කෙමිස්ට්‍රි දෙව්රුවන් අල්විස් සර් ගාවට. උබට මතක නම් අපේ හිටියා 30 සෙට් එක කියලා එකක්. රොටරි ඒ කාලේ මෙන් හෝල් එකේ නේ තිබ්බේ. 30 ම එනකොට ඔක්කොම උන් හු කියනවා. අම්මෝ ඔලු පාත් කරගෙන එන්නේ. දෙය්යා ලගට ගිය උනාට මතක ඇති ෆෙමස් ෆැන් බ්රෙක්දවුන් එක. පස්සේ තිබ්බ ෆැන් එකක් කඩාගෙන අපේ සෙට් එකේ ඔලුවට වැටුනා යකෝ . මහරගම ප්‍රසිඩන්ට් එකේ උන් නුගේගොඩ ජෝන්ස් එකේ උන් එක්ක තිබ්බ වලිය තමා ප්‍රදානම ඒ කාලේ තිබ්බ දේ. ඕකට හැම ඉස්කෝලෙක ම වගේ උන් ගැයුනා . අන්තිමට 138 පාරේ කොල්ලෝ එක 1000 ක් විතර බස් නවත්තලා පාරේ ඉදගත්තා. අනන්න්දේ නාලන්දේ දර්මපාලේ ඔක්කොම මෑත බයෝ සිංහල කරන උන් ඔක්කොම ගවුනා ඕකට.1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු.
මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි)
1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට.
Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර group class කරපු සර් කෙනෙක්.
Chemistry - මුලින්ම ගියා දෙවුරුවන් අල්විස්. ලමයි වැඩියි. මට ඇල්ලුවෙ නෑ. ඒ පාර ගියා ධම්මික සෝමරත්න සර්ගාවට. මෙයා නම් හොඳට ඉගැන්වුවා. නුගේගොඩ විජේරාමෙ පංසලේ තමයි පංති තිබුනෙ. ඒ කාලෙ මගේ ප්‍රියතම විශය උනේ Chemistry.
Combined Maths- 2000ට කලින් pure, applied කියල විශයන් දෙකක් තිබුනු එක combine කරේ අපේ අවුරුද්දෙ. මම නුගේගොඩ රොටරි එකේ ගිය combined maths පංතියෙ pure කොටස ඉගැන්වුවේ ආරියරත්න කියල සර් කෙනෙක්. applied කොටස ඉගැන්වුවේ කලු සර් කෙනෙක්, නම මතක් වෙන්නෙ නෑ. දන්න උන් කියාපල්ලා... අමිත් වගේ නමක්ද කොහෙද..
2000 දි මගේ AL result උනේ C 2යි S1. S1 තිබුනෙ Physics වලට. රෝහණ පෙරේරා සර් පුංච් පුංච් ගනන් හද හද හිටියා.. AL පේපර් එකේ ගනන් හදාගන්න බෑ ඒ දවස්වල.
ආපහු දෙවෙනි වතාවට 2001 AL කරද්දි ගියේ මේ සර්ලගාවට.
Physics - අමිත් පුස්සැල්ල. මේ තමයි මගේ දෛවය වෙනස් කරපු ගුරුවරයා. පලවෙනි සැරේ S එකක් අරන් අප්‍රියම විශය වෙලා තිබුනු Physics පේපර් එක ලියන්න දෙවෙනි වතාවෙ ගියේ A එක sure කරගෙන. අන්තිමට මම නතර උනේ, ජපුර university එකේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙන. පුස්සැල්ල සර්ගෙ revision ක්ලාස් තිබුනෙ බ්‍රහස්පතින්දා රොටරි එකේ. 8ට පටන් ගන්න පංතියට 7 වෙනකොට ගිහින් ඉන්නවා ඉස්සරහ සීට් එකක් අල්ලගන්න.
Chemistry - මේක තමයි මම ඇනගත්තු විශය උනේ. පලවෙනි පාර ප්‍රියතම විශය දෙවෙනි පාර අප්‍රියම විශය උනා. ධම්මික සෝමරත්න සර්ගෙ theory class හොඳ උනාට revision හරිගියේ නෑ. පස්සෙ ගියා ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට. පාට පාට ටියුට් මිටියක් දෙනවා. ඒත් මට හරිගියේ නෑ.
Combined Maths - සරත් කියල රත්නපුරේ ඉඳන් නුගේගොඩ රොටරි එකේ class කරපු සර් කෙනෙක් ගාවට ටික දවසක් ගියා. ඊට පස්සෙ දංගල්ල සර් ගාවට ගියා. කොහුවල සක්යා එක පටන්ගනිපු මුල් දවස්... මට මතකයි එක දවසක් ත්‍රිකෝණමිතිය පාඩමක් කරා දවසෙම.. ඒක ඉවර වෙලා මම ගෙදර ආවෙ syllabus එක ඇතුලෙ එන ඕනෑම ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුලුවන් වෙලා. Physics වලට අමතරව Combined Maths වලටත් මට A එකක් තිබුනා 2001 AL වලට..
ඒ කාලෙ පංති ගියපු අය..මතකය අලුත් කරගනිමු......
දෙය්යාගේ මතකේ තමා ගේම. "ඔය 7 වෙනි පෙලියේ ඉන්න එකා මිට මාස 3 කට කලින් ඇදන් අවේ රතු කොටු ෂර්ට් එකක්. ඊට පහු වෙනි මාසේ .... අම්මෝ ඉතින් අරු ගේ මාස ගානක ඉවෙන්ට් ලොග් එක කියනවා මතකෙන්." අනේ මන්ද මම නම් ගොඩ ගියේ පොර නිසා ඉතිං.
කාටද මතක ආනන්ද කළුආරච්චි සිර ව . ලීඩ්ස් එකේ තිබ්බේ ක්ලාස්. ගානක් දෙනවා සිකරට් එකක් බොනවා. පොරගේ ගණන් ඔක්කොම හදන්න පුලුවන්නම් අනිවා උපරිම ගොඩ.අමිත් ලොක්ක වගේ කොටලා පොවන්නේ නැ . අපිම තියරිය හොයාගෙන අපිම ගැන හදන්න ඕනේ. මම නම් හිතන්නේ පිසික්ස් ගොඩ දියේ ඒ බර අපිට දුන්න නිසා. අදටත් දෙයක් හිතලා කරගන්න පුල්වුඅන් ඒක නිසා. පොරගේ ෆෙමස් එක "මැටි සහිත ප්‍රදේශ ". අම්මෝ ගානක් හදන්න බැරි උනොත් කැ ගහලා අතල් ගන්න උන්ට බනින්නේ නැ . ඇගිල්ල දික් කරනවා "මැටි සහිත ප්‍රදේශයක් දිස් වෙනවා " . නිකන්ම කටවල් වැහෙන්නේ .
රොටරි වත්තේ කඩේ පාන් කාල සහ සිකරට් එක තමා දවල් ආහාරය. ලීඩ්ස් උදේ 7.30 ට පටන් ගන්නේ කුකුලා අතේ කරේ අරගෙන යන්නේ ඔයි . මුකුණුවැන්න දාපු පරිප්පු වැඩේ කාරයෙක් පාරේ උදේ ඉන්නවා. එකෙන් එකක් කෑවම දවල් වෙනකන් අදින්න පුළුවන්.
ඔන්න ඒ කාලේ මෙහෙමයි තිබ්බේ
මෙතන ඉන්නවා ඩොකාල දෙන්නෙක්. ඉන්ජෙක් . රටක තානාපති දෙවෙනියෙක්. Software Architect කෙනෙක් , නළුවෙක් , එකෙක් ගැන නම් මතකයක් නැ.



