අප්පච්චිගෙ පලවෙනි පත්වීම පොලොන්නරුවෙ තෝපාවැව මහා විද්‍යාලයට. කුරුණෑගල ඉඳලා පොලොන්නරුවට යන්න කාර් තියනවලු. ගාන රුපියල් 8යිලු.. කාර් ආපහු එද්දි සුංගවිල, කන්දකාඩු පැත්තෙං එන මීකිරි අරගනලු එන්නෙ ඩිකියෙ දාගන....අපේ සීයාගේ පඩියත් ඒ වගේ ගාණක්. ළමයි 6 දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරලා තියෙනවා ගේමක් නැතුව. සත 25ට තෝස 3 කාලා ප්ලේන්ටියක් බිව්වම තව සත 2 ඉතුරුත් වෙනවාලු.
