18 හැවිරිදි තරුණියක් අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    18 හැවිරිදි තරුණියක් ඉකු‍ත් 15 වනදා සිට අතුරුදන්වී ඇති බවට හික්කඩුව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    ගාල්ල දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය එදින ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේ සිටින අයුරු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.

    ඇය පිළිබඳ‍ තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඇයගේ මව සඳහන් කරන්නේ,

    "17 වනදා රෑ 9.28ට කෝල් එකක් ආවා. දුව තමයි කතා කළේ. අනේ අම්මේ මං ගැන හොයන්න එපා. මට එන්න වෙන්නේ නැහැ. පොලීසියට යන්නත් එපා කිව්වා. ඒ එක්කම එතන හිටපු ගැහැණු කෙනෙක් කිව්වා.. පොලීසියට යන්න එපා කියලා."
     
    • Wow
    Reactions: lankalk