මට ඉස්සර පිස්සුවක් තිබුණ පොත ලස්සනට තියාගන්න
ඉතිං මම කරපු වැඩේ මේ වගේ කොල වල කැතට ලියාගෙන ගෙදර ගිහින් පොතේ ලස්සනට ලියනව
අපරාදෙ ඒ පොත මං දුන්නනෙ කාටද මංද ඒ දවස්වලම
කොල ටික මම අද වෙනකං පරිස්සං කරං තියං ඉන්නව
මම පංති ගියෙ මීගමුවෙ ජයනි එකට. කැෂ්මියර් ලූක් කියන සර් ගාවට පංති ගියෙ කෙමිස්ට්රිවලට
විභාගෙ කෙරුවෙ නෑ

හැබැයි මේ සේරම හෙන ආසාවෙන් ඉගෙන ගත්ත. අදටත් මම මතක් කරනව
මට ආධාරකයක් නැතුව කිසිම දෙයක් එකපාර ඔලුවට ගන්න බැනෙ. ටිකක් වෙලා යනව මතක් කරගන්න.
හැබැයි මේවයින් පට්ට foundation එකක් වැටුණ ඔලුවට
ඔන්ලයින් A/L පාඩම් බලනව මම. ඒ කාලෙ ඉගෙන ගත්ත නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත..
තව මං ආසයි බයෝවලටත්
මුතුගල සර් උගන්නන විදියට මරු.
සයිට් එකක් තියෙනව. ඒකෙ ඒව මම බලනව. හොර වැඩක්ද මංද ඉතිං..