"වරෙක හිනැහුනා .. වරෙක ලතැවුනා...නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලවුනා..."
කවදාවත් දැකල නැති උනත්... තියල ගිය මතකයන් දිහා බලල අඳුරගත්තු චරිතයක් ගැන නොදන්න ගොඩක් දේවල් අද පැය කීපයකින් දැන ගත්තා..
ඇහැට කඳුලක් .. මුවට සිනාවක් .. ගෙනාවා...
කල්පනා ලෝකයකට අපිව තනිකලා..
වෙලාවකට හිතෙනව තනි මිනිහෙක්ට මෙහෙම හැකියාවක් කොහෙන්ද කියල .. දක්ෂතාවය වැඩිනිසාමද කොහෙද වැඩි කාලයක් ඉන්නැතුවම යන්න ගියෙ...
ලෝකයම තනුවක් කළ ඒ මහා පුරුශයාට දක්වපු උත්තමාචාරයට අපේ ආචාරය...
හැමදාම එන්නෙ නැති උනත්... වැඩසටහනේ මාතෘකාව දැක්ක ගමන් එන්නැතුව ඉන්න බැරි උනා... පළවෙනි විනාඩි 20 අහන්න බැරි උනා... recording එකනම් ඕනෙ...
වැඩසටහනනම් උපරිමෙන්ම කලා..කියන්න වචන නෑ... sasliit එළම කිරි.... රේඩියෝ ටීම් එකටම බොහොම ස්තූතියි..
දවසක් දෙකක් විතරක් නෙමෙ.. අවුරුද්දක් උනත් කතා කරන්න පුලුවන් චරිතයක්... තව එක දවසක් හරි වැඩසටහන කරන්න.. අපේ උපරිම සහයෝගය දෙනවා..
එළකිරි රේඩියෝ එකට ජය...