~~~[*| 2012 ට කළින් හිතන්න දෙයක් |*]~~~

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
~~~[*| 2012 ට කළින් හිතන්න දෙයක් |*]~~~

මේ යන්නෙ 2011 අන්තිම මාසේ, මේ මාසෙත් නිකම්ම ගෙවලා දාලා ඊළඟ අවුරුද්දටත් නිකම්ම යන්නද කල්පනාව? ජීවිතේ රස විඳින්න අළුත් දේවල් ඉගෙන ගන්න.



  • කෙනෙක් හොඳ හිතෙන් මොනවා හරි දෙයක් දෙනවා නම් ඒක ආදරෙන් බාර ගන්න, ඒ දෙයින් කිසිම වැඩක් නොවුනත් ඒක නිහතමානීව පිළි ගන්න පුරුදු වෙන්න. ඔයාට වැඩි වැඩියෙන් ලැබෙනවා. කවුරු හරි කෙනෙක් අකමැත්තෙන් හිතේ කිළුටු තියා ගෙන මොන තරම් අත්‍යාවශ්‍ය දෙයක් දෙන්න හැදුවත් ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔයාට කොහෙන් හරි ඒක ලැබෙනවාමයි!


  • හරි ඉක්මනට ඇස්දෙකට කඳුළු එනවා නම් හිත් රිද්දන අය ගාවට නොගිහින් ඉන්න. කෙනෙක්ව හම්භ වෙලා මොහොතක් කතා කලත් මුළු ජීවිතේම මන්දාරමකින් වැහෙනවා වගේ දැනෙනවා නම්, එයාලා ගෙන් ඈත් වෙන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් වචනයක් කතා කලත් හිත පිරිලා උතුරනවා නම්, එයාව ගොඩක් ලං කර ගන්න!


  • අපිට තද බඩගින්නක් තියෙන වෙලවට අපි අපිරිසිදු හෝටලේකින් උනත් කනවා. ඊට පස්සෙ බඩේ අමාරුවක් හැදුනොත් නම් ඩොක්ටර් කෙනෙක්ට කියලා බෙහෙතක් අරන් හොඳ වෙන්න පුළුවන්. ඒත් සමහර දේවල් එහෙම වෙනස් කර ගන්න බැහැ. මොන තරම් ආස උනත් උණුසුම් උනත් මතකෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න. අජීරණ හොඳ උනාට සමාජ රෝග හොඳ වෙන්නෙ නැහැ!


  • කවුරු හරි කෙනෙක් දැන දැනම ඔයාව කොන් කරනවා නම්, එයාව ඔයාගේ ආත්මයෙන්ම එළියට දාන්න. ආදරේ ලැබෙනවා කියලා හිතෙන කෙනෙක් කරන පොඩි දේවල් අපිට මහ මෙරක් තරම් බර උනාට, එළියට දැම්මට පස්සෙ එයාට බැහැ ඔයාව රිද්දන්න!


  • දොස්තර මහත්තයා ගාවට යන්නෙ ලෙඩ හැදුනම විතරයි. ඒත් තමන්ගේ ජීවිතේ ආදරණීය අය ගාවට යන්න ප්‍රශ්නයක් වෙන්නම ඕන නැහැ. සතුටක් දැනුනමත් එයාලාට කියන්න. එහෙම නැත්තම් ඔයා ඒ ගොල්ලන්නට කරන්නෙ ලොකු අසාධාරනයක්!


  • ආදරේ කරන කෙනා එක්ක ජීවිතේ ප්‍රශ්න කියන්න දෙපාරක් හිතන්න එපා. අතේ සතේ නැති උනත්.... පස්ස පැත්තෙ ගෙඩියක් ආවත්.... බඩ යන ලෙඩක් හැදුනත් ඒක එයාට කියන්න. ඒ වෙලාවට එයා කලබල වෙලා ප්‍රශ්න දාහක් අහලා හිත හදනවා නම් එයා බොහොම හොඳ කෙනෙක්. ප්‍රශ්න කියන කොට මඟ අරිනවා නම් ඔයාටත් එයාව මඟ අරින්න කාලේ හරි කියලා හිතන්න!


2011 අවුරුද්ද හයියෙන් ගෙවිලා යන අතරේ පුළුවන් නම් මේවා ගැනත් මොහොතක් හිතන්න. ආදරේට ආදරේ කරන්න. 2011 දී ගත්තු තීරණ ගැන දුක් වෙන්න. ඒ දුක කරපින්නන් අළුත් අවුරුද්දකට යන්න එපා. හිතට දුක නම් කඳුළු නතර වෙන කල් අඬන්න. 2012 අවුරුද්ද හොඳට ගත කරනවා කියලා හිතන්න!
 

yasas2010

Active member
  • Aug 22, 2008
    296
    69
    28
    maru machan. godak hithata weduna. qyala thiyena seerama dee aththa. anyway nice thread. 2012 api hemootama subha wenna qyala pathanawa. ;)
     
    • Like
    Reactions: Sefirosu

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME


    • අපිට තද බඩගින්නක් තියෙන වෙලවට අපි අපිරිසිදු හෝටලේකින් උනත් කනවා. ඊට පස්සෙ බඩේ අමාරුවක් හැදුනොත් නම් ඩොක්ටර් කෙනෙක්ට කියලා බෙහෙතක් අරන් හොඳ වෙන්න පුළුවන්. ඒත් සමහර දේවල් එහෙම වෙනස් කර ගන්න බැහැ. මොන තරම් ආස උනත් උණුසුම් උනත් මතකෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න. අජීරණ හොඳ උනාට සමාජ රෝග හොඳ වෙන්නෙ නැහැ!
    කතාව ඇත්ත:D:D:D:yes:
     
    • Like
    Reactions: Sefirosu

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    396497_2922056730518_1233819384_33268228_2144273477_n.jpg