ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
ජයබිම දකිමි අදිටනින්..
ආ මඟ කෙටියි...
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
තරණය කරමි මඟ සොඳින්..
ආ මඟ කෙටියි...
ගායනය: දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ