අවුරුදු 24ක් ගතවෙලා තිබුනත් 1996 ලෝක කුසලානය දිනාගැනීම මතක් කිරීම අදටත් ආශ්වාදය ගෙන එන්නක්. කණ්ඩායමේ සියලුම දෙනාගේ සාමූහික ප්රයත්නයක අග්‍රඵලය අපි ලෝක ශූරයන් වීමයි.
අර්ජුනගේ නායකත්වයෙන් අරවින්ද, ගුරුසිංහ, ජයසූරිය, කළුවිතාරණ, මහානාම, හෂාන්, වාස්, ධර්මසේන, මුරලි, ප්‍රමෝදය ජයග්‍රහණයේ පංගුකාරයන්. අතිරේක ක්‍රීඩකයන් වුනු අතපත්තු, පුෂ්පකුමාර සහ උපුල් චන්දන මෙන්ම පුහුණුකරු ඩේව් වට්මෝර් සහ භෞත චිකිත්සක ඇලෙක්ස් කොන්ටෝරිවත් අමතක කල නොහැකියි.
මෙහිදී අර්ජුනගේ භූමිකාව විශේෂයෙන් සලකා බැලිය යුතුයි. ඔස්ට්‍රේලියාව සහ කොදෙව්වන් පැමිණීම ප්‍රතික්ෂේප කලවිට අර්ජුන පවසා සිටියේ ඔවුන් නොපැමිනෙන්නේ නම් තරගයේ ජය අපිට ප්රදානය කලයුතු බවයි. එය එසේම සිදුවුනා. ශ්‍රී ලංකාව අවදානම් රටක් නොවන බවට පෙන්වීමට ඉන්දීය පකිස්තානු ඒකාබද්ධ කණ්ඩායමක් මෙරටට පැමිණ තරගයකට සහභාගිවීම ප්‍රශංසනීයයි.
අර්ජුන පසුකාලීනව පැවසුවේ ඔහුගේ අපේක්ෂාව වූයේ අවසන් පූර්ව වටයට පැමිණීම බවයි. අර්ධ අවසන් පූර්ව තරගයට පෙර දින අර්ජුනට තිබුණු ගැටළුව එංගලන්තය සමග පැවැත්වෙන එම තරගයට යොදා ගන්නේ රොෂාන් මහානාමද උපුල් චන්දනද යන ගැටළුවයි. අවසානයේ මහානාමව කණ්ඩායමට නම් කරන්නේ “දැන් අපිට පිතිකරුවන් 7ක් ඉන්නවා. එංගලන්තය 300ක් ගැහුවත් එළවලා ගහන්න පුලුවන්” යනුවෙන් පවසමින්.
අවසන් පූර්ව තරගයේදි කාසියේ වාසිය පරාජය වීම වාසනාවක් ලෙස අර්ජුන සදහන් කරනවා. කාසියේ වාසිය ලැබුණේ නම් ඔහු තීරණය කර තිබුනේ මුලින්ම පන්දු යැවීමට බවත් රාත්‍රියේදි විකට්ටුවේ හැසිරීම එක්වරම වෙනස්වීම අදහාගත නොහැකි වූ බවත් අර්ජුන පුන පුනා පවසා තිබෙනවා.
අවසන් තරගයේදි වේගපන්දු යවන්නන් දෙදෙනා යැව්වේ මුල් පන්දුවාර 13 පමණයි. ඉතිරි පන්දුවාර 37ම යැව්වේ දගපන්දු යවන්නන්. මාක් ටේලර් සහ රිකී පොන්ටින් ශතක සබඳතාවක් පවත්වාගෙන යද්දී “ඔිවර් දෙකතුනක් දාලා බලමු” කියමින් ඔහු පන්දුව දෙන්නේ අරවින්දට. ලකුණු 270ක් පමණ සංඛ්‍යාවකට අඩිතාලම දමමින් සිටි ඔවුන් දෙදෙනාම දවාගත් අරවින්ද ඔස්ට්‍රේලියා ඉනිම ලකුණු 241කට සීමා කිරීමට මූලික වුනා.
ජයග්රාහි ඉලක්කය හඹායාමේදී ගුරුසිංහ ලකුණු 65 කට දැවීගිය පසු පිටියට එන අර්ජුන, අරවින්දට හොද සහයක් ලබාදෙමින් පන්දු 37කින් ලකුණු 47ක් ලබාගත්තා. එයට හතරේ පහර 5ක් සහ ෂේන් වෝන්ට එල්ල කළ හයේ පහරක් අැතුලත්. “එදා අර්ජුන මට හයකුත් ගහලා දිවත් දික්කරා” යනුවෙන් වෝන් පසුව පවසා සිටියා.
අවසන් තරගයේ කාසියේ වාසියට පෙර අර්ජුන හමුවුණු ඉම්රාන් ඛාන් විමසා සිටියේ සැලැස්ම පිලිබදවයි. තමන් මුලින් පන්දු යැවීමට තීරණය කර ඇති බව අර්ජුන සදහන් කලවිට “එපා එපා ඉස්සෙල්ලා බැට් කරපං” යනුවෙන් ඉම්රාන් ඛාන් පවසා තිබුනා. පාකිස්ථානුවන්ද ප්‍රාර්ථනා කර සිටියේ ශ්‍රී ලංකාවේ ජයයි.නමුත් අර්ජුනට තිබුනේ වෙනත් අදහසක්.
අවසන් තරගයට පෙර දිනයේ පුහුණුවීම් වලින් පසුව නැවත රාත්‍රියේදි නැවතත් ගඩාෆි පිටියට පැමිණි අර්ජුනට දකින්නට ලැබුණේ තණතීරුව තෙතබරිත වී ඇති අාකාරය යි. එ්ගැන තණතිලි සකසන්නන්ගෙන් විමසා සිටිවිට ඔවුන් පැවසුවේ මේ කාලයේ රාත්‍රියට දැඩි පින්නක් පතිතවන බවත් තණකොළ තෙමී අැත්තේ එමනිසා බවත්.
දෙවනුව පන්දුවට පහරදෙන්න තමන්ව පෙලඹවූයේ එම සිද්ධිය බව අර්ජුන පැවසුවා. එම තීරණය නිවැරැදි බව සනාථ වූයේ රාත්‍රි කාලයේදි ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන්ට පන්දුව ග්‍රහණය කරගැනීමට අපහසු වීමත් පන්දු රකින්නන් උඩපන්දු කීපයක්ම අතහැරීමත් නිසා.
පසුකාලීනව මොන දේ කුමන අාකාරයට සිදුවුනත් මිනිස්සු කොහොම වෙනස් වුනත් 1996 ලෝක කුසලානය දිනාගැනීමට කණ්ඩායම මෙහෙයවීමේ ගෟෙරවය අර්ජුනට හිමිවිය යුතුමයි.
මෑත කාලයේ දී අර්ජුන මෙසේ පවසා තිබුනා. “සමහරු දැන් අහනවා මම තියපු වාර්තා මොනවද කියලා. පිත්තෙන් තියපු වාර්තා වලට වඩා මම රටට තරග දිනවලා දීලා තියෙනවා”.
අර්ජුන තවදුරටත් පවසා තිබුනේ එකම කණ්ඩායම් හැගීමකින් එකම අරමුණක් වෙනුවෙන් එකට ක්‍රීඩාකල එකම කණ්ඩායම 1996 ලෝක ශූරයන් වූ කණ්ඩායම බවයි.
ලහිරු උදාන අබේසේකර
CEYLONCRICKET.LK
