ජුලි 7 - මාල දිවයිනේ ඇමති මණ්ඩලය ඉල්ලා අස් වීම
ඇමති මණ්ඩලය හදිස්සියේම ඉල්ලා අස් වීමත් සමග පාර්ලිමේන්තුව හා තමා අතර හට ගෙන ඇති අර්බුදකාරී තත්වය සමතයකට පත් කර ගැනීමට මාල දිවයිනේ ජනපති මොහොමඩ් නෂීඩ් පියවර ගත්තේය.
ජුලි 28 - පකිස්ථානයේ "එයාර් බ්ලු" ගුවන් අනතුර
පකිස්ථානයට අයත් "එයාර් බ්ලු" ගුවන් සේවයේ මගී ගුවන් යානයක් ඉස්ලාමාබාද් නුවරට ඔබ්බෙන් ඇති මර්ගාලා කදුකරයට කඩා වැටීමෙන් යානයේ සිටි 152 ජිවිතක්ෂයට පත්විය.
ජුලි 29 - පකිස්ථානය පිලිබදව ඩේවිඩ් කැමරන් කල ප්‍රකාශය
ඉස්ලාමීය සටන් කාමීන්ට පකිස්ථානය ආධාර දෙමින්
ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙනවා යයි ඉන්දියාවේ සංචාරය කරමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කල ප්‍රකාශය පකිස්ථානයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
ජුලි 29 - පකිස්ථානයට ඇද හැලුණු මහා වැසි හා ජල ගැලීම්
වයඹ දිග පකිස්ථානයට ඇද හැලුණු මහා වැසි සමග ඇති වූ හදිසි ජල ගැලීම් වලට හසු වී පුද්ගලයෝ දහස් ගණනින් ජිවිතක්ෂයට පත් විය. ලක්ෂ ගණනකට උන් හිටි තැන් අහිමි විය. එම මහා ගන් වතුරින් සිදු වූ හානිය 2004 සුනාමි විපතට සමාන යයි එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.
අගෝස්තු 12 - ග්‍රීන්ලන්තයේ පීටර්ස්මෑන් අයිස් තට්ටුව කැඩී වෙන් වී යාම
කිලෝ මීටර 30 දිග සහ කිලෝමීටර 10 පළල මහා අයිස් තට්ටුවක් ග්‍රීන්ලන්තයේ පීටර්ස්මෑන් නැමති ග්ලැසියරයෙන් කැඩී වෙන් වී ආක්ටික් සාගරයට පාවී යාමත් සමග එහි සාගර ජල මට්ටම ඉහල යයි බවට විද්‍යාඥයන් අනතුරු ඇගවුහ.
අගෝස්තු 13 - මෙටැලෝ බීටා ලැක්ටමේස් 1 එන් ඩී එම් 1 බැක්ටීරියාව
කිසිම ඔසුවකින් පාලනය කල නොහැකි ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධ දක්වන, නව මාදිලියේ "මෙටැලෝ බීටා ලැක්ටමේස් 1" හෙවත් එන් ඩී එම් 1 යනුවෙන් නම් කල ප්‍රබල බැක්ටීරියාවක් ඉන්දියාව, පකිස්ථානය වැනි රට වලින් බ්‍රිතාන්‍යට පැතිර ගොස් ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් බිය පල කලහ.
අගෝස්තු 21 - ඉරානයේ ප්‍රථම බල ශක්ති න්‍යෂ්ටික බලාගාරය
සම්බාධක හේතුවෙන් ප්‍රමාද වෙමින්, දශක 3 කට ආසන්න කාලයක් තිස්සේ, රුසියාවේ සහය ඇතිව ඉදි කල ඉරානයේ ප්‍රථම බල ශක්ති න්‍යෂ්ටික බලාගාරය විවෘත කෙරිණි.
අගෝස්තු 23 - චිලී පතල් සේවකයින්
දින 17 කට පසු මීටර් 700 ගැඹුරු රන් සහ තඹ පතලක හිර වී සිටි පතල් සේවකයින් 33 දෙනා පන පිටින් සිටින බව තහවුරු විය ඔවුන්ගේ දිවි බේරා ගැනීමට, චිලි දිවි ගලවා ගන්නා කණ්ඩායම් විස්කම් මෙහෙයුමක් දියත් කළේය.