2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    tuzki40.gif
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    රජ මැදුරක ඉපදී සිටියා නම්
    නුඹත් රජෙකි පුතුනේ
    හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරියහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ

    පුංචි පැටික්කන් මග දිග හඬවන
    සිල්ලර රස කැවිලි
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
    යානා පෙනී පෙනී
    අහක බලා ගෙන මග දිග යන විට
    නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ

    ඉඳහිට මොළවන ලිපත් දනී පුත
    කැඳ රස සුණු සහලේ
    දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ
    ඇඳලා කල් ගිය රෙදි වැරලී
    නෑ මට වාවන්නේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ

    පද: ලුෂන් බුලත්සිංහල
    තාල: එච්. එම්. ජයවර්ධන
    නද: මාලිනී බුලත්සිංහල

    දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

    මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන, අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

    වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි.

    මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන් සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ශේනු මචන්z කියහන්කෝ බන්
    මක්කැයි අයියා මම දොඩන්නේ :lol::lol::cool:

    එළකිරියේ ගොඩක් Friend Request යව්වට බ්ලොක් කරන්නැ නේද ? :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කලිං ආවා අයියෙ.. හැමදාම පරක්කු වෙන නිසා :)

    ඒකනම් හොඳයි තමයි. නැත්තම් ඉතින් ඔයාට මුලු වැඩසටහන ම අහන්න වෙන්නෙ නැහැනෙ. වැඩසටහන ඇහැවුවත් ත්‍රේඩ් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව අඩුයිනෙ.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :shocked: අනේ යකෝ...... මම සතියට දවසක් හරි ගියහම, ඈස් වලින්ම දැකලා එන්නේ, මූ දගලන දැගලිල්ල, මේ රේඩියෝ එක වෙනුවෙන්..... දැන් දත් ගලවන වැඩේට වඩා, එතන වෙන්නේ සිංදු රෙපයාර් කරන එක...... :( :growl:

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.