ආසියාවේ නිදා සිටි සිංහයෙකු බඳු ශ්‍රී ලංකාව
මහින්ද රාජපක්ෂ ජනපති අවදි කර තිබෙනවා
- මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම්
ආසියාවේ නිදා සිටි ශ්‍රී ලංකාව නමැති අභීත සිංහයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අවදි කරන ලද බවත් දැන් එම සිංහයා ආර්ථික වර්ධන වේගය නමැති මැරතන් තරගයට ඉදිරිපත් කර ඇති බවත් මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කෙළේය. මෙම නොනවතින මැරතන් තරගය කිසිවෙකුට නවතාලිය නොහැකි බවත්, පසුගිය වසර පහ තුළ රජයත් ශ්‍රී ලංකා මහබැංකුවත් ඒ සඳහා අඩිතාලම දමා ඇති බවත් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා කීය.
මේ දෙකෙහි සම්බන්ධතාව නැගී එන ආර්ථිකයට ඉතාමත් අත්‍යවශ්‍ය බවත්, අවධාරණය කළ ඒ මහතා ඉදිරි දස වසර ඇතුළත ආසියාවේ වේගයෙන්ම නැගී එන ආර්ථිකය හිමි රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකා මහබැංකුව පිහිටුවා වසර හැටක් පිරීම නිමිත්තෙන් රාජගිරියේ පිහිටි බැංකු අධ්‍යාපන කේÁද්‍රයේ ඊයේ (27) සවස පැවති “ දියමන්ති ජුබිලි “ සැමරුම් දේශනයේදී ජයසුන්දර මහතා එසේ පැවසීය. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධර්මා ධීරසිංහ, නියෝජ්‍ය අධිපති පි‍්‍රයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙහිදී කථා කළහ. ඉදිරි දස වසර ඇතුළත සෘජුව දෙස් විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම හා අපනයන ආදායම ඉහළ නංවා ගැනීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මැද රටේ ආර්ථිකය ජවසම්පන්න ලෙස ඉදිරියට ගෙනයන බවද ජයසුන්දර මහතා කීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෝද, හිටපු අධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරු, උසස් නිලධාරිහු, සංස්ථා සභාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.