2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අද උදේ අපේ ගේ උඩින් ඔරියගේ යානයක් ගියා.. මම දැක්ක ඔරිය ඔලුව දාගෙන අපේ පැත්ත බලාගෙන ගියා..
    ඔරියව දැක්කම මට ලොකු ශක්තියක් ආවා හිතට:yes::yes:


    smiley-alien011.gif


    කෝ මචන්ලා අද තාම ඔරියා ආවෙ නෑනෙ..:eek::eek:
    Last Activity: Today 02:34 AM
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කොහේ හරි ඔරියන් මූලස්ථානයක් හොයන වැඩකට යන්න ඇති!:baffled:

    මොකෝ මචන්ලා මේ වෙන්නෙ.. මේ නිව්ස් කාරයො කීයක් හරි හොයාගන්න කරන මගුලක්ද?
    ආතල් එකක් ගන්න කරන වැඩක්ද? නැත්නම් මේවා සිරාද??

    FOX NEWS Say There Is An Great Increase In UFO Sightings Reported in 2012!

     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකෝ මචන්ලා මේ වෙන්නෙ.. මේ නිව්ස් කාරයො කීයක් හරි හොයාගන්න කරන මගුලක්ද?
    ආතල් එකක් ගන්න කරන වැඩක්ද? නැත්නම් මේවා සිරාද??

    FOX NEWS Say There Is An Great Increase In UFO Sightings Reported in 2012!


    Pora keyanne eya 2012 keyana year eka gana specially mokakwath hithanne na eth godak UFO's gana reports ena nisa "Something is going on keyala":oo::yes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Pora keyanne eya 2012 keyana year eka gana specially mokakwath hithanne na eth godak UFO's gana reports ena nisa "Something is going on keyala":oo::yes:

    වෙන හු**ක් වෙන්නෙ නැතෑ මචෝ....අපි මොනවා කරන්නද..
    ඔරියා එනකං සින්දුවක් අහමු.. :D

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙන හු**ක් වෙන්නෙ නැතෑ මචෝ....අපි මොනවා කරන්නද..
    ඔරියා එනකං සින්දුවක් අහමු.. :D


    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉමු...තව මාස 10+යි නෙ!:rolleyes:;)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉමු...තව මාස 10+යි නෙ!:rolleyes:;)

    අනිවා නැව ගිලුනත් DJ කිව්වලු..!:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්...
    සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්...

    ක්ලේශ තාපයෙන් අනන්ත වේදනා ජලේ...
    නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ...

    දෑගසවු රහත් බුදුන් මා සිතින් පුදා...
    වන්දාමි සඟරුවන් සඳින් මලින් බැතින් සදා...

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්...
    සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බුදු බණ ඇසුවා ගී පද

    බුදු බණ කිව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමාත්
    වනන්තරේ //

    බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
    ගතියක් අප හට ඇතිවද මංදා
    මේ තරමට බුදු බන අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා

    බුදු බණ කිව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමාත්
    වනන්තරේ //

    සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය
    නැවුම් ලොවක් මත සිහසුන බන්දා
    එක ඉර හඳ යට හිනැහෙන දවසක්
    යළි කවදාවත් නේවිද මන්දා

    බුදු බණ කිව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමාත්
    වනන්තරේ //

    ගී පද : රඹුක්කන සිද්ධාර්ථ හිමි
    ගී තනු : එච් එම් ජයවර්ධන
    ගී හඬ : මාලනී බුලත්සංහල සහ එඩ්වඩ් ජයකොඩි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Budu bana esuwa Lyrics

    budu bana kiwwa niranthare
    budu bana esuwa niranthare
    gathiguna athin api thawamath
    wananthare //

    bosath gathiguna pihitanne nethi
    gathiyak apa hata ethiwa da manda
    me tharamata budu bana ahana rata
    dina dina pirihena karumaya manda

    budu bana kiwwa niranthare
    budu bana esuwa niranthare
    gathiguna athin api thawamath
    wananthare //

    sirith wirith yaha gunen piree giya
    newum lowak matha sihasuna banda
    eka ira handa yata hinehena dawasak
    yali kawadawath ewi da manda

    budu bana kiwwa niranthare
    budu bana esuwa niranthare
    gathiguna athin api thawamath
    wananthare //

    Lyrics: Rambukkana Sidhartha himi
    Music: H.M. Jayawardana
    Singer: Malini Bulathsinhala and Edward Jayakody

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    01 අපණ්ණක ජාතකය
    pc4.gif

    එක් දවසක් අනේපිඩු මහා සිටානෝ තමන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්‍රාවකයන් කැඳවාගෙන බොහෝ ගධ දුම් මල් පහන් හා ගිතෙල් මී උක් සකුරු හා සිවුරු පිළි ආදීය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජානන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදීයෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චතෝන පූරතෝ යනාදී සය වැදෑරුම් වූ මිසත්‍ය දෝෂ දුරු කොට එකත් පස්ව හුන්නාහුය. ඒ අන්‍ය තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුද්නගේ පුන් සඳ මඩලක් බඳු වූ සශ්‍රික මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්‍යාණු ව්‍යජන ඛ්‍යාම ප්‍රභා කේතු මාලා ලංකාරයෙන් විරජ මාන වූ බ්‍රහ්ම ශරීර හා කරකැවි යුවල යුවල නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මී බල බලා අනේපිඩු මහා සිටානන් සමීපයෙහි උන්නාහුය. එකල්හි ඔවුන්ට බුදුහු රත් ගල් තලාවක හිඳ සිංහ නාද කරන්නා වූ අභිත කේෂර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයෙහි මහා වර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන් දමක් ගොතන්නාහූ මෙන් ද අශ්ඨාංගයෙන් සමන්විත වූ ශ්‍රවණීය වූ මනෝඥ වූ බ්‍රහ්ම ස්වරයෙන් නානානය නිපුණ විචිත්‍ර වූ මදුර වූ ධර්ම දේශනාවකට වදාල සේක. ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව නැගී සිට දස බලදාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්තක ලබ්දිය හැර බුදුන්ගේ සරණ ගියහ.

    ඔහු එතැන් පටන් ඇමකලම අනේ පිඬු මහ සිටානන් හා සමග සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රක්ෂා කෙරෙති. පෙහෙවස් වෙසෙති. ඉක්බිත්තෙන් බුදූහූ සැවැත් නුවරින් රජගහ නුවරට වැඩි සේක. එකල්හි ඒ තීර්තක ශ්‍රාවකයෝ බුදුන් රජගහ නුවරට වැඩි කල්හි බුදුන්ගේ සරණය හැර නැවත අන්‍ය තීර්තකයන්ගේ සරණ ගෙන තමන්ගේ මුල සරණයේහිම පිහිටියාහ. බුදු රජානන් වහන්සේගේත් සත් අටමසක් කල් ගෙවා යවා නැවත ජේතවනයට වැඩි සේක. අනේ පිඩු මහ සිටානෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස් වැඳ සුවඳ මල් ආදීයෙන් පූජා කොට බුදුන්ට නමස්කාර කොට එකත් පස්ව උන්නාහුය. ඒ තීර්තක ශ්‍රාවකයෝ ත් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහුය. එකල්හි ඔවුන් බුදුරජානන් වහන්සේ සැරි සරා වැඩි කල්හි ගන්නා ලද සරණ හැර නැවත අන්‍ය තිර්තකයන්ගේ සරණ ගැන මුලස්ථානයෙහි පිහිටි බව අනේපිඩු මහ සිටානෝ බුදුන්ට දැන්වූහ. එකල්හි සර්වඥයන් වහන්සේ ප්‍රමාණාතික්‍රාන්ත වූ කාලයෙහි අතරක් නැති කොට පවත්වන ලද වාක් සුචරිතානු භාවයෙන් දිව සුවඳින් සුවඳ කැවු නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඬුවක් හරින කලක් පරිද්දෙන් මුඛ පත්මය විවෘත කොට මදුර ස්වර විහිදුවමින් සැබෑද උපාසක වරුණි. තොපි රත්නත්‍රයෙහි සරණ හැර අන්‍ය තීර්තකයන්ගේත් සරණ ගියෙදැයි විචාරා වදාල සේක. එකල්හි තමන් කල කාර්ය හඟ වන්නට අසමර්ථ වූ ඔවුන් විසින් සැබැව ස්වාමිනි. බුදුහු උපාසක වරුන්ට ආමන්ත්‍රණය කොට එම්භා උපාසක වරුණි. යටින් අවිචිය හා මත්තෙන් භවාග්‍රය කෙළවර කොට සරසින් අනන්තාපරිමාන සක්වලහෙි සීල සමාධි ප්‍රඥා වූ ගුණයෙන් බුදුන් හා සමකෙනෙක් නැත. බුදුන්ට වඩනා කෙණෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්‍රය සරණ ගිය උපාසක කෙනෙක් වේවා යි උපාසිකා කෙනෙක් වේවායි නරකාදී වූ සතර අපායෙහි උපදිනා හු නොවෙති. අපායොත්පත්තියෙන් මිදි දිව්‍ය ලෝකයෙහි ඉපිද මහා සම්පත් අනුභව කෙරෙති. එසේ හෙයින් තොපි ඇම දෙනා මෙබඳු සරණ හැර අන්‍ය තීර්තකයන්ගේ සරණ යන්නවුන් විසින් කල සේ නපුරැයි වදාලසේත.

    තවද උපාසක වරුනි බුද්ධානුස්මෘති ධර්මානුස්මෘති සංඝානුස්මෘති කර්මස්ථාන එනම් ශෝතාපත්ති ඵලය දෙන්නේය. සකෘද්ධාගාමී මාර්ගය හා සකෘද්ධාගාමී ඵළය දෙන්නේය. අනාගාමි මාර්ගය හා අනාගාමි ඵලය දේනේය. අර්හත් මාර්ගය හා අර්හත් ඵළය දෙන්නේයැයි මේ ආදි වූ කාරණයෙනුත් ධර්ම දේශනා කොට මෙබඳු රත්නතරය සරණ බිඳපු තොප විසින් නොකල මනා දෙයක් කරණ ලදැයි වදාල සේක. මෙසේ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ අනේක ප්‍රාකාරයෙන් උපාසක වරුන්ට අවවාද කොට උපාසකවැරනි පළමුත් මන්ෂ්‍යයෝ අසරණය සරණයයි විරූඩ ග්‍රහනය ගෙන අමුනුශ්‍යයෝ පරිගෘහිත වූ කාන්තාරයෙහි යක්ෂයන්ට ගොදුරුව මහා විනාශයට පැමිණියෝය. සරණ යෑම සරණයයි ඒකාන්ත කොට අවිරූඩ ග්‍රහණය ගත්තා වූ මනුෂ්‍යයෝ ඒකාන්තාරයෙහි ස්වාසස්ථානයට පැමිණියෝ වේදැයි වදාරා මුවෙන් නොබැන වැඩ උන් සේක. එකල්හි අනේපිඩු මහා සිටානෝ හුනස්නෙන් නැගී සිට බුදුන්ට වැඳ ස්තූති කොට දොහොත් මුදුනෙහි තබා ස්වාමීනි දැන් වූ කලි මේ උපාසක වරුන්ගේ උතුම් වූ රත්නත්‍රය සරණ හැර විරුඩ ග්‍රහණය අපට ප්‍රකාශය. පූර්වෙහි යක්ෂාදිගෘහිත වූ කාන්තාර මාර්ගයෙහි විරූඩ ග්‍රාහින්ගේ විනාශය හා අවිරූඩ ග්‍රහිතව වූ මනුෂ්‍යයන් ස්වාසස්ථානයට පැමිණි බව අපට සැබවී තිබෙන්නේය. නුඹ වහන්සේටම ප්‍රකාශය. ස්වාමීනී යාඤ්ඤා කරම්හ. පින්වත් වූ සර්වඥයන් වහන්ස. ආකාශයෙහි පුන් සඳ මඩල නගා පානා කලක් මෙන් මේ කාරණය ප්‍රකාශ කොට වදාල මැනවයි ආරාධනා කළාහුය. ඉක්බිත්තෙන් බුදුහු මා විසින් සිටානෙනි අප්‍රමාණ කාලයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලෝක වාසීන්ගේ සැක දුරු කරන පිණිසම සර්වඥතා ඥානය ප්‍රතිවේදය කරන ලද්දේය. සිංහ තෛලයෙන් රන් නලක් පුරවන්නාක් මෙන් සකස් කොට කන් නමා අසවයි සිටානන්ට සිහි උපදවා හිම ගර්භයක් පලා පුන් සඳ මඩල පිටත් කොට පාන්නක් මෙන් භවාන්තරයෙන් සැඟ වූනාවූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

    යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය කරන්නාහුය. එසමයෙහි පුරණ ලද බෝධි සංබාර ඇති අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයක පිළිසිඳ ගෙන ක්‍රමයෙන් වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙති කලෙක බස්නාහිරන් නැගෙනහිරට යෙති. එකල බරණැස් නුවර අනෙකුත් ශාන්තු නායක පුත්‍රයෙක් විය. ඒ තම අඥාණය අව්‍යක්කතය. උපායෙහි දක්ෂ නොවෙයි. එසමයෙහි බෝධි සත්වයෝ බරණැස් නුවරින් මහඟි වූ බඩු ගෙන පන්සියයක් ගැල් පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවනැති සාන්තු නායක පුත්‍රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටුවූයේය. බෝධි සත්වයෝ ඉදින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්‍ර තෙමෙ මා හා සමඟ යේනැම් ගැල් දහසක් එක් මග යන්ට පටන්ගත් කල මග නොසෑහෙන්නේය. මනුශ්‍යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය. මොහුවත් මාවත් පළමු කොට යාම කටයුතු යයි සිතා බෝධි සත්වයෝ ඒ අඥාණ වූ සාන්තු නායකයා කැඳවා මෙපවත් කියා අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවෙන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යව්ද?. නොහොත් පස්සෙයි යව්ද යි විචාලෝය. එවේලෙහිම හෙතම මෙසේ සිතී තමා ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්‍යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්‍රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි සිතා හෙතම මම යහළුව පළමු කොට යෙමියි කීහ. බෝධි සත්වයෝත් පස්සෙහි යාමෙහි බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. ඉදිරියෙහි යන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහුකුරා තදව ගිය තණ කති යි මාගේ ගොන් නැවත අට ගත් මිහිරි වු ලා තණ අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අට ගත් මිහිරි වූ ලාතන අනුභව කෙරෙති. පළමු පලා කොල කඩා ගත් තැනින් නැගී දළු පලා මනුශ්‍යන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන පැන් උපදවති. මොහුන් කැනවූ වල වලින් අපි පැන් බොම්හ. පළමු කොට අගය තිබියේනම් මනුශ්‍යයන්ගේ දිවි ගැලවූ වාක් වැන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුබූ අගයෙන් බඩු විකුණම් යැයි ඒ මහා බෝසතානෝ මෙතෙක් අනුහස් දැක යහළුව තෙපි පළමු කොට යව් වයි කීවා හුය.

    එකල්හි නුවණ නැති ශාන්තු නායක යහපත යහළු යැයි කියා ගැල් යොදා ගෙන නික්ම. ක්‍රමයෙන් මනුෂ්‍ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය. හෙතම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පැන් පුරවා සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ගත්තේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මධ්‍යයට පැමිණි කල්හි එහි අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්‍යන් ගෙන යන පැන් දම්මවා පියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හිය උරු පළඟ ආයධ ගත් අත් ඇතිව අමුනුෂ්‍යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා නෙත් පිලි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමුනශ්‍යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය. යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුවදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය. අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැයි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැයි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්‍යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්‍යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැයි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල යයි කීහ.

    පළමු මෙතන දක්වා පැන් ගෙන ආ තොප විසින් කලසේ ඉතා යහපත් වන්නේය. මෙතැන් පටන් තොප ගෙන යන පැනින් ප්‍රයෝජන නැත. ඉදිරියේ බොහෝ පැන් ඇත. පැන් සැලවල් බිඳ පැන් දමා පියා සැපසේ යවයි කීයේය. මෙසේ කියා තොපි යව අපට ලස් වන්නේයැයි කියා මද තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයට ගියේය. ඒ අඥ්ඤාණ වූ ශාන්තු නායකයාද තමා නුවණ නැති බැවින් යක්ෂයාගේ බස් ගෙන සැලවල් බිඳුවා පැන් උලක්කුවක් විවරකුත් නොතිබා සියළු පැන් දම්මවා ගැල් පමණක් පදවාගෙන නික්මුනේය. ඉදිරියේ ස්වල්ප මාත්‍රයකුත් පැන් නොවිය. මනුෂ්‍යයෝ පැන් නොලැබ මිරිකී ගියාහු සවස්වන තුරු ගොස් ගැල් වලල්ලෙහි සිටුවා ගොන් ගැල් සක බැඳ සිටවූය. සරකුන්ට බොන්නටවත් මනුෂ්‍යන්ට බත් පිසන්නටවත් පැනක් නැති විය. පැන් නොළැබ මිරිකී ගියාහු මනුෂ්‍යයෝ ඒ ඒ තැන වැදහෙව නිදන්නට පටන්ගත්තාහුය. රාත්‍රි භාගයෙහි යක්ෂයෝ යක්ෂ පුරයෙන් අවුත් සරක් හා මනුෂ්‍යන් මරා මස් අනුභව කොට ඇට පමණක් තබා ගියාහුය. මෙසේ ඒ නුවණ නැති සාන්තු නායකයා නිසා සියළු සත්වයෝ විනාශයට පැමිණියාහුය. අත් ඇට ආදීය ඒ ඒ අත විසිරි ගියේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබුයේය. මහා බෝධි සත්වයෝද නුවණ නැති ශාන්තු නායකයා යෙල මසක් ඉක්මවා පන්සියක් ගැල්වල බඩු පටවාගෙන නුවරින් නික්ම ක්‍රමයෙන් පැන් නැති අමුනුෂ්‍ය වාසය වූ කාන්තාර මුඛයට පැමිණියෝය. මෙසේ පැමිණියාවූ මහා බෝධි සත්වයෝ එතැන්හිදි මහා සැල වල පැන් පුරවා බොහෝ පැන් ගෙන තමන් කැටිව යන මිනුසුන් කැඳවා කඳවුරු බැඳගෙන උන් තැන බෙර පියවි කරවා මනුෂයන් රැස් කොට මෙසේ කිවුය. මා නොවිචාරා පැන් පතක් විවරකුත් ප්‍රයෝජන නොවිඳුව මේ කතර මඟ විස වෘක්ෂයෝ ඇත. ඒහෙයින් පෙර නොකැ විරු පළාකොලත් මලක් පළා පලයක්ම මා නොවිචාරා නොකවයි. මෙසේ මනුෂ්‍යයන්ට අවවාද කොට බඩු පැටවූ පන්සියයක් ගැල් හා සමග අමුනුෂ්‍යාදිගෘහිත නිරුදක කාන්තාරයට පැමිණියෝය. ඒ මහා බෝ සතානෝ කාන්තාර මධ්‍යයට පැමිණ කල්හි ඒ යක්ෂ තෙම පළමු පරිද්දෙන්ම බෝධි සත්වයන් එන පෙරමග තමා දක්වා සිටියේය. බෝධි සත්වයෝ ඔහු දැකලාම දැනගත්තුය. මේ කාන්තාරයෙහි පැන් නැති හෙයින් නිරුදක කාන්තාර යැයි මේ කාන්තාරයට නමක් වන්නේය. මේ තෙම නිර්භිතය. රත් වූ ඇස් ඇත්තේය. මොහුගේ ඡායාවත් නොපෙනෙන්නේය. ඒකාන්තයෙන්ම මොහු විසින් පළමු කොට බිය නුවණැති සාන්තු නායකයා ඔහුගේ පර්ෂින් සමඟ ගැල් වල පිරවු පැන් දම්මවා කලාන්ත කොට කන ලද්දේ වන්නේය. මා ගේ වූ කලි නුවණැති බව හා උපායෙහි දක්ෂ බව මොහු නොදනිතියි සිතමි සිතා ඉක්බිත්තෙන් ඕ හට මෙසේ කීවුහ. තෙපි හැම දෙන පළා යව්. අපි හැම වෙළඳුන් නම් අනිත් තැනක් නොදැක ඇරගත් පැන් නොදම්හ. පැන් දුටු තැනකදී පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන යම්යැවි කිවුහ. යක්ෂයා මඳ තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයටම ගියේය.

    යක්ෂයා ගිය කල්හි මනුෂ්‍යයෝ බෝධි සත්වයන්ට මෙසේ කිවුහ. මේ සාමිනී මනුෂ්‍යයෝ මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේයැයි කියා ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටිගෙන නෙළුඹල හා නෙළුඹ දැලි කමින් තෙත් පිළි හැඳ තෙත් වූ හිසකේ හැරගෙන ආවාහුය. එසේ හෙයින් අප හැම ගෙන යන පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන වහා පලායම්හයි කිවුහ. බෝධි සත්වයෝ ඒ මිනිස්සුන්ගේ කී බස් අසා ගැල් රඳවලා සියළු මනුෂ්‍යයන් රැස් කොට තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණෙක්වත් ඇතැයි කිසිකෙනෙකුගෙන් ඇසූ විරු ඇද්දැයි විචාලෝය. ස්වාමීනි ඇසූ විරූ නැත. මේ තම නිරුද්දක කාන්තාරය වේද. ඒ මනුෂ්‍යයෝ කිහුය. එකල්හි බෝධි සත්වයෝ කියන්නාහු මේ අප දුටු මනුෂ්‍යයන්ගෙන් සමහර කෙණෙක් නිල් වූ වන රොදින් එපිට වැසි වස්නේ යැයි කියුය. වැසි සුළඟ නම් කෙතෙක් තැන් හමාදැයි විචාලෝය. ස්වාමීනි යොදුනක් පමණ තැන් හමන්නේ වේදැයි කිවුය. කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක් කෙනෙකුගෙන් ඇඟ වැසි සුළගක් වැදගත් දැයි විචාලෝය. නැත ස්වාමීනි කිහ. මේඝ ශර්ස නම් කොපමණකදී පෙනේදැයි විචාලෝය. යොදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි කීයුය. තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසි වලා කුලකුත් දුටුවේ ඇද්දැයි විචාලෝය. නැත ස්වාමීනි කීහ. විදුලියෙන් නම් කෙතැන් පටන් පෙනේදැයි විචාලෝය. සතර පස් යොදුනක් පසන් පෙනෙන්නේ වේද. ස්වාමිනි කිවුහ. තොප ඇම දෙනාගේන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දක්නා ලද්දේදැයි විචාලෝය. නැත ස්වාමීනි. විදුලි ආලෝකයක් නොදුටුම්හයි කීහ. මේඝ දවනිය නම් කොතෙක් තැන් පටන් ඇසේ දැයි විචාලෝය. එක් යොදුනක් මත්තේ පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමිනි කීයුහ. කිමෙක්ද තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් වැසි ඝර්ජනාවක් කරන්නා ඇසූ අුැද්දැයි විචාලෝය. නැත ස්වාමිනි අකුණු ගසන හඬක් නොඇසුම් යැයි කීහ. එකල්හි අප මහ බෝ සතානෝ කියන්නාවු එම්බා පින්වන්ති මොහු මනුෂ්‍යයෝ නොවෙතියි යක්ෂයෝය. මොහු අප හැම ගෙන යන පැන් දම්මවා පියා දුර්වල කොට කම්හයි ආවාහු යක්ෂ කෙණෙක් වෙති. ඉදිරියේ ගිය නුවනැති ශාන්තු නායක පුත්‍රයා උපාය දැක්මෙහි අදක්ෂය. ඒ කාන්තයෙන්ම එතෙම මොහු විසින් පැන් දම්මවා මිරිකා දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබෙන්නේ වේදැයි අපි එම බඩු පිරු ගැල් දැකුම්හ. එසේ හෙයින් පැන් උලක්කුවක් විවරකුත් නොදමා වහවහා ගැල් පදුවයි කියා ගැල් පදවාගෙන නික්මුනාහුය.

    මහා බෝධි සත්වයෝ යමෙන් සිට බඩු පිරුවනින්ම තිබු ගැල් දැක පන්සියයක් ගැල් හා ගොන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබුවා දැක ගැල් මුදවා ගැල් වලල්ලෙන් කඳවුරු බඳවා වේලාසනම මනුෂ්‍යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්‍යයන් මධ්‍යය යේ ගෙරි කැට කොට වැදහොවා තුමු සත්ති සම්පන්න ප්‍රධාන පුරුෂයන් ගැන කඩු ගත් අත් ඇතිව තුන් යම් රාත්‍රියෙහි රැකවල් ගෙන සිටිසේ සිටම අරුණ නැගුය. දෙවන දවස් උදෑසනම සියළු කටයුතු සපයාගෙන ගොන් තණ ආදීය කවා ගෙන මාළු ගැල් දමා තර ගැල් ගෙන මඳ මිඳ ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නංවාගෙන මහා බෝ සතානෝ තමන් වෙළදාම් කරන්නට යන්ට සිතු නෙතටම ගොස් දියුණු තියුණු මිලයෙන් බඩු විකුට සියළු පර්ශත් ගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය. සාස්තෘ වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ කතාව ගෙන හැර දක්වා වදාරා මහා සිටානෙනි මෙසේ පෙර විරුඩ ග්‍රාහය ගත්තෝ මහා විනාසයට පැමිණියෝය. අවිරුඩ ග්‍රාහය ගත්තෝ නුවණැත්තෝ අමුනුෂ්‍යයන් අතින් මිඳි සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොට ගෙන පෙරලා තමන් වසන නෙතට පැමිණියෝ වේදැයි පූර්වාපර සන්ධි ගැලපීම් වශයෙන් අතීත කථාවත් වර්ථමාන කථාවත් වදාරා මත්තෙහි අපණ්ණක ජාතක ධර්ම දේශනාව කොට වදාරණ සේක.

    අපණ්තකං ඨානමේකේ දුතියං ආහු තක්ඛිකා
    ඒත දංඥාය මේ දාවි තංගණේය යදපන්ථකං

    මේ ගාථාව වදාලසේක. මෙහි අපණ්තක පටිපදාව නම් රත්නතත්‍රය සරණ යාම පංචශීලය හා දස සීලය රක්ෂා කිරීමය ප්‍රාතිමෝක්ෂ සංවර ශිලය ඉන්ද්‍රිය සංවර ශීලය ආජිව පාරිශුද්ධි ශීලය ප්‍රත්‍ය සන්ති සීත ශිලය යන සියළුම සිල් පිරිසිදුව සිල් නොකිලිටි කොට රැකීමය. චක්ශුරාධි පංචේන්ද්‍රයන් වසඟ කොට වසන බවය. භෝජනයෙහි පමණ දක්නා බව නිදි වර්ජිත කිරීමය. පංච විද ධ්‍යානය ඉපිද වීමය. විදර්ශනා භාවනා කිරීමය. පංචාභිඥාණ අෂ්ට සමාපත්ති ඉපිදවීමය. ස්ව්ත ආපත්තාදීහු සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ල අපණ්තක පටිපදා නම් වේ. නිර්වාණ ග්‍රාමී වු ප්‍රතිපත්තිය නම් වෙයි. සර්වඥ ශාසනයට අවිරූඩ ප්‍රතිපත්තිය නම් වෙයි. මේ අපණ්තක පටිපදා යන අන්‍ය ලබ්දි ගැන්මය දස අකුසල කර්මයෙහි හැසිරීම නුසුදුසු වූ කාය වාක් සමාදාරියෙහි යෙදීමය. යන මේ සියල්ල වන්නේය. මේ විරුඩ ප්‍රතිපදාව සතර අපායෙහි හා පංච විද නිච කුලයෙහි උපදවා මහා දුක් දෙන්නේය. තවද මේ අවිරූඩ වූ ඒ කාන්ත කාරණ වූ මේ අවිරූඩ ප්‍රතිපත්තියෙහිම සිට සර්වඥයෝ දෘඩ විර්යෙන් පාරමිතාවන් පුරා බෝධි ද්‍රම සමීපයෙහි ඉඳ සම්‍යක් සම්බෝධි ඥාණය සමාධිගමය කරන්නාහුය. පසේ බුදුවරයෝ ඉඳ සම්‍යයක් සම්බෝධි ඥාණය සමාධි ගමය කරන්නාහුය. පසේ බුදු වරයෝ ප්‍රත්‍යොක් බෝධි ඥාණය සමගි ගමනය කෙරෙති. බුද්ධ පුත්‍ර වූ ශ්‍රාවකයෝ ශ්‍රවක පාරමිතා ඥාණය ප්‍රතිවේද කෙරෙති. මෙසේ භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේ ඒ උපාසක වරුන්ට ත්‍රිවිධ කුසල සම්පත්තීන් හා දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් දක්වා කෙලවර මේ අපණ්තක පටිපදාව අර්හත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදාදී ලන්නේයැයි කියා අනේ පිඩු මහා සිටානන්ගේ ප්‍රධෘන කොට ඇති පන්සියයක් උපාසක වරුන්ට මේ අපණ්තක ධර්ම දේශනාව දක්වා මත්තෙහි චතුරාර්ය සත්‍යය සොලොස් ආකාරයකින් ප්‍රකාශ කොට වදාල සේක. මේ චතුස් සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ සියළු පන්සියයක් උපාසක වරු යෙළ දහසක් කෙළසුන් නසා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මේ අපණ්තක ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි අඥ්ඥාණ වූ සාන්තු නායක පුත්‍ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයේය. ඔහුගේ පෂීද නම් මේ දේවදත්ත පර්ෂිද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තු නායකයාගේ පර්ෂිද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තු නායක පුත්‍ර නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජු වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේකි.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    02 වණ්ණුපත ජාතකය
    pc2.gif

    බුදුරජානන් වහන්සේ සැවැත්නුවර වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුලපුත්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදීනව හා ප්‍රවෘජ්‍යාවෙහි අනුසස් අසා මහණව උපසම්පදා පස්වසක් ඇතුළත උභයමාතෘකාව වනපොත්කොට සික්ෂා පද ඉගෙන භාවනා මාර්ගයන් ඉගෙන සර්වඥයන් සමීපයේදී තමන් වහන්සේට අභිප්‍රාය වූ කර්මස්ථානයක් ගෙන උදකලාව වාසය කැමතිව වලට වැද වනයෙහි සැදැහැ ඇති උපාසක වරුන් විසින් කරවා පිළිගන්වන ලද පන්සලක වස් වැස වස් තුන් මස මුළුල්ලෙහි මාර්ග ඵල උපදවන්නට උත්සාහ කරණ සේක් විදර්ශනා ලෝකයක් වේවායි ප්‍රතිභාග නිමිත්තක් වේවායි උපදාව ගත නොහි මෙසේ සිතු සේක. සර්වඥයන් වහන්සේ විසින් පුද්ගලයෝ සතර දෙනෙක් වදාරණ ලද මොහුන් සතර දෙනා අතුරින් මා පද පරම වන්ට කාරණය වන්නේය. මට මේ ආත්ම භාවයෙහි මාර්ගයෙක් වත් ඵලයක් වත් නැතැයි සිතමි. එසේ හෙයින් මේ වනයේ වැස කුමක් කෙරෙම්ද?. සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් රූපාග්‍ර ප්‍රාප්ත වූ බුදුන්ගේ ශරීරය බල බලා මිහිරී වූ බණ අසමින් විසියෙම් වීම් නම් යහපත් වන්නේයැයි සිතා නැවත ජේතවනා රාමයට වැඩි සේක. උන් වහන්සේ දැක සන්ද්‍රාදෘෂ්ට සම්භක්ත භික්ෂූහූ මෙසේ කිවුහ. ඇවැත්නි තෙපි ලොව්තුරා බුදුන්ගෙන් කමටහන් ගෙන මහණ දම් කෙරෙමි ගිවිස දැන් වූ කලී වලින් අවුත් සනසන්ඝනීකා යෙහි ඇලී වාසය කරව. කිමෙක්ද තොපගේ ප්‍රවෘජා කෘත්‍යය මුදුන් පැමිණියේද පුනරුත්පත්තියක් නැතුව අර්හත් ඵල ඥානය ප්‍රතිවේද කලාදැයි කීහ. ඇවැත්නි මම මාර්ගයක් වත් නොලැබම අභව්‍ය පුද්ගලයෙක් විය යුතු යැයි සිතා වීර්යය හැර ආමී සේක. එකල්හි භික්ෂුන් වහන්සේ කියන සේක් ඇවැත්නි දෘඪ වීර්යය ඇති සර්වඥයන් වහන්සේගේ සාසනයෙහි මහණව භාවනා කොට මාර්ගඵල ඉපදවීමෙහි වීර්ය අඩුව තොප විසින් අකාර්යක්ම කරන ලද අපහාස කැටිව එව.

    සර්වඥයන් වහන්සේ සමීපයට යම් හයි කියා ඒ භික්ෂුව කැඳවාගෙන බුදුන් සමීපයට ගිය සේක. සර්වඥයන් වහන්සේ භික්ෂුන් දැක මහණෙනි තෙපි මේ භික්ෂුව නොකැමැති පරිද්දෙන් කැඳවා ගෙන කුමක් පිණිස අවුද. මොහු විසින් කවර අපරාදයක් කරන ලදැයි විචාරා වදාළ සේක. එකල්හි භික්ෂූන් වහන්සේ දක්වන සේක් ස්වාමීනි මේ මහන මෙබඳු නෛර්යාණික ශාසනයෙහි මහණව මහණ දම් කරන්නේ විර්ය ඇර ආයේ යැයි දැක්වූ සේක. එකල්හි සර්වඥයන් වහන්සේ සැබැද මහණ තා විර්ය හලුයෙහි යැයි වදාරා සැබැව ස්වාමීනි දැන් වූ කල්හි කිමෙක්ද මහණ තෝ මෙබඳු ශාසනයෙහි මහණව අල්පේච්ච සේක. සතෘෂ්ට සේක. කුලයෙහි ගෙණෙහි නොඇලෙන සේක. වඩන ලද වීර්ය ඇති සේකැයි මෙසේ තමා ප්‍රසිද්ධ නොකොට මේ මහණ හරණ ලද වීර්ය ඇත්තේයැයි කුමක් පිණිස ප්‍රකාශ කරවූයෙහිද. මහණ තෝ පෙර වීර්ය වත් වූයේ නොවේද. තා එක තැන් වූ කල වීර්ය නිසා මරු කතර පන්සියයක් ගැල්වල ඒ මිනිසුන් හා ගොන් පැන් ලැබ ස්වාසස්ථානයට පැමිණියෝ නොවැද දැන් තෝ කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහි වේදැයි වදාල සේක. එකල්හි ඒ මහණ මෙපමණ බසකින් උපසම්ඵහ ලද්දේ විය. ඒ කතාව අසා භික්ෂූන් වහන්සේ බුදුන්ට යාඤ්ඥා කරණ සේක් ස්වමීනි දැන් මේ භික්ෂූ හූ විසින් වීර්ය හල බව අප ඇමට ප්‍රකාශය. අතීතයෙහි මොහු තනි තැනැත්තවූන්ගේ වීර්ය නිසා මරු කතර ගොන් හා මිනිසුන් පැන් ලැබ ස්වාසස්ථානයට පැමිණි බව භවයෙන් පටිච්ඡන්න හෙයින් අපට ප්‍රකාශය නුඹ වහන්සේගේ සර්වඥතා ඥාණයටම ප්‍රකාශය අපටත් ඒ කාරණය ප්‍රකාශ කොට වදාළ මැනවැයි ආරාධනා කළ සේක. එකල්හි සර්වඥයන් වහන්සේ එසේ වී නම් මහණෙනි අසව් යයි කියා ඒ භික්ෂුන්ට සිහි උපදවා භවාන්තරයෙන් සැඟ උනා වූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

    යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝ සතානෝ සාන්තු නායක කුලයෙහි පිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. මෙසේ වෙළදාම් කොට ඇවිදිනාහු මහා බෝධි සත්වයෝ එක් කලක මරු කතරක පැමිණියාහුය. ඒ වාළුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත්වැලි මිට නොසිටින්නේය. හිරු නැගි වේලෙහි පටන් කිහිරඟිරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යන්ට නොපිළිවන. එසේ හෙයින් ඒ වාළුකා කාන්තාරයෙහි යන්නා වූ සත්වයෝ දර පැන් තෙල් සහල් ආදිය ගැලින් අරගෙන රාත්‍රියෙහි ගොස් අරුණ නැගුණ වේලෙහි ගැල් මුදා ගැල් පට වලල්ලෙහි සිටුවා මුදුනෙහි කොළ මඩු ඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප ඡායාවෙහි ඉඳ දවස් යවා ඉර බැස ගිය කල්හි රාත්‍රි භෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හි ගැල් යොදා ගෙන යන්නාහුය. සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමන් වන්නේය. ගැල් පදවා ගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ගොඩ නියමුවා යැයි නම් ලබන්නට සුදුසු වන්නේය. එසේ හෙයින් තරුසලකුණින් ගැල් සාත්තු පදවාගෙන යන්නේය. අප මහා බෝසතානෝද එකල්හි මේ ක්‍රමයෙන් ඒ මරු කතර යන්නාහු එකුන් සැට යොදුනක් ගොස් දැන් එක රාත්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයි කියහැකි. අවස්ථාවෙහි සවස බත් අනුභව කොට සියළු දර පැන් නිමවා ගැල් යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝ ඉදිරියේ යන ගැල දික් සඟලා පුටුවක් අතුරුවාගෙන ආකාශයෙහි තරු සලකුණු බලමින් ගැල් මෙසේ පදුව මෙසේ පදුවයි කිය කියා වැදහොත් තැනැත්තෝය. බොහෝ කලක් නොනිදු බැවින් නින්දෙන් මිරිකී නිදන්නට පටන් ගත්තාහුය. එකල්හි ගොන් කරකැවි ආපස්සේ නික්මුනා බව නොදන්නාහු ගැල් අඳනාගොන් සකල රාත්‍රියෙහි අවුත් පළමු දවස් ලැගි තැනටම පැමිණියාහුය. සාත්තු නායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද නැකැත් තරු බලා ගැල් රඳව රඳවයි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණු නැංගේය. මනුෂයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිමවා ගියේය. දැන් නටුවෝමෝදැයි කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට සෝක ගෙන උන්නාහුය. එවෙලෙහි අප මහ බෝසතානෝ මා විර්ය ඇරපුවොත් සියල්ලෝම නසිතියි සිතා උදෑසන සිසිල් වේලේම ඇවිදිනා තැනැත්තෝ එක් ඊ තන පඳුරක් දැක මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැයි සිතා උදැල්ලක් ගෙන්වා ගෙන ඒ ඊතන පඳුර තිබු තැන කණින්ට පටන් ගෙන සැට රියනක් පමණ කැණපූය. මෙතෙක් තැන් කැණ නැවතත් පල්ලේ කන්හයි උදුලු එලන්නාවු මනුෂ්‍යන්ගේ උදුලයට ගල තල මත්තේ වැද ගන්නට පටන් ගත් කල්හි ඇම දෙන අවීරියව ගියහ.

    බෝධි සත්වයෝ වනාහී වම් ගල තලින් යට පැන් විය යුතුයයි සිතා ලිඳට බැස ගල තල මත්තෙහි සිට නැමී තමා දියේ යන හඬ පරීක්ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ලිදෙන් ගොඩ නැගී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවුය. දරුව තොප අවීරියව ගියෝත් අප සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහි කුළු ගණනක් එලාපියවයි කියුය. ඒ අසා අතවැසි පුරුෂ මහ බෝසතානන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි කල්හි තෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහි යකුලු ගණනක් එලාපුයේය. එකල්හි ගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූ ජල ප්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල් කඳක් සා දිය කඳක් උඩ පැන නැංගේය. එකල්හි සියළු මනුශ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තිබු ගැල් සක් ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහි ලිඳ සමීපයෙහි දදජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමතිව නල ලද්දා වූ ස්ථානයටම ගියාහුය. ඒ මනුෂ්‍යයෝ තමන් අභිප්‍රාය ස්ථානයෙහිදී බඩු විකුට එකට දෙක හා එකට සතර නියායෙන් දෙදියුණු සතර දියුණු ලාභ ලැබ තමන් පළමු වසන්නා වූ ස්ථානයටම පෙරලා ආවාහ. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නා වූ ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහය. මහබෝසතානෝද ධානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් යම් සේ වෙළදුන් නොකූසිතව මරු කතර ලිං බැඳ පැන් ලද්දාහුද එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණව නුකූසීතව වීර්ය කරන්නා වූ නුවණැති මහණ තෙමේ iාන මෝක්ෂා මාර්ගඵල ආදී වූ ප්‍රභේද ඇති ලය සැනසීම ලබන්නේය. මහණ තෝ පෙර පැන් පමණක් නිසා වීර්ය කොට දැන් මෙබඳු ර්‍නෛයාත්මික සාසනයේ මහණව මාර්ගඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහිදැයි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයි කියන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතු සත්‍යය දර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. සාතෘ වූ බුදුරජානන්වහන්සේ අතීත කතාවත් වර්ථ මාන කථාවත් දෙක එක් කොට අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි නුපසුබට වීර්ය ඇති ගල තල බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්ය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පර්ෂද නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තු නායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    03 සේරිවාණිජ ජාතකය
    pc3.gif


    තවද එක් සමයෙක් හී සකල ගුණ නිදාන වූ තිලෝගුරු බුදු රජානන් වහනසේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වා වදාල සේක.

    ඒ කෙසේද යත්

    ඒ පසු බට වීර්ය ඇති භික්ෂුන් වහන්සේ පළමු පරිද්දෙන්ම අවෂේස භික්ෂූන් වහන්සේ විසින් බුදුන් සමීපයට කැඳවාගෙන අවුත් පෑ කල්හි බුදුහුගේ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට එම්බල තෝ මෙබඳු මාර්ග ඵලදායක ශාසනයෙහි මහණව විර්ය හරණෙහිද. ලක්ෂයක් වටනා ඝන රන් තලියෙන් පිරිහුනා වූ සේරිවාණිජ වෙළෙන්දා මෙන් බොහෝ කාලයක් ශෝක කරන්නේ වේදැයි වදාරා තුෂ්ණිම්භුතව වැඩ උන් සේක. එකල්හි එතැනට රැස් වූ භික්ෂූන් වහන්සේ සකසා හැඳ පෙරව පල භාරයෙන් නැමනා වූ කදැලි වෘක්ෂයක් මෙන් බුදු රජානන් වහන්සේට අභිමුඛව නම් නච බන්ධාඤලීව දොහොත් මුදුනෙහි තබා භක්ති ප්‍රේමාති භාර වනෝත්තම මාංගයෙන් නමස්කාර කොට සිට ඒ අර්ථය ප්‍රකාශ කරන පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළ සේක. එවෙලෙහි බුදුරජානන් වහන්සේ අන්‍යභවයෙන් සැඟවුනාවූ කාරණය ප්‍රකාශ කොට ඉකුත් වත් දක්වා වදාල සේක.

    යට ගිය දවස මෙම කල්පයට පස් වෙනි වූ අප මහා බෝධි සත්වයෝ සේරිව රාජ්‍යයෙහි රංපසිඹු පහිය කරලා කිසිල්ලෙහි ගෙන්වා ගෙන වෙළඳාම් කෙරෙන හෙයින් කච්චපුට වාණිජය නම් ඇති වෙළඳ උපන්නාහ. ඒ වෙළෙඳානෝ සේරිවාණිජ නම් එක් ලෝභි වෙළෙදකු හා සමග නිලවාහිනී නම් වූ ගඟෙන් එතරව අන්ධපුර නම් නුවරට වැද නුවර විථිය බෙදාගෙන තමන්ට පැමිණි වීථියෙහි බඩු විකුණමින් ඇවිදිති. අන්‍යය ලෝභි වෙළඳ තම පැමිණි වීදියෙහි බඩු විකුට ඇවදිනේය. එකල්හි එක් සිටු කුලයක ඇත්තෝ දුප්පත් වූය. සියළු මල් බෑයන් හා දරුවෝත් වස්තුවත් නැසි ගියෝය. එක් මිණිබිරි කුඩා කෙල්ලක් මිත්තනියන් හා සමඟ නොනැසි රඳා ගියාය. ඔවුන් දෙදෙනම අනුන්ට බැල මෙහෙවර කොට ජිවත් වෙති. මොවුන් දෙනොගෙහි පළමු මහ සිටානන් බත් අනුභව කල රන් තලියන් වළං අතුරෙහි තිබි බොහෝ දවසක් ප්‍රයෝජන නොවු හෙයින් මළ ගැසී ගියේය. ඒ තාක් වන තුරු ඔහු දෙදන රන් තලිය බවක් නොදනිති. එකල ඒ ලෝභි වෙළඳා කදා වළුලු ගනුවයි කියමින් ඇවිදිනේ ඒ ගේ දොරට පැමිණියේය. ඒ ගෙයි කුමාරිකාවෝ වෙළදා දැක මුත්තනියන්ට කියන්නේ මෑණියනි මට එක් පළදානවක් ගනුවයි කීව. ඒ අසා මුත්තනියෝ අපි දුක්ඛිත යම්හ. කුමක් දී පළඳනා ගනුමෝදැයි කීයුය. එ වෙලෙහි ඒ කුමාරිකා කියන්නේ අපගේ තලියක් ඇත. ඒ තලියෙන් අපට කිසි ප්‍රයෝජනයකුත් නැත. මේ තලිය දී පියා වළලු ගත මැනවැයි කීහ. මුත්තනියෝ ඒ කුමාරිකාවගේ ඇවිටිලි බලවත් හෙයින් වෙළදා කැඳවා අස්නක හිඳුවා තලිය දී ස්වාමිනි මේ තලිය අරගෙන නුඹගේ නැගනියන්ට නිසි පළඳනාවක් දුන මැනවයි කීයුය. ඒ ලෝභි වෙළඳා තලිය අතින් ගෙන රන් තලියක් වනැයි තලිය පිට ඉඳිකටුවෙන් ඉරක් ඇඳ රන් භව දැන මොවුන්ට කිසිවක් නොදිම මේ තලිය ගෙනයමියි සිතා මේ තලිය කුමක් අගිද. අඩමදටකුත් පමණ මේ තලියට මිළ නැත්තේයැයි කියා බිමට දමා හුනස්නෙන් නැගී ගියේය.

    එක් කෙනෙකුන් වැඳ නික්මුනු විථියට අනෙක් තැනැත්තේ වදින්ට නිසි වන්නේයැයි බෝධිසත්වයෝ ඒ විථියට වැද කදාවළලු ගනුවයි කියමින් එම ගේ දොරට පැමිණියෝය. නැවත ඒ කුමාරිකා තම පළමු පරිද්දෙන්ම මුත්තනියන්ට කියන්නේනේ මෑනියනි මට වළලු අරගෙන දුන මැනවැයි ඇවිටිලි කීව. එකල්හි මුත්තනනියෝ කුමාරිකාවන්ට කියන්නෝ දුවනියනි පළමුව ආ වෙළඳානෝ තමාට දුන් තලිය බිමට දමා ගියෝය. දැන් කුමක් දී ගනිමෝදැයි කිවුය. ඒ අසා කුමාරිකා තෙම කිය්නනේ මෑනියනි ඒ වෙළඳතෙම තද පරුෂ බස් ඇත්තේය. මේ වෙළදානෝ වූ කලි ප්‍රිය වූ දැකුම් ඇත්තෝය. මොලොක් වූ කතා ඇත්තෝය. එසේ හෙයින් මේ තලිය අරගෙනදී මට පළඳනා අරගෙන දුන මැනවැයි වළලු නම් යහපත් වේදැයි කියුය. ඒ කුමාරිකාවගේ බස් අසා මුත්තනියෝ කියන්නෝ එසේ විනම් කැඳවයි කියා වෙළඳානන් කැඳවුහ. ඉක්බිත්තෙන් ගෙට වැදලා උන්නා වූ බෝධි සත්වයන්ට ඒ තලිය දුන්නාහ. බෝධි සත්වයෝ ඒ රන් තලියේ නියාව දැන කියන්නාහු මෑණියනි මේ තලිය අගනා බඩු මා අත නැතැයි කියුහ. ඒඅසා කුමාරිකාවගේ මුත්තනියෝ කියන්නෝ පළමු ආ වෙළදානෝ මේ තලිය අඩමදටකුත් නොපුස්නේ යැයි කියා බිමට දමා ගියෝය. මේ තලිය වූ කලි නුඹගේ කුසලයෙන් ස්වාමීනි රත්රන්ව ගියවනැයි අපි නුඹට මේ තලිය දෙම්හ. අපට යම් තම් දෙයක් දී පියා මේ තලිය ගෙන ගිය මැනවැයි කීයුහ. බෝධිසත්වයෝ එකෙණෙහිම අත තිබු පන්සියයක් කහවනු හා පන්සියයක් අඟනා බඩු දී මිල ඇම මදියි මට මේ පළන්දන්ට ආපසුම්බියත් කහවනු අටකුත් දුන මැනවයි මෙපමණක් ඉල්වා අරගෙන පළා ගියා හුය. මහබෝසතානෝ වහ වහා ගංතෙරට ගොස් ඔරු පදනා තොටියාට කහවනු අටක් දී ඔරුවට පැනනැංගාහුය. ඉක්බිත්තෙන් ඒ ලෝභි වෙළඳා නැවතත් ඒ ගෙට ගොස් පළමු මා බලා පියා ගිය තලිය ගෙනව යන්තම් මිලයක් තොපට දෙමියි කියා කියුය. ඒ අසා කුමාරිකාවගේ මුත්නනියෝ ඕ හට බැණ දොඩා අපගේ ලක්ෂයක් වටනා ගනරන් තලිය අඩමදටකුත් නොමුස්නා කෙලිහිය. තට ස්වාමිදරුවෙකු වැනි වූ එක් ධර්මිෂ්ට වෙළදාන කෙනෙක් අපට දහසක් මිළ දී ඒ තලිය අරගෙන ගියෝ වේදැයි කිවුය. ඒ අසා හෙතම ලක්ෂයක් වටනා ඝණ රන් තලියෙන් පිරිහී ගියෙම් වේදැයි මට වූයේ බලවත් හානියකැයි උපන්නා වූ බලවත් ශෝක ඇතිව සිහිඑලවා ගන්නට අසමර්ථව ඉසංඥව තමා අත තිබූ කහවණුත් බඩුත් ඒ ගෙදරම වගුරුවා හං පෙරවි පිරිහෙලා පළන්දන්ඩ මුගුරක් මෙන් අල්ලාගෙන බෝධිසත්වයන් පසුපස්සේ ලුහුබැඳවාගෙන යන්නේ ගං තෙරට පැමිණ යන්නා වූ බෝධිසත්වයන් දැක එම්බල තොටිය ඔරුව රඳවයි රඳවයි කියා අඬගසා ලීය. ඒ අසා බෝධි සත්වයෝ තොටියාට කියන්නාහු ඔරුව ආපස්සේ කරකවා නොපදුවයි වැලකූය. තමා කි බස් නොගිවිස ඔරුව නොරදා පදනා ඔරුවෙන් යන්නා වූ බෝධිසත්වයන් බල බලා සිටියා වූ ඒ ලෝභි වෙළඳාට බලවත් වූ සෝක උපන්නෝය. ලය උණුව ගියේය. මුඛයෙන් උණු ලේ නැගීය. වැවක පැලි වලල්ලක් මෙන් ලය පැලි ගියේය.

    ඒ ලෝභි වෙළඳා බෝධිසත්වයන් කෙරෙහි ආගාත බැඳ එතනැම ජිවිතක්ෂයට පැමිණියේය. මෙසේ බෝධි සත්වයන් කෙරෙහි දේවදත් ස්ථවිරයන් වහන්සේ පළමුවෙන් වෛර බැඳිම වන්නේය. බෝධි සත්වයෝ ධානාදී වූ පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලව ගියෝය. තිලෝ ගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට වදාරන සේක් යම් සේ පෙර සේරිවාණිජ නම් වෙළඳා ලක්ෂයක් වටනා ඝන රන් තලිය නොලැබ ඒ තලිය ගන්ට වීර්ය නොකොට ඒ තලියෙන් පිරිහි සෝක කරේද පංචස්තාපයට පැමිණියේද එපරිද්දෙන් මහණ තොපි මේ සාසනයෙහි සරහා පිළියල කරන ලද රන් තලියන් වැනි වු ආර්ය මාර්ගයට පසු බට වීරිය ඇති බැවින් නොපැමිණ ඒ මාර්ග ඵලයෙනුත් පිරිහි බොහෝ කලක් සෝක කරන්නාහුය. ඉඳින් තෝ වීර්ය නොහළුවේ වේනම් නුවණ ඇති වෙළඳා නම් රං තලිය ගෙන ප්‍රයොජනය වින්ද කලක් මෙන් මාගේ ශාසනයෙහි නවවිද ලෝකෝත්තර ධර්මය ලබන්නේහි වේදැයි මෙසේ ඒ සර්වඥයන් වහන්සේ නැවතත් ඒ භික්ෂූන් වහ්න්සේට අර්හත් ඵලය කුලු ගන්වමින් ධර්ම දේශනාව දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාලසේක. චතු සත්‍යය ධර්ම දේශනාවේ කෙළවර පසුබට වීරය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. තවද බුදුහු පූර්වාපර සන්ධි ගලපා මේ සේරිවාණිජ ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි අඤ්ඤාණ වෙළදා නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි නුවණ ඇති වෙළදානම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙතැන් සිට 550 ජාතක කතා බලාපොරොත්තු වන්න......​


    550 ජාතකේ හොදයි . ඔයා ඔක මේක අස්සේ රිංගන්නේ නැතුව .. වෙනම THREAD එකක් දාන්න ලස්සනට...;),
    ඔරියගේ Thread එක කන්න එපා :no:අපිට මේක වටිනවා දෙසැම්බර් වෙනකල් ...
    :dull:
     
    Status
    Not open for further replies.