Dec 25, 2012
54
2
0
2009, 07, 08
එදා තමයි මම ඔයාගේ කැමැත්ත අහපු දවස. ඔයාට අමතක උනාට මට හොඳටම මතකයි. එදා ඔයා ලැජ්ජාවෙන් " මම ඔයාට ආදරෙයි අයියේ.." කියපු දවස.,එදා ඔයා කොච්චර ලස්සනට හිනාවෙලා මං දිහා බැලුවද .. ඒත් අද ඔය කොච්චර නපුරු විදිහටද මගේ දිහා බලලා අහක බලාගන්නේ..අපේ ආදරේට ආයුශ තිබුනේ හරියටම දවස් 29යි.. ඒත් ඒ දවස් ටික අමතක නොවෙන මතකයන් ගොඩක් ඉතුරු කරලා ගියා අපේ ජීවිත වලට..



අපේ ආදරේ ඔයාගේ Class Teacherට අහුවෙච්ච දවසේ ඔයා කොච්චර ඇඬුවද....... කොච්චර ප්‍රශ්න ආවත් ඔයා මාව තනි කරන්නේ නෑ කියලා Bus එකේදි මගේ අතින් අල්ලලා ඇහුවා නේද? මම ඔයාට ගොඩක් ආදරේ කලා ! ඔයත් මට ගොඩක් ආදරේ කලා එදා...... ඒත් අද ඔයා මට වෛර කරනවා. හරි පුදුමයි ! මේ ගෙවුන අවුරුදු තුනේ මම ඔයාව අමතක කරන්න කොච්චර උත්සාහ කලාද..ඒත් දෙයියනේ මට ඒක කරන්න බැරි උනා !!

සංසාර හීනේ ඔබ නේද මාගේ
මෙ පෙම් කතාවේ ගිනි ඇවිලිනානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවාන්නේ..

ඔයා අපේ එක Affair එක නැවැත්තුවෙ ආගම ඉස්සරහට දාලා නේද??
අපි දෙන්නා ආගම් දෙකක් කියලා දන්නවා, ඔයාගේ ආගමේ අයව විතරයි ඔයාට Marry කරන්න පුලුවන් කියලත් දන්නවා,(මුස්ලිම් නෙමේ) School Time එකේ ආයිත් Love Affairs පටන් ගන්නෑ කියපු ඔයා ආයිත් කොල්ලෙක් එක්ක Affair එකක් පටන් ගත්තා කියලත් දන්නවා. ඌ මට වඩා ලස්සන, සල්ලි තියෙන කෙනෙක් කියල දන්නවා, ඌ දැන් USA ඉන්නේ කියලත් දන්නවා, හරිම සතුටුයි..

මම අන්තිමට ඔයාට දුන්න Letter එක මතකද? මම මුලු රෑම නිදිමරාගෙන ලියපු ලියුම, ඔයා ආදරෙයි කියලා කියපු කටින්ම ඔය ලියුම මට එපා පුච්චලා දාන්න කිව්වා නේද? කමක් නෑ නංගි.. මට දැන් පුරුදුයි.. ඔයා හිතුවේ නෑ නේද මම මෙච්චර Serious වෙයි කියලා.

2013, 02, 07
අද Sports Meet එකට ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා. මම ඒකට මාස ගානක් තිස්සේ Plan කලා. ඒ ආදරේ ඉල්ලන්න නෙමෙයි, එක පාරක් ඔයාව බලන්න, එක වචනයක් ඔයත් කතා කරන්න ! ඒත් මට අද Skul එකට එක අඩියක් තියන්න ලැබුනේ නෑ :( මගේ හීන ඔක්කොම විනාශ වෙලා ගියා :( කියාගන්න බැරි දුකක් හිතට දැනෙනවා...

මා අහසේ ලියු දේ
පෙනුණේ නුඹට විතරමයි
මා සුලඟට කියු දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුණේ
නුඹට දුන්න හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි විතරමයි ඒ විතරමයි..

ඔයාව බලන්න, කතාකරන්න තිබුන අන්තිම අවස්ථාවත් මට නැති උනා.. කමක් නෑ.. ඔයා ලස්සනයි, අනිත් අයට වඩා ගොඩක් වෙනස්.. ඒ වෙනසටයි මම හැමදාමත් ආස කලේ.. ඒ හේතුව නිසාමයි මට ඔයාට ආදරේ කරන එක නවත්තගන්න බැරි උනේ..මට ඔයාව එපා ! ඒත් මම ඔයාට ආදරෙයි නංගී. මගේ වාසනාවකට මට දැන් ඉන්නවා මගේ පන වගේ කෙල්ලෙක්. ඒත් මට ඔයට ආදරේ කරන එක නතරකරගන්න බැරි උනා..මගේ වැරැද්ද :(

අදටත් මාළඹේ එකට එනකොට මතක් වෙනවා පරණ මතකය.. අපි දෙන්නා හිනා වෙලා හිටපු හැටි..ඔයා මම එනකන් බලාගෙන හිටපු හැටි.. ආයි එහෙම කාලයක් එන්නේ නෑ. මම හොඳටම දන්නවා. පුරුද්දට වගේ මම අදටත් යන්න ආස කරන්නේ 190/170 Bus වල. මතකද අපි මුලින්ම Bus එකේ ගිය දවසේ ගිය සිංදුව....හ්ම්?

සරත් සඳේ රැයට මෘදු සුවඳ දරාගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුණන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියල දෙන්න..

අපිට අපේ කරගන්න හීන කොච්චර තිබුනාද..දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. ඔයා වෙනම ලෝකෙක හැම දෙයක්ම අලුතින් පටන් ගත්තා. My Congratz !

අවුරුදු ගානක් හිත පුරුදු කරගෙන හිටපු දෙයක් එක දවසෙන් වෙනස් කරන්න බෑ කියලා දන්නවා. ඒත් මට පුලුවන් වෙයි ඔයාව අමතක කරන්න.
අවුරුදු ගානකට පස්සේ.. මමත් හැම දෙයක්ම අලුතින් පටන් ගන්නවා. 2013, 02, 08 ඒ කියන්නේ හෙට.. ඔයා මට හිමි නොවෙන හීනයක්. ඔයගේ Life එක ඔයා හදා ගන්න. ඔයාට ඒක පුලුවන්. සතුටින් ඉන්න හැමතිස්සෙම..


 
Last edited:

Necrid

Member
Jan 31, 2013
347
15
0
29 days walin love karannath puluwanda? 1 year wage love eka thibba nam uba adala marenne
 
  • Like
Reactions: 577

mnw

Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    MATH YANNE 170 190 ROOT EKENE.UDETA POL PATAWALA WAGE BAN BUS EKE COUPLE EKAK HENA KALEKIN DAKKE NAA
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif


    හිත හදාගනින් මල්ලී ,,,,
    ඔච්චර ආදරයක් හිතේ පුරවගත්තු උබට
    කවදාවත් වරදින්නේ නැහැ ...........
    ඒ නංගිට ඔය වගේ ආදරයක් විදින්න පින නැහැ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොනා කරන්නද බං.. ගොඩක් එවුන්ට ඔය වගේ තමා..
    දැන් ඉතිං හිත හදාගනිං..
    එයා උඹට අයිති නැහැනේ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කෙල්ලෙක්ට පුළුවන් අනිත් පැත්ත ගහන්න පට ගාල.... ඒ වෙලාවට හේතුත් තියෙනවා උන් ගාව , පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ අපි කොච්චර මානසිකව වැටෙනවද කියල උන් හින්ද ...ඕව ගනන් ගන්න එපා ... උබට කෙල්ලෙක් ඉන්නවනේ , ඒක නිසා උබට ආදරේ කරන කෙල්ලට ආදරේ කරපන් උබට වෛර කරන කෙල්ලව අමතක කරලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    උඹ ගැන දුකයි මචන්. හිත හදාගනින්. දැන් කෙල්ලබ හොදට බලාගනින්. පරණ කෙල්ල ගැන හොයන එකෙන් වෙන්නෙ ඔය දෙන්නා අතරට ප්‍රශ්න එන එක. අමතක කරලා දාන්න බලපන්. :(
     
    Dec 25, 2012
    54
    2
    0
    0002015B.gif


    හිත හදාගනින් මල්ලී ,,,,
    ඔච්චර ආදරයක් හිතේ පුරවගත්තු උබට
    කවදාවත් වරදින්නේ නැහැ ...........
    ඒ නංගිට ඔය වගේ ආදරයක් විදින්න පින නැහැ.
    හිත හදාගන්න කොච්චර උත්සහා කලාද.. ත් මචන් මට ඒක තමා කරන්න අමාරුම වැඩේ
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    දැන් ඉන්න කෙල්ලත් එක්ක හොදට ඉදපන් බුරුවො
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Amathaka karanna barinam dan inna kellawath atha arapan..paww machn dan inna kena.

    Oya parana moda cn amathaka karala dan inna kena gena witharak hithapan....

    Gud luck bro!! :) :) btw mage girluth wena agamaka :) :yes: