20-20 ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම කණ්ඩම්බි&#

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාර නායකත්වය සඳහා නම් කරන ලද ටී. එම්. ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම මත එංගලන්තය සමගින් බ්‍රිස්ටල්හි පැවැත්වීමට නියමිත පළමු සහ එකම පන්දුවාර 20-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක්ව සිටින තිළිණ කණ්ඩම්බිට පවරා ඇත.
ලෝඩ්ස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ක්‍රිස් ටි්රම්ලට්ගේ පන්දුවක් දකුණු අතේ මහපටගිල්ලේ වැදීම මත ඩිල්ෂාන් ආබාධයකට ලක්විය. ඒ අනුව ඔහුට පසුගිය 21 වැනිදා රෝස්බෝල්හි නිමාවුණු තෙවැනි ටෙස්ට් තරගයටද සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය.
ඩිල්ෂාන් ආබාධයකට ලක් වුවද අදාළ ලෝඩ්ස්හි තරගයේදී ලකුණු 193 ක් වාර්තා කරමින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීමට ඔහු සමත්විය. අදාළ වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ මීට වසර 27 කට ඉහතදී සිදත් වෙත්තමුණි විසින් වාර්තා කරන ලද ලකුණු 191 ඉනිම විය.
පන්දුවාර 20-20 තරගවලදී මෙන්ම එක්දින තරගවලදීද කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු නොවන කණ්ඩම්බිව එංගලන්තය සමගින් පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 සහ එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙහි උප නායකයා ලෙස නම් කිරීම මත මෙම තරගය මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරී තිබේ.
හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද අදාළ තරග අංශ දෙකේදීම කණ්ඩායමේ සාමාජිකයන් වශයෙන් පසු වුවත් ඔවුන් දෙදෙනාටම කණ්ඩම්බිගේ නායකත්වය යටතේ තරග වැදීමට සිදුවීම මෙහි විශේෂත්වයකි.
ලෝක ශූරතාවේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමජිකයකු වීමටද අපොහොසත් වූ කණ්ඩම්බි අවසන් වරට එක්දින තරගයට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය 2010 වසෙර් ජුනි මසදී දඹුල්ලේදී වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ක්‍රියාත්මක වූ අන්තර් පළාත් එක්දින තරගාවලියේදීද කණ්ඩම්බි එතරම් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර එහිදී සහභාගිවූ තරග 5 දීම රැස් කරන ලද්දේ ලකුණු 76 ක් වීම විශේෂත්වයක් වේ. එමෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදීද කණ්ඩම්බිගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 30 කට අඩු අගයක් ගනු ඇත.
Read more: http://www.cricturf.com/sinhla/53-snews/870-20-20-.html#ixzz1Q5tRZAg2