tamath call krnw da bn kella ? Ai break up une ?
හොදම යාලුවෝ බන් අපි ගොඩක් කල් ආශ්‍රය කලා මම ඉතින් අහලා දැම්මා. ඔව් ඔව් පතම පේමය.
ඒත් අර යාලුකමට තිබුන ආශ්‍රයයි relationship ආශ්‍රයයි අතර මොකද්දෝ ලොකු වෙනසක් දැනුනා ඒක වචනෙන් කියන්ඩ අමාරුයි. එහෙන් කේන්දර එහෙමත් බැලුවා ගැලපුනෙත් නැහැ ඒක නිසා එයා ටික ටික පස්ස ගැහුවා ඉතින් දෙන්නම shape එකේ කතා කරල වැඩේ අල්ලලා දැම්මා බන්. දැන් අවුරුදු 2ක් විතර බන් නවත්තලා.
එහෙම උනාට අර මගේ හිතේ තිවුන ආදරේ මැකුණෙ නැහැ බලපන්කෝ ඉතින් ඒකෙත් හැටි. ගොඩක් කල් තිබුනෙ නැතත් සෙට් වෙලා හිටපු පොඩි කාලෙදි බොක්කෙන් ලව් කලා අද වගේ මතකයි. එයාට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ තෙමි තෙමි හිටියා එයත් එක්කම. ගෙරටම ගිහින් ඇරලුවෙ නැතත් යන්න පුලුවන් ලගටම ගියා අැරලවන්න. ඉන්ටර්විඒ එකකට යැව්වා කියවලම කියවලම පැය ගානක් බලන් හිටියා එලියට එනකන් හිටගෙන. මහන්සියක් දැනුනෙ නැහැ බන්. මොනවා උනත් මම කෙල්ලව අපේ දන්න කියන යාලුවෝ අතරේ චාටර් කරේවත් නැහැ එක එකාට කිය කිය ඇවිද්දේ වත් නැහැ. එහෙම කරන්න බැහැනෙ මචන් කවුරු උනත් දවසක් හරි ලගට වෙලා අත් පටලන් හිටපු කෙල්ලෙකුට එහෙම කරන්නේ කොහොමද (එලකිරියෙ දැම්මා කියල ඉතින් කවුරුත් දන්නෙ නැහැනෙ ඕවා මොකෝ නමින් අදුනනවයැ
) . මම නම් ටික දවසක් කතා නොකර හිටියා බන් හිතේ අමාරුවට ඒත් ඉතින් ආයෙම කතා කරනවා ඉතින් ඒකි හොද කෙල්ල මචන්. ඒකයි. වලත්ත කමකට නෙවේ ඉතින්. relationship එකක ඉදලා ඉතින් ඒක සාර්ථත වුනේ නැහැ ඉතින් එහෙමයි කියල තරහ වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැනෙ බන්. එයාමයි කිවුවෙ එහෙම. සාමාන්‍ය මිනිස්සු යාලුවෝ වගේ ආස්‍රය කරන්ඩ පුලුවන් නේ. එයාලගෙ පුද්ගලික ජීවිතවලට ඇගිලි ගහන්න යන්නේ නැහැ කවදාවත්. ඔය ඉතින් fb එකේ ඉන්නවා like එකක් comment එකක් දානවා ඒ මදැයි බන් ඉතින් තවදහරි මං බදින කාලෙක වෙඩිමට එන්ඩ කියනවා. කවුරු උනත් සතුටින් ඉන්නවනම් ඒච්චරයි නේ බන් ඉතින් අපි කියල මොනව කරන්නද අපි ආස කරන හැමදේම ලැබෙන්නෙත් නැහැ හිත හදාගන්නවා ඇරෙන්න.

Last edited:

කෙල්ලගේ ගතිගුණ එහෙම හොදද මචන්
