිකයේ වෙනස්විය යුතු ප්‍රධාන අංශ හඳුන්වාදීම සහ දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහයදීම.

    ලෝක බැංකුව සිය අරමුදල් සපයා ගන්නා ආකාරය


    • සාමාජික රටවලින් ලබා ගන්නා සාමාජික දායක මුදල්
    • සාමාජික රටවල් ලබා ගත් ණය සඳහා ලැබෙන පොලී ආදායම
    • ණය වාරික ආපසු ලැබීම්
    • ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට සුරකුම්පත් හා ණයකර නිකුත් කිරීමෙන්
    • සමුච්චිත ලාභ

    ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ණය ආධාර සපයා ඇති ව්‍යාපෘති

    • නෝටන් බ්‍රිජ් විදුලි බලාගාර ව්‍යාපෘතිය
    • මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය
    • කුරුණෑගල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
    • ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව සඳහා.
    • "සුමක" ණය ක්‍රමය සඳහා ජාතික සංවර්ධන බැංකුවට ණය ආධාර
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශ්‍රී ලංකාවේ මුදල් වෙළඳපළට සම්බන්ධ ආයතන

    වාණිජ බැංකු

    ඉතිරි කිරීමේ ආයතන

    • ජාතික ඉතිරිකිරීමේ බැංකුව
    • සේවක අර්ථ සාධක අරමුදල
    • සේවක භාරකාර අරමුදල

    රක්ෂණ ආයතන

    • සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා සී/ස ජාතික රක්ෂණ සංස්ථාව
    • පෞද්ගලික රක්ෂණ සමාගම්

    මූල්‍ය සමාගම්

    මුදල් තැරැව්කාර ආයතන

    සංවර්ධන බැංකු

    • ජාතික සංවර්ධන බැංකුව
    • DFCC බැංකු
    • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
    • ප්‍රාදේශීය සංවර්ධන බැංකු
    • සණස සංවර්ධන බැංකුව
    • ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකු
    ආශ්‍රිත ග්‍රන්ථ:- වින්සන් මර්වින් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය(2000)යුනිවර්සල් ප්‍රින්ටින් සමාගම,නුගේගොඩ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාව යනු,

    ආර්ථික විද්‍යාව යනු, අරපිරිමැස්මේ විද්‍යාවයි.මෙමඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරේ. ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවීම ඇරඹෙන්නේ 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟය.
    ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත.

    "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
    ඇඩම් ස්මිත්

    "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
    ජේ.බී.සේ

    "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
    ඩබ්.ඒ.වෝකර්

    නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

    "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
    ඇල්ප්‍රඩ් මාෂල්

    නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

    ආශ්‍රිත ග්‍රන්ථ:- පටබැඳිගේ ආනන්ද,(1998),ආර්ථික විද්‍යාව,පුබුදු මුද්‍රණ ශිල්පියෝ,මාකොළ

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාව යනු
    ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය.

    "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
    ඇඩම් ස්මිත්

    "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
    ජේ.බී.සේ

    "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
    ඩබ්.ඒ.වෝකර්

    නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

    "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
    ඇල්ප්‍රඩ් මාෂල්

    නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    http://www.myschool.lk/ලිපි/ආර්ථික-විද්‍යාව-යනු/MTQ1






    ආර්ථික විද්‍යාව යනු
    ආර්ථික විද්‍යාව මඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරෙ. ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත. 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවිය.

    "ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
    ඇඩම් ස්මිත්

    "ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
    ජේ.බී.සේ

    "ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
    ඩබ්.ඒ.වෝකර්

    නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

    "ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
    ඇල්ප්‍රඩ් මාෂල්

    නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

    [/QUOTE]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සාර්ව ආර්ථික විද්‍යාව

    සාර්ව ආර්ථික විද්‍යාව
    සාර්ව ආර්ථික විද්‍යාව කාර්ය සාධනය, ආකෘතිය , හැසිරීම හා සාර්ව ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හා බැඳෙන ආර්ථිකයේ ශාඛාවකි. එය ජාතික ,කලාපීය ,හෝ ගෝලීය ආර්ථිකය විය හැකිය.ක්ෂුද්‍ර ආර්ථිකය සමඟ සාර්ව ආර්ථිකය ද ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයකි. සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ දළ ජාතික නිෂ්පාදිතය, සේවා වියුක්ති අනුපාතය, හා මිල දර්ශක යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති. ආර්ථික විද්‍යාඥයෝ ජාතික ආදායම, නිෂ්පාදනය, පරිභෝජනය, සේවා වියුක්තිය, උද්ධමනය, ඉතුරුම්, ආයෝජන,ජාත්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර මූල්‍ය යන ඒකකයන්හි සම්බන්ධතාවය ඉහල නංවයි.

    මීට අමතරව ක්ෂුද්‍ර ආර්ථිකය මූලික වශයෙන් යොමු වනුයේ යම් නිශ්චිත වෙළඳපොළවන්හි මිල ගණන් හා ප්‍රමාණයන් නිශ්චය කිරීම කෙරෙහිව්‍යාපාරයන්හි හැසිරීම හා පාරිභෝගිකයන්ගේ හැසිරීම වැනි තනි කාරකයන්ගේ හැසිරීම පිළිබඳව ය. සාර්ව ආර්ථිකය යනු පුළුල් විෂය පථයකි.ශික්ෂණය පිළිබඳ දුෂ්ටාන්ත සපයන ගවේෂණ අංශ දෙක ලෙස , ජාතික ආදායමේ කෙටිකාලීන බිඳවැටීම් හි ප්‍රතිවිපාක හා එයට බලපාන සාධකයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම හා දිගුකාලින ආර්ථික වර්ධනයපිළිබඳ නිර්ණායකයන් (ජාතික ආදායමේ වර්ධනයන්) අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම වේ.සාර්ව ආර්ථික ආකෘති හා ඒවායේ පුරෝකථනයන් රජය හා විශාල සමාගම් විසින් ඒවායෙහි වර්ධනය හා ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යාපාර මූලෝපායන් ඇඟයිමට යොදා ගනු ලැබේ.


    සාර්ව ආර්ථික න්‍යායේ වර්ධනය
    සාර්ව ආර්ථික විද්‍යාව යන වචනය 1993 දී නෝර්වේජියානු ආර්ථික විද්‍යාඥ රග්නර් ෆ්‍රින්ච්ගේ ආර්ථික පද්ධති යන වචනය තුළින් ලබා ගත්තකි. මෙම ක්ෂේත්‍රයේ මූලිකාංග කිහිපයක් අවබෝධ කර ගැනීම සඳහා දිගුකාලීන පරිශ්‍රමයක් වූ බව විද්‍යාමාන විය.එනිසා පෙර වූ ව්‍යාපාර බිඳ වැටීම් හා මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ඉගැන්වීම් වැඩි දියුණු විය . ආර්ථික චින්තනයේ කැපී පෙනෙන ඉතිහාසඥයකු වූ මාක් බැග්,සිය “කේන්ස්ට පෙර සිටි විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන් :1986” තුළින් හෙළිදරව් කරනුයේ ස්වීඩන් ජාතික ආර්ථික විද්‍යාඥ ක්නුට් වික්සෙල්”සුලුවෙන් හෝ විශාල වශයෙන් නව සාර්ව ආර්ථික විද්‍යාව සොයා ගත් බව ය.

    සාර්ව ආර්ථික සංකල්පිත දර්ශන
    සාම්ප්‍රදායික විශේෂත්වය ආර්ථිකය තුළ ප්‍රභේදයන් තුනක් අතර පවතී. ඉල්ලුම කෙන්ද්‍රගත වූ කේන්සියානු ආර්ථිකය,තාත්වික අපේක්ෂාවන් හා කාර්යක්ෂම වෙළඳපොළවල් මූලික කර ගත් නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව හා නවෝතපාදනය තුළින් දියුණුව කෙන්ද්‍රකර ගත් නවෝත්පාදන ආර්ථික විද්‍යාව ඒ ප්‍රභේදයන් වේ. වෙළඳපොළයන්හි මිල සහ වැටුප් ආර්ථිකයේ බිඳ වැටීම් සමඟ ගැළපිය නොහැකිබව කේන්සියානු චින්තකයෝ තර්ක කරති.කිසිම දර්ශනයක් අන් අයගේ නිශේදයන් සම්පූර්ණ කිරීම නියමානුකූලව අනුමත නොකරති. නමුත් බොහෝ දර්ශනයන් විසින් ප්‍රවේශයන් එකක් හෝ කීපයක් න්‍යාත්මක පදනම ලෙස අවධාරණය කෙරේ.



    කේන්සියානු ආර්ථිකය ජෝන් මයනර්ඩ් කේන්ස් නම් ආර්ථික විද්‍යාඥයාගෙන් විශාල ලෙස බලයලත් අධ්‍යාපනික න්‍යායක් ව තිබිණි.මෙම කාල සීමාව සේවා වියුක්තිය හා ව්‍යාපාර චක්‍රය පිළිබඳව පැහැදිලි කිරීමට සමස්ත ඉල්ලුම කෙරෙහි යොමු විය.එය ව්‍යාපාර චක්‍රයේ බිඳ වැටීම පිස්කල් ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය තුළින් අවම කිරීම ගැන ය. නව කේන්සියානුවන් විසින් නව සාම්ප්‍රදායික සංකලනයේ ඇති නව සාම්ප්‍රදායික මූලිකාංග කීපයක් සමඟ කේන්ස්ගේ චින්තනය හා සම්බන්ධ කරන ලදී.නව චිරන්තන ආර්ථිකයට අඩ වශයෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩිදියුණු කරන ලදනව කේන්සියානු ආර්ථිකය විසින් නිර්මාණය කරන ලද නව ආකෘති පරම්පරාවන් විසින් නව කේන්සියානුවාදය පිරිහීමට හා ප්‍රතිස්ථාපනය වීමට ලක් විය. අසම්පූර්ණ ආර්ථිකයන්ට ඉල්ලුම් කළමණාකරණය සාධරණීය කරනුයේ කෙසේද යන්න පෙන්වා දෙමින් කේන්සියානු ආර්ථිකයට ක්ෂුද්‍ර ආර්ථික පදනමක් සැපයීමට නව කේන්සියානුවාදය උත්සහා දරයි. කෙටි කාලීන හා දිගු කාලීන ඉල්ලුමෙහි වැදගත්කම හා අවිනිශ්චිතාවය, ද්රවශිලතාවරණය හා ක්ෂුද්‍ර ආර්ථිකයෙහි ෙඑතිහාසික වර්ධනය පිළිඹිබු කරමින් පශ්චාත් කේන්සියානු ආර්ථිකය මූලික කේන්සියානු ආර්ථිකයන්හි කේන්සියානු විරුද්ධත්වය නියෝජනය කරයි



    ශතවර්ෂ ගණනක් තුළ කේන්සියානුවන් හා සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන් විසින් සාර්ව ආර්ථික විද්‍යාව පූර්ව අධ්‍යනය හා අපර අධ්‍යනය ලෙස ස්වතන්ත ක්ෂේත්‍රයන් වලට විභේදනය විය.1970 දී නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව කේන්සියානුවන්ට ඔවුන්ගේ සාර්ව ආර්ථික සිද්ධාන්තය ක්ෂුද්‍ර ආර්ථිකය තුළ ස්ථාපනය කර ගන්නා ලෙසට අභියෝග කළේ ය.මෙම සාර්ව ආර්ථික විද්‍යාවේ දෙවන පියවරේ ප්‍රධාන ප්‍රතිපත්තිය වෙනස් වනුයේ පොළී අනුපාත හා මුදල් සැපයුම වැනි මූල්‍ය ප්‍රතිපත්තිය වෙත සැපයුම ඉහළ නැංවීම යි. මෙම දර්ශනය ලුකස් ක්‍රිටික් සමඟ 1970 දි එළිදරවු විය. තාත්වික අපේක්ෂාවන් පදනම් වු නව චිරන්තන සාර්ව ආර්ථික විද්‍යාව ,කාලය හා අවිනිශ්චිතාවය මත වරණය ප්‍රශස්ත ලෙස සිදුවන බව හා සියලුම වෙළඳපොලවල් නිශ්කාශනය වන බව කියයි. නව චිරන්තන සාර්ව ආර්ථික විද්‍යාව සාමාන්‍යයෙන් තාත්වික ව්‍යාපාර චක්‍ර මත පදනම් වේ. මිල්ටන් ෆීඩ්මන් විසින් ප්‍රධාන ව සැළකූ මූල්‍ය පරිපාලනය හැමවිටම හා හැමතැන්හිදි ම උද්ධමනය(ආර්ථිකය) උද්ධමනය මූල්‍ය සංසිද්ධියක් දරයි.එය පෟද්ගලික අංශය වර්ධනයට මූලික වන නිසා එය පිස්කල් ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරයි. තවදුරටත් එය කේන්සියානු ආර්ථිකයේ වන කාර්යශීලී ඉල්ලුම් කළමණාකරණය මෙන් උද්ධමනය හෝ අවධමනය ඝට්ටනය කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත් මූල්‍ය ප්‍රතිපත්තිය නීතීන්ට අනුව මුදල් සැපයුමේ වර්ධන අනුපාතය දිගුකාලයක් තුළ ස්ථායිව පවත්වා ගැනීම සිදුවේ

    සාර්ව ආර්ථික නීතීන්
    විශාල ආර්ථික අවපාතයන් වැනි ප්‍රධාන ආර්ථික කැළඹීමි වලින් ඈත්ව සිටීමට රජය ගැළපීම් සිදුකරමින් ප්‍රතිපත්ති වෙනස් කිරීම තුළින් ආර්ථිකය ස්ථායිතාව බලාපොරොත්තු වේ.මෙම ගැළපීම්වල සාර්ථකත්වය ස්ථායිතාව හා චිරස්තීන වර්ධනයට අත්‍යවශ්‍ය බව රජය විශ්වාස කරයි. මෙම ආර්ථික කළමණාකරණය රාජ්‍ය උපාය මාර්ගයන් දෙකක් තුළින් ලබා ගෙන ඇත.
    01.පිස්කල් ප්‍රතිපත්තිය

    02.මූල්‍ය ප්‍රතිපත්තිය

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උද්ධමනය
    මතුපිට උද්ධමනය
    මතුපිට උද්ධමනය යනු පොදු මිල මට්ටමේ සැබෑ වශයෙන් හටගන්නා ඉහළ යාමකි.එනම් සැපයුම් කම්පන නිසා හෝ පරිපාලන තීරණ නිසා හෝ මිල ගණන්වල තාවකාලිකව සිදුවන ඉහළ යාම් මතුපිට උද්ධමන අනුපාතය තුළ පෙන්වයි .තවද මෙහිදී කාළගුණික වෙනස්කම් මත සිදුවන නිෂ්පාදන පහත වැටීම් ,බදු සහ පාලන මිලයන් වල වෙනස්කම් නිසා ඇතිවන සැපයුම් අංශයේ කම්පන මගින් මතුපිට උද්ධමනයේ විශාල උච්චාවචන හටගනී .එවැනි වෙනස්කම් තාවකාලික බැවින් ප්‍රතිපත්ති සකස්කිරීමේදී ඒ පිලිබදව අවධානය යොමු කල යුතුය.
    මුලික උද්ධමනය
    මුලික උද්ධමනය යනු තාවකාලිකව සිදුවන මිල වෙනස්කම් ඉවත්කර සකසාගත් උද්ධමනයයි . මේ සදහා බොහෝ රටවල් තම මුල්‍ය තත්වය පිළිබදව තීරණ ගැනීමේදී බැහැර කිරීමේ ක්‍රමයක් අනුගමනය කරයි, බලශක්තිය ආහාර වැනි ඉහළ උච්චවචනයන්ගෙන් යුත් මිල ගණන් සහිත අයිතම ඉවත්කර මිල දර්ශකය සකස් කරයි . ලංකාවේද ආහාර හා ඉන්දන ඉවත්කර මුලික උද්ධමනය ගණනය කරයි.
    විවිධ උද්ධමන වේග වර්ග
    පොදු මිල මට්ටමේ සිදුවන වෙනස්වීම විවිධ වේගයන්ගෙන් සිදුවිය හැකිය . ඉතා මන්දගාමී මට්ටම් වල වේගයන්ගෙන් සිදු විය හැකිය . ඉතා මන්දගාමී මට්ටම් වල සිට ඉතා සීග්‍ර මට්ටම් දක්වා විහිදෙයි.
    1.මධ්‍යස්ථ උද්ධමනය (ප්‍රසර්පණ උද්ධමනය )
    දිගු කාලයක් තිස්සේ තරමක වේගයකින් සිදුවන උද්ධමනයයි . එය සාමානයෙන් 5%ක වේගයකින් සිදුවන උද්ධමනයකි. මෙම තත්වය යටතේ මිල ඉහලයන වේගය පුරෝකථනය කිරීම පහසුවෙයි.
    2.ජවන උද්ධමනය
    ඉහළ වේගයකින් හටගන්නා උද්ධමනිය තත්වයකි . වර්ෂයකට අංක 2 හෝ 3 ඉලක්කම වලින් පොදු මිල මට්ටම ඉහළ නගී.උද්ධමන අනුපාතිකය වේගවත් වීමත් පෙර මාසයට වඩා ඊලග මාසයේ උද්ධමන අනුපාතිකය ඉහළ අගයක් ගැනීමත් දැකිය හැකිය.
    3.අත්‍යුත්ධමනය
    මාසිකව මිල මට්ටම 50%කට වඩා වැඩි වේගයකින් වැඩි වීමයි .මුදල් සැපයුමේ වේගවත් ප්‍රසාරණය මෙයට ප්‍රධානතම හේතුව වෙයි.
    උද්ධමනයට හේතු
    උද්ධමන ක්‍රියාවලිය පැහැදිලි කිරීමට ඉදිරිපත්කර ඇති නයායන් මගින් විස්තර කරන්නේ උද්ධමනය ප්‍රධාන සාධක 2ක් නිසා ඇතිවන බවයි. එනම්,
    1.ඉල්ලුමේ වැඩිවීම.
    2.සැපයුමේ අඩුවීම.
    ඉල්ලුම වැඩිවීම නිසා ඇතිවන උධමනය ( ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය )
    මෙය පැහැදිලි කිරීමට ප්‍රධාන ප්‍රවේශ 2ක් භාවිතා කරමු.
    1.මුදල් ප්‍රමනවාදී ප්‍රවේශය.
    2.කෙන්සියානු ප්‍රවේශය.
    ඇමරිකානු අර්වින් ෆිෂර් මහතා මෙම සමීකරණය හදුන්වාදෙන ලදී.
    MV=PT(mv=PY)
    M=මුදල් තොගය
    V=මුදලේ සංසරණ ප්‍රවේගය
    P=මිල මට්ටම
    T=ගනුදෙනු සංක්‍යාව
    Y=මුර්ත නිෂ්පාදනය
    මුදලේ සංසරණ ප්‍රවේගය යනු කිසියම් කාල පරිච්චේදයක් තුළ මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණනයි.
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    දැනට තියෙන මුදලේ ක්‍ර‍ය ශක්තිය අනුව අර භාන්ඩ පැසක කතාව දාන්න බ්‍රො
    ලොලොන්ට දෙන ගන්න
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැනට තියෙන මුදලේ ක්‍ර‍ය ශක්තිය අනුව අර භාන්ඩ පැසක කතාව දාන්න බ්‍රො
    ලොලොන්ට දෙන ගන්න
    හ්ම් ඉස්සරහට ලියනවා බන් ,මේකේ අවුල තියෙන්නේ ලොකු තියරි ලියන්න බැ ගොඩක් අයට තේරුමක් නැ,එකොන් කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුය් සරලව විෂය දන්නේ නැති උනාම ,අපිට කිව්වේ phd ලෙවල් එක කියන්නේ කිසිම ප්‍රස්තාරයක් නැතුව කිසිම ආදර්ශයක් නැතිව කෙනෙක්ට ආර්ථික විද්‍යා සංකල්පයක් පැහැදිලි කරන්න පුලුවන්ම් එක තමයි උපරිම සුදුසු කම කියල:D:D
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    හ්ම් ඉස්සරහට ලියනවා බන් ,මේකේ අවුල තියෙන්නේ ලොකු තියරි ලියන්න බැ ගොඩක් අයට තේරුමක් නැ,එකොන් කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුය් සරලව විෂය දන්නේ නැති උනාම ,අපිට කිව්වේ phd ලෙවල් එක කියන්නේ කිසිම ප්‍රස්තාරයක් නැතුව කිසිම ආදර්ශයක් නැතිව කෙනෙක්ට ආර්ථික විද්‍යා සංකල්පයක් පැහැදිලි කරන්න පුලුවන්ම් එක තමයි උපරිම සුදුසු කම කියල:D:D

    :yes: