2013 අයවැයෙන් වාහන මිල වැඩ් වෙන්නේ මෙහෙමයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2013 අයවැයෙන් වාහන මිල වැඩ් වෙන්නේ මෙහෙමයි

    vehicle.jpg


    පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බවත්, එමනිසා ගෙන්වූ වාහන 5,000ක් ආපසු පැටවීමට සූදානම් කර ඇති බවත් මීට පෙර ලිපි කිහිපයක් මඟින් අප ඔබට ගෙන ආවා.

    එමෙන්ම වාහන හිමියන් ලංකාවේ ව්‍යාපාර කිරීම නවතා මියන්මාරයට යෑමට සූදානම් වන පුවතකුත් අප ඔබට ගෙන ආවා

    පසුගියදා ඉදිරිපත් කල අය වැයෙන් ගෙනා යෝජනා නිසා රේසින් කාර් වල බදු අඩු වුවද සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන කුඩා වාහන වල කලින් වැඩිවූ මිල තවත් වැඩිවී තිබෙනවා.

    එබැවින් වාහනයක් ගැනීමට සිහින මවමින් අය වැයෙන් බදු අඩුවේ යැයි සිතා සිටි බොහෝ දෙනාගේ එම සිහින බොඳව ගොස් තිබෙනවා.

    රේගු අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට වෑන් රථ වල නිෂ්පාදන බද්ද අයවැයෙන් වැඩි වෙන්නේ 41% සිට 80 % දක්වාය.

    එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන වල නිෂ්පාදන බද්ද 85% හෝ රු. 750,000 යන දෙකෙන් වැඩි අගයක් වී තිබෙනවා. ඒ අනුව කලින් පැවති මිලට වඩා රුපියල් 250,000කින් පමණ එම වාහනයක් නැවත මිල වැඩිවීමක් සිදුවේ.

    ටොන් 5 ට වැඩි ලොරි වල නිෂ්පාදන බද්ද 15%කින් වැඩිවේ.

    දැනට වෙළඳපොලේ ඇති වාහන සඳහා මෙම බද්ද අදාල නොවන අතර අය වැය ඉදිරිපත් කල පසුගිය 8 වෙනිදාගෙන් පසුව ගෙන්වන වාහන සඳහා මෙලෙස මිල වැඩිවේ.

    එබැවින් දැනට කාර් සේල් වල ගොඩගැසී පවතින වාහන මේ නිසා විකුණා ගත හැකි බවයි රජය පවසන්නේ. නමුත් ඒවා විකුණුනායින් පසුව වාහන වෙළඳසැල් වසා දමනවා හැරෙන්නට ඔවුනට විකල්පයක් නොමැති බව බලධාරීන් තේරුම් නොගැනීම කනගාටුදායකය.

    එමෙන්ම අලුතෙන් ගෙන්වන වාහන වල මිල වැඩිවීම ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනෙකු තමන්ගේ දැනට තිබෙන වාහන වැඩි මිලට විකිණීම නිසා පවතින වාහන වලද මිල වැඩිවීමද සිදුවේ.

    මහජන මුදලින් නඩත්තු වන පාලකයන් කෝටි ගනන් වටිනා වාහන තීරු බදු රහිතව ගෙන්වා සුරසැප විඳිමින් ජනතාවට වාහනයක් ගැනීමට ඇති අයිතිය අහුරා දැමීම නිසා ඔවුනට උදේ හවස සාප කිරීම විනා ජනතාවට විකල්පයක් නැතිවී තිබෙනවා.

    මිල ගනන් වැඩිවන ආකාරය ගැන වීඩියෝවක් පහතින්.




    Code:
    Source : gossip9
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අම්මෝ හොඳ වෙලාවට යන්තං රෝද හතරක් අර ගත්තේ....නැත්තං ඉතිං සදා සිහිනයක්:eek:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "එබැවින් දැනට කාර් සේල් වල ගොඩගැසී පවතින වාහන මේ නිසා විකුණා ගත හැකි බවයි රජය පවසන්නේ."

    මළා... :no:
    අර AMW ගෙන්නල ගොඩ ගහල තියන ජහජරා Maruti 800 කියන (හදපු රටෙත් තහනම් කරපු) යකඩ ගොඩවල් ටික ලංකාවේ ඉන්න බත් කන හරකුන්ට වැඩි ගානට විකුණන්න පුළුවන් වෙයි වගේ...

    Facedesk_by_ToSealOurFate.jpg

     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ඇයි බන් මුන් අපිට මෙච්චරටම අරින්න හදන්නේ. අරිනවා අරිනවා ඉවරයක් නැනේ හත්තිලව්වේ
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    RATE DAN WAHANA WADI WELA THIYENNE. API WAGE PUNCHI RATAKATA WAHANA GODAK ONA NAHA. PUBLIC TRANSPORT MEKEN DIYUNU WENAWA


    එල එල එහෙනම් මුලින්ම අමතිලට මන්ත්රීලට බස් එකේ යන්න කියපන්කො ඊට පස්සේ අපි යන්නම්